ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ නිලධාරීන් තිදෙනෙක්

356

ඇමති ආරක්ෂක අංශයට (MSD) අනුබද්ධිත පොලිස් නිලධාරීන් තිදෙනෙක් ලෝක කුසලානය සඳහා එංගලන්තය හා වේල්සය කරා යන ශ්‍රී ලංකා සංචිතය සමඟ එරටට ගමන් කරන බව වාර්තා වේ. පසුගිය පාස්කු දින ඇති වූ සිදුවීම් මාලාව නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම තීරණය ගෙන ඇති බව ද සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට තවත් කළු පැල්ලමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (2) නිකුත් කරන ලද නවතම එක්දින……

පසුගිය පාස්කු ඉරිදා දින (21) මුළු මහත් ලෝකයාම කම්පා කරමින් දිවයින පුරා කතෝලික සිද්ධස්ථාන කිහිපයකට මෙන්ම හෝටල් කිහිපයකට ද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුනේ 250 දෙනෙකුට අධික ගණනකට දිවි අහිමි කරමින් හා 500 දෙනෙක්ට වඩා රෝහල්ගත කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය බදාදා සඳහන් කර තිබුණේ එංගලන්තයේ හා වේල්ස් හිදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳ ICC ය සමඟ මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ද සාකච්ඡා කර ගත යුතු ආරක්ෂක පියවර ගන්නා බවයි. තරගාවලිය එළඹෙන මැයි 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර කණ්ඩායමේ ආරක්ෂාව උදෙසා පොලිස් ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායම සමඟ යැවීමට නව වැඩ බලන පොලිස්පතිගෙන් අවසර ගෙන ඇතයි වාර්තා වේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතර ආරක්ෂාවක් ඉල්ලා තිබෙනවා, එම නිසා අපි ඇමති ආරක්ෂක අංශයෙන් නිසි අවසර ලබා ගෙන ඔවුන්ගේ දක්ෂතම නිලධාරීන් තිදෙනෙක් කණ්ඩායම සමඟ යැවීමට තීරණය කර තිබෙනවා, ඔවුන් ICCය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට යොදන ආරක්ෂක නිලධාරීන් සමඟ එකට කටයුතු කරමින් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරනු ඇත. මේ අවස්ථාවේ දී අපි කිසිදු අවදානමක් ගත නොහැකි තත්වයකයි සිටින්නේ” ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමා බ්‍රහස්පතින්දා (2) පැවති මාධ්‍ය හමුවක දී පවසා සිටියා.

එංගලන්තය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව වැනි රටවල් විදෙස් සංචාරවලට සහභාගී වන විට ඔවුන්ට ඔවුන්ගේම ආරක්ෂකයින් සේවය සපයන අතර ශ්‍රී ලංකා සත්කාරක රාජ්‍යය විසින් සපයන ආරක්ෂාව ලබා ගැනීම මෙතෙක් පැවති ආරක්ෂක රටාවයි.

සංගක්කාර එසේ මෙසේ නොවන සභාපති ධූරයකට

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයට දායාද කළ විශිෂ්ටතම වමත් පිතිකරුවා ලෙස කුමාර් සංගක්කාර සැලකේ……..

පාස්කු ඉරිදා දින ප්‍රහාරය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මාදුරු ඔය දී පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු කඳවුර ද, දඹුල්ලේ පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු කඳවුර ද අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු විය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ දැඩි ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ සතියේ දී කොළඹ SCC පිටියේ පුහුණු සැසි දෙකක් පවත්වන ලදි.   

ThePapare.Com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ICCය ශ්‍රී ලංකාවට ඉතා හොඳ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන නමුත්, පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් වැඩිපුර ආරක්ෂාවක් ඉල්ලා තිබෙනවා ලෙසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<