ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට තවත් කළු පැල්ලමක්

2212

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (2) නිකුත් කරන ලද නවතම එක්දින හා ටෙස්ට් ජාත්යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලබා ගත් දුර්වලම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය වන 9 වැනි ස්ථානය දක්වා පහතට ඇදී වැටී ඇත.

සංගක්කාර එසේ මෙසේ නොවන සභාපති ධූරයකට

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයට දායාද කළ විශිෂ්ටතම …..

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පෙරමුණේ  පසුවන්නේ ප්‍රසාද ලකුණු 123ක් දිනාගෙන තිබෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වන අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 113ක් දිනාගෙන සිටින ඉන්දීය කණ්ඩායමයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සෑම තරගයක් අවසන් වූ වහාම (ටෙස්ට් තරග නම් තරගාවලිය අවසානයේ දී) ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන කරනු ලබන නමුත් සෑම වසරකම මැයි මස මුල දී ශ්‍රේණිගත කිරීමේ මේ සිදු වන වෙනස සිදුවන්නේ අවසන් වසර 4 තුල ඒ එක කණ්ඩායම් දැක්වූ දස්කම් පමණක් සලකා බලන නිසාවෙනි.

එනම් අද දින නිකුත් වූ ශ්‍රේණිගත කිරීම් සඳහා ඒ ඒ කණ්ඩායම් 2016 වසරේ මැයි මස සිට අද දක්වා සහභාගී වූ තරග සලකා බලයි. එහිදීත් ගෙවී ගිය අවසන් වසරේ (2018 මැයි මස සිට) තරග ප්‍රතිඵල 100%ක් ගණනය සඳහා ලබා ගන්නා අතර 2016 වසරේ සිට 2018 අප්‍රේල් මස අවසානය දක්වා පැවැත්වුණු තරගවල ප්‍රතිඵල 50% ප්‍රමාණයෙන් සලකා බලනු ලැබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්තය (ප්‍රසාද ලකුණු 123), ඉන්දියාව (ප්‍රසාද ලකුණු 121) හා දකුණු අප්‍රිකාව (ප්‍රසාද ලකුණු 115) පළමු ස්ථාන තුනේ රැඳී සිටියි. ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී ඉන්දියාව (ප්‍රසාද ලකුණු 113), නවසීලන්තය (ප්‍රසාද ලකුණු 111) හා දකුණු අප්‍රිකාව (ප්‍රසාද ලකුණු 108) පෙරමුණේ සිටින කණ්ඩායම් ත්‍රිත්වයයි.

එදා මෙදා තුර ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ක්‍රිකට් පිටිය වූ බලපෑම්

පසුගිය 21 වැනි දා නොහොත් පාස්කු ඉරිදා දින …..

2019 වසරේ අප්‍රේල් මස අවසන් වන විට ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටියේ 8 වැනි ස්ථානයේ වන අතර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ රැඳී සිටියේ 6 වැනි ස්ථානයේයි. කෙසේ නමුත් නවතම ශ්‍රේණිගත කිරීම අනුව පසුගිය වසරකට ආසන්න කාලය පුරාවට පරාජය වූ එක්දින තරග ප්‍රමාණය ලබා ගත් ජයග්‍රහණවලට සාපේක්ෂව වැඩි නිසාවෙන් එක්දින ශ්‍රේණිගත කිරීමේ එක් ස්ථානයක් පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. එසේ නමුත් ටෙස්ට් තරග රටාව තුල ලබා ගත් ජයග්‍රහණ නිසා පෙර තිබූ ස්ථානය රැකගැනීමට අමතරව එක් ප්‍රසාද ලකුණක් එකතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

අද (2) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළේ ටෙස්ට් හා එක්දින කණ්ඩායම්වල වාර්ෂිකව නිකුත් කරනු ලබන ශ්‍රේණිගත කිරීම් වල යාවත්කාලීන කිරීමක් වන අතර විස්සයි විස්ස තරග රටාවේ වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීම හෙට (3) නිකුත් කිරීමට නියමිතයි.

නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

ස්ථානය කණ්ඩායම ප්‍රසාද ලකුණු
1 එංගලන්තය 123 (-1)
2 ඉන්දියාව 121 (+1)
3 දකුණු අප්‍රිකාව 115 (+3)
4 නවසීලන්තය 113 (+1)
5 ඕස්ට්‍රේලියාව 109 (+1)
6 පාකිස්තානය 96 (-1)
7 බංග්ලාදේශය 86 (-4)
8 බටහිර ඉන්දීය කොදෙව් 80 (+4)
9 ශ්‍රී ලංකාව 76 (-)
10 ඇෆ්ගනිස්තානය 64 (-1)
11 සිම්බාබ්වේ 54 (+1)
12 අයර්ලන්තය 46 (+3)
13 ස්කොට්ලන්තය 40 (+7)
14 නේපාල් 19 (+4)
15 UAE 10 (-3)
16 PNG 6 (-)

නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම  

ස්ථානය කණ්ඩායම ප්‍රසාද ලකුණු
1 ඉන්දියාව 113 (-3)
2 නවසීලන්තය 111 (+3)
3 දකුණු අප්‍රිකාව 108 (+3)
4 එංගලන්තය 105 (+1)
5 ඕස්ට්‍රේලියාව 98 (-6)
6 ශ්‍රී ලංකාව 94 (+1)
7 පාකිස්තානය 84 (-4)
8 බටහිර ඉන්දීය කොදෙව් 82 (+5)
9 බංග්ලාදේශය 65 (-3)
10 සිම්බාබ්වේ 16 (+3)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<