අපරාජිත වාර්තාව තවදුරටත් මහනුවර යටතට

319
Kandy SC vs Air Force SC

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තමන් මුහුණ දුන් පළමු තරගයේ දී ද තම අපරාජිත බව රඳවා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙහි දී ඔවුන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟ තරග වැදුණු අතර උද්වේගකර සටනකින් පසු ලකුණු 52-22ක් ලෙස තරගය පහසුවෙන් ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. තරගය අද (06) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

දෙවැනි අර්ධයේ දී CH පෙරමුණ ගනී

2018/19 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ පළමු සතියේ තරගයක් ලෙස පැවති CH&FC කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය…

අන් සියලු තරගවල දී මෙන්ම මෙම තරගයේ දී ද පසුගිය දා හදිසි අනතුරක් හේතුවෙන් අප අතරින් වෙන්වූ කෝකිල සම්මන්දපෙරුම සිහිකිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්විය.

තරගය ගුවන් හමුදා නායක ගයන්ත ඉද්දමල්ගොඩගේ පා පහරින් ආරම්භ වූ අතර මුල් විනාඩි කිහිපය තුල කණ්ඩායම් දෙකම යම් යම් අත්වැරැදීම් කිහිපයක්ම සිදු වූ නමුත් තරගයේ විනාඩි දෙකක් යාමටත් පෙර මහනුවර ක්‍රීඩකයෝ තමන්ගේ සියලු අත්වැරදීම් නිවැරදි කරගනිමින් තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළහ. මහනුවර වෙනුවෙන්  පළමු උත්සාහක දිනුම මොහොමඩ් අලී විසින් 4 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේය. එහි ප්‍රවර්තනය තිලිණ විජේසිංහ විසින් සාර්ථක කරගත්තේය. (මහනුවර 7-0 ගුවන්)

තරගයේ සම්පූර්ණ අණසක පතුරවාගත් මහනුවර ක්‍රීඩකයෝ තවත් විනාඩි දෙකක් යාමටත් පෙර තම දෙවන උත්සාහක දිනුම ද අනුරුද්ධ විල්වර විසින් 6 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 12-0 ගුවන්)

තම ග්‍රහණය තවත් වැඩිකරමින් 12 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩක විශ්වමිත්‍ර ජයසිංහ තෙවන උත්සාහක දිනුම වාර්තා කළේ ප්‍රතිවාදී ගුවන් හමුදා ක්‍රීඩකයන් 4 දෙනෙක් පමණ මගහැර යමින් ඉතා දර්ශනීය අයුරිනි. එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. (මහනුවර 17-0 ගුවන්)

තම දක්ෂතාවන් මනාව පෙන්වමින් මහනුවර කණ්ඩායමේ නයිජල් රත්වත්තේ විසින් 15 වැනි මිනිත්තුවේ දී තවත් දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 24-0 ගුවන්)

ප්‍රිමේෂ් ධනුෂ්ක අවසන් මිනිත්තුවේ දී CR ආරක්ෂක වළලු සුනුවිසුනු කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ තවත් තරගයක් අද (5) පැවැත්වුණේ CR&FC කණ්ඩායම හා පොලිස් ක්‍රීඩා…

ගුවන් හමුදා ක්‍රීඩකයෝ තවත් අසරණ කරමින් පස්වැනි උත්සාහක දිනුම ද විශ්වමිත්‍ර ජයසිංහ විසින් 20 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේය. එහි ප්‍රවර්තනය පහසුවෙන්ම සාර්ථක කරගත් තිලිණ විජේසිංහ ලකුණු පුවරුව 31ක් දක්වා ඉහළ නැංවිය. (මහනුවර 31-0 ගුවන්)

29 වන මිනිත්තුවේ දී තරගයට අවතීර්ණ වූ ගුවන් හමුදා ක්‍රීඩකයෝ තම පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. එය වාර්තා කළේ අභිශේක් ප්‍රනාන්දු විසිනි. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 31-05 ගුවන්)

ගුවන් හමුදා ක්‍රීඩකයන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් මහනුවර ක්‍රීඩකයෝ තම ග්‍රහණය තවතවත් වැඩි කළ අතර 6 වැනි උත්සාහක දිනුම අනුරුද්ධ විල්වර විසින් වාර්තා කළේය. එය ඔහු මෙම තරගයේ වාර්තා කළ දෙවන උත්සාහක දිනුම විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට  තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 38-05 ගුවන්)

පළමු අර්ධයේ අවසන් විනාඩි කිහිපය තුල තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ ගත් දැඩි උත්සාහය ව්‍යර්ථ කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 38 (6T, 4C) – 05 (1T) ගුවන්  හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකක් යාමටත් පෙර මහනුවර ක්‍රීඩක බුවනෙක උඩන්ගමුව විසින් තවත් උත්සාහක දිනුමක් 42 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේ ප්‍රතිවාදී ආරක්ෂක පෙළ පහසුවෙන්ම බිඳ දමමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක වීමත් සමඟම ලකුණු තත්ත්වය 45ක් දක්වා ඉහල නැංවිනි. (මහනුවර 45-05 ගුවන්)

>> තරගයේ ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න <<

තරගයේ 52 වැනි මිනිත්තුවේ දී නැවතත් සාර්ථක වූ ගුවන් හමුදාව වෙනුවෙන් චාල්ස් ප්‍රවීන් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 45-10 ගුවන් )

මහනුවර ක්‍රීඩකයන්ගේ අඩුපාඩු වලින් උපරිම ප්‍රයෝජන ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩකයන් වෙනුවෙන් තුවත් උත්සාහක දිනුමක් 58 වැනි මිනිත්තුවේ දී තිලිණ සම්පත් විසින් වාර්තා කරන ලදි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගත් ගයන්ත ඉද්දමල්ගොඩ ලකුණු පුවරුව 17ක් දක්වා ඉහළ නැංවිය. (මහනුවර 45-17 ගුවන්)

තරගයේ 69 වැන මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩකයන්ට ලැබුණු අවස්ථාව ගිලිහී ගියේ අවාසනාවන්ත අයුරිනි.

අවසන් මිනිත්තු කිහිපය ඉතාමත් උද්‍යෝගිමත් වූ අතර තරගයේ 79 වැනි මිනිත්තුවේ දී ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ ලහිරු දවුලගල හා තිලිණ විජේසිංහ විසින් මහනුවර වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක වීමත් සමඟ ලකුණු 50 ඉක්මවා යාමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. (මහනුවර 52-17 ගුවන්)

‘ඉවර කරපු නැති වැඩක් තියෙනවා ඉවර කරන්න’ – ෂෝන් විජේසිංහ

මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රවීණ පුහුණුකරුවෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයෙකු ද වූ ෂෝන් විජේසිංහ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය සඳහා ද ශ්‍රී ලංකාවේ…

තම උත්සාහය අත්නොහළ ගුවන් හමුදා ක්‍රීඩකයෝ ඉෂාර මදුශාන් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් තරගය අවසන් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 52-22 ගුවන්)

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 52 (8T, 6C) – 22 (4T, 1C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • මහනුවර ක්‍රීඩා සමාජය – මොහොමඩ් අලී (1T), අනුරුද්ධ විල්වර (2T), විශ්වමිත්‍ර ජයසිංහ (2T), නයිජල් රත්වත්තේ (1T), බුවනෙක උඩන්ගමුව (1T), තිළිණ විජේසිංහ (1T, 6C)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – අභිශේක් ප්‍රනාන්දු (1T), චාල්ස් ප්‍රවීන් (1T), තිළිණ සම්පත් (1T), ඉෂාර මදුශාන් (1T), ගයන්ත ඉද්දමල්ගොඩ (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<