ඕස්ට්‍රේලියාව නැවතත් පරණ පන්දුවට

752

එංගලන්තය විසින් නිෂ්පාදනය කරනු ලබන Dukes (ඩියුක්ස්) පන්දුවක් යටතේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය (Sheffield Shield) ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව එම පන්දුව අත්හැර නැවතත් සාම්ප්‍රදායික කොකබුරා පන්දුව භාවිතා කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

“කඩුලු ත්‍රිත්වයක්” මුලින්ම මෙරටට ගෙනා සොයිසා

2016 වසරේ පැවති Sheffield Shield ක්‍රිකට් තරගාවලිය සඳහා ඩියුක්ස් පන්දුව හඳුන්වා දීමට එරට ක්‍රිකට් බලධාරීන් හට සිදු වූයේ එරට ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තය වැනි රටවල්විල දී පිතිකරුවන් හමුවේ දැක්වූ අසීරුකම් සැලකිල්ලට ගනිමිනි. කෙසේ නමුත් දැන් වසර 4කට ආසන්න කාලයක් තිස්සේ ඔවුන් ඩියුක්ස් පන්දුවෙන් සිය දේශීය ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ අතර මෙවර තරග වාරයේ සිට නැවතත් සාම්ප්‍රදායික කොකබුරා පන්දුවට හුවමාරු වේ.

කොකබුරා පන්දුවට වඩා ඩියුක්ස් පන්දුවේ පැහැදිලිව පෙනෙන මැහුම් ඇති අතර, පන්දුව පරණ වන විට ඩියුක්ස් පන්දුවේ ඇති මැහුම් තවදුරටත් ඉස්මතු කරගැනීමට පන්දු යවන්නට අවස්ථාව ලැබෙනු ඇත. එමඟින් පන්දුවේ දෝලනය වැඩි කරගැනීමට පන්දු යවන්නට විශේෂයෙන් වේගපන්දු යවන්නට වැඩි අවස්ථාවක් ලැබේ.

“ඩියුක්ස් පන්දුව හඳුන්වා දීපු එක ගොඩක් වටිනවා. විශේෂයෙන් එංගලන්තය තුල අළුබඳුන වගේ ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරද්දී අපේ ක්‍රීඩකයින්ට ඒ වාසිය ගොඩක් දැනිලා තියෙනවා. පසුගිය වසර 4තුල අපි ඒ පන්දුව භාවිතා කරලා පැහැදිලි ප්‍රතිඵල ලබාගත්තා කියලා මම හිතනවා” යැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයේ මෙහෙයුම් කමිටු ප්‍රධානී පීටර් රොච් පවසා සිටියේය.

සුපිරි අවසන් තරගයේ තීරණයක් ගැන විලියම්සන්ගෙන් හෙළිදරව්වක්

එංගලන්තය සිය ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ඇතුළු බොහෝමයක් ක්‍රිකට් තරග සඳහා තවමත් ඩියුක්ස් පන්දුව භාවිතා කරන අතර කොකබුරා පන්දුව ලෝකයේ බොහෝ රටවල් ටෙස්ට් ක්‍රිකට් තරග සහ සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා බහුලව භාවිතා කරනු ලැබේ.

2023 දී එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත මීළඟ අළුබඳුන ක්‍රිකට් තරගාවලියට පෙර නැවතත් සිය රටේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ඩියුක්ස් පන්දුව නැවතත් හඳුන්වා දීමට වැඩි ඉඩක් තිබෙන බව ද ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය පවසා සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<