ThePapare Most Popular Schoolboy Cricketer කිරුළ රාජකීයයේ සදීෂට

2021 ThePapare Most Popular Schoolboy Cricketer | Powered by The Chance Sports

336

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් The Chance Sports ආයතනයේ ද අනුග්‍රාහකත්වය සහිතව පළමු වරට සංවිධානය කරන ලද “2021 ThePapare Most Popular Schoolboy Cricketer” ලෙස කිරුළු පැලඳීමට කොළඹ රාජකීය විද්‍යාලයේ සදීෂ රාජපක්ෂ සමත් වුනා.

රාජකීය විද්‍යාලයේ දක්ෂ මැදපෙළ පිතිකරුවෙකු වන 17 හැවිරිදි සදීෂ 1,034,559ක දැවැන්ත SMS මනාප ප්‍රමාණයක් ලබා ගනිමින් 2021 ThePapare Most Popular Schoolboy Cricketer ලෙස අභිෂේක ලබා ගන්නා විට, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ තුන් ඉරියව් දස්කම් දක්වන ත්‍රිමල්ෂ සිල්වා දෙවැනි ස්ථානය දිනා ගත්තේ SMS මනාප 631,804ක ප්‍රමාණයක් ලබා ගනිමිනි. මෙවර තරග වාරයේ දී කොළඹ ඉසිපතන විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කළ තෙවිඳු දික්වැල්ල SMS මනාප 275,343ක් ලබා ගනිමින් තුන්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

Watch – Sadisha Rajapakse’s 152* vs Trinity College

නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී සදීෂ රාජපක්ෂ විසින් ඉතාමත් ඉහළ මට්ටමේ කැපී පෙනෙන දස්කම් වාර්තා කරන්නට සමත් වූ අතර තරගාවලියේ දෙදින තරගයක දී රාජකීය විද්‍යාලයේ නායක අහන් වික්‍රමසිංහ සමඟ එකතු වෙමින් ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 362ක අගනා වාර්තාගත සබඳතාවයක් දියත් කිරීමට ඔහු සහය වුනේ නොදැවී ලකුණු 152ක් ලබා ගනිමිනුයි.

තවත් ක්‍රිකට් පුවත්:

2021 ThePapare Most Popular Schoolboy Cricketer හි මූලික වටය පසුගිය මැයි 13 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වුනා. ඒ සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරග රටාවේ 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 36න්, එක් පාසලකින් ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් ක්‍රීඩකයින් 108 දෙනෙකු තෝරා ගනු ලැබුවා.

එහි දී මැයි 23 වැනිදා වන විට ThePapare.com වෙබ් අඩවිය හරහා වැඩිම මනාප දිනාගෙන සිටි ක්‍රීඩකයින් 36 දෙනා දෙවැනි වටය හෙවත් SMS මනාප වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඉන් දින කිහිපයක විරාමයකින් පසුව එනම් මැයි 29 වැනිදා සිට ජුනි 18 වැනිදා රාත්‍රි 11.59 දක්වා මෙහි තීරණාත්මක දෙවැනි වටය ක්‍රියාත්මක වුනා.

Watch – Ahan and Sadisha’s record-breaking 362*-run partnership for the 3rd wicket

2021 ThePapare Most Popular Schoolboy Cricketer ලෙස කිරුළු පැලඳී සදීෂ රාජපක්ෂ හට The Chance Sports ආයතනය විසින් වටිනා ත්‍යාග රැසක් ලබා දීමට සූදානම් කර තිබෙන අතර දෙවැනි සහ තුන්වැනි ස්ථාන දිනා ගත් ක්‍රීඩකයින් සඳහා ද The Chance Sports ආයතනය විසින් වටිනා තෑගි වවුචර් ලබා දීමට සූදානමින් සිටිනවා.

දෙවැනි වටය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් 36 දෙනා සඳහා SMS මනාප 2,174,779ක දැවැන්ත ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඒ සඳහා SMS මනාප පළ කොට ඒ ක්‍රීඩකයින් වෙනුවෙන් සහය දැක්වූ ඔබ සැමට ThePapare.com හි ස්තුතිය පුදකරන අතර ජයග්‍රාහී සියලුම ක්‍රීඩකයින්ගේ අනාගත ක්‍රිකට් සිහින සියල්ල යථාර්ථයක් වන්නට ThePapare.com සුබාශිංසන එකතු කරන්නෙමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<