ThePapare ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා සම්මානයට සියල්ල සූදානම්

ThePapare වසරේ ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා

306
ThePapare Most Popular Football Player-of-the-Year-2021

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ශ්‍රී ලාංකීය ක්‍රීඩාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් “2021 ThePapare වසරේ ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා” තෝරන්නට සියල්ල සූදානම් කර අවසන්.

මෙරට ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වූ සුපර් ලීගය නියෝජනය කළ සහ ජාතික ජ්‍යේෂ්ඨ සංචිතය මෙන්ම වයස අවුරුදු 23න් පහළ සංචිත නියෝජනය කරමින් ක්‍රීඩා සමාජය 17කින් ක්‍රීඩකයින් 81 දෙනෙක් ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා සම්මානයට නම් කර තිබෙනවා.

ඔවුන් සියලු දෙනා පහත සඳහන් නිර්ණායකවලින් අවම වශයෙන් එකක් හෝ සපුරා තිබෙන ක්‍රීඩකයින් වනවා.

  • ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු වීම.
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ සංචිතයේ සාමාජිකයෙකු වීම.
  • සුපර් ලීගය හෝ Pre-Season තරගාවලියේ දී අවම වශයෙන් එක් ගෝලයක් වාර්තා කර තිබීම.
  • සුපර් ලීගය හෝ Pre-Season තරගාවලියේ දී අවම වශයෙන් එක් ගෝලයක් සඳහා හෝ සහය (assist) වී තිබීම.
  • සුපර් ලීගය හෝ Pre-Season තරගාවලියේ දී කිසිදු ගෝලයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව ලබා දී නොතිබීම (Clean sheet).

අදියර දෙකකින් පැවැත්වෙන මනාප ප්‍රකාශ කිරීමේ දී පළමු අදියර අන්තර්ජාලය ඔස්සේ ThePapare.com වෙබ් අඩවිය හරහා සිදු කරන අතර එය හෙට (21) මධ්‍යහන 12ට ආරම්භ වී 26 වැනිදා මධ්‍යහන 12 අවසන් වනු ඇත.

දින 5ක් ක්‍රියාත්මක වන පළමු අදියරේ දී වැඩිම මනාප ලබා ගත් ක්‍රීඩකයින් 20 දෙනා SMS මනාප අදියර දක්වා සුදුසුකම් ලබා ගනු ඇත.

SMS මනාප අදියර ජනවාරි 29 වැනිදා මධ්‍යහන 12ට ආරම්භ වී පෙබරවාරි 8 වැනිදා මධ්‍යහන 12ට අවසන් වේ. SMS මනාප වටය දින 10ක් පුරාවට ක්‍රියාත්මක වන අතර ඉන්පසුව “ThePapare වසරේ ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා” කවුරුන් දැයි නිවේදනය කරනු ඇත.

ඔබේ ප්‍රියතම පාපන්දු තරුවට දැන්ම මනාපය ප්‍රකාශ කරන්න.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<