කිංග්ස්වුඩ් පරදවමින් AL – Aqsa අවසන් පූර්ව වටයට

ThePapare පාපන්දු ශූරතාවය 2022

435

පාසල් පාපන්දු පිටිය උණුසුම් කරමින් මේ දිනවල පැවැත්වෙන ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් පූර්ව වටයේ අවසන් අසුන තහවුරු කරගැනීමට කින්නියා AL – Aqsa ක්‍රීඩකයින්ට හැකි වුනා.

කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් පරදවා ජයග්‍රහණය කිරීමට AL – Aqsa ක්‍රීඩකයින් සමත් වුනේ දඬුවම් පහර වටයකින් පසුව වීම විශේෂත්වයක්.

තීරණාත්මක වූ අර්ධ අවසන් පූර්ව තරගයට අවශ්‍ය ආරම්භය ලබා ගත් කිංග්ස්වුඩ් ක්‍රීඩක මොහොමඩ් ෆර්හාන් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනේ තරගයේ 05 වැනි මිනිත්තුවේ දී යි.

එම ගෝලයට පිළිතුරු ලෙස තරගයේ 23 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස් කිරීමට AL – Aqsa ක්‍රීඩක Mohamad Mufas හැකි වූ නමුත් එයින් කෙටි වෙලාවකට පසුව ක්‍රියාත්මක වූ Mohamad Ihshan ගෝලයක් වාර්තා කරමින් නැවතත් කිංග්ස්වුඩ් පෙරමුණට ගෙන ආවා.

තරගයේ 35 වැනි මිනිත්තුවේ දී AL – Aqsa ක්‍රීඩක Mohamad Mufas තවත් ගෝලයක් වාර්තා කරද්දී එයින් මිනිත්තුවකට පසු එනම් තරගයේ 36 වැනි මිනිත්තුවේ දී Mohamed Afnas ගෝලයක් වාර්තා කළේ AL – Aqsa කණ්ඩායමට අවශ්‍ය පරතරය ලබා දෙමිනුයි.

නමුත් පළමු අර්ධය අවසන් වීමට කෙටි වෙලාවක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ කිංග්ස්වුඩ් ක්‍රීඩක Mohamed Farhan තරගයේ 41 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළේ පළමු අර්ධය සමව අවසන් කරමින්.

පළමු අර්ධය : AL – Aqsa විද්‍යාලය 03 – 03 කිංග්ස්වුඩ් විද්‍යාලය

දෙවැනි අර්ධයට අවශ්‍ය වූ ආරම්භය ලබා දෙමින් ගෝලයක් වාර්තා කිරීමට AL – Aqsa ක්‍රීඩක Mohamed Afkar සමත් වුනේ තරගයේ 61 වැනි මිනිත්තුවේ දීයි.

එයට පිළිතුරු ලෙස කිංග්ස්වුඩ් ක්‍රීඩක Amhar Ahamad ගෝලයක් වාර්තා කරද්දී 87 වැනි මිනිත්තුවේ දී නැවතත්‍ ක්‍රියාත්මක වූ Mohamed Mufas සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කළේ සිය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන එමිනුයි.

නමුත් තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී එනම් තරගයේ අවසන් අමතර කාලයේ දී ක්‍රියාත්මක වූ කිංග්ස්වුඩ් ක්‍රීඩක Mohamed Farhan තවත් ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සම කළා.

එම නිසාවෙන් තරගයේ ජය දඬුවම් පහර මගින් තීරණය කිරීමට විනිසුරුවන්ට සිදුවුනා.

දඬුවම් පහර වටයේ දී අවස්ථා හතරක් සාර්ථක කරගැනීමට AL – Aqsa ක්‍රීඩකයින් සමත් වූ අතර කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට සාර්ථක කරගැනීමට හැකි වුනේ ගෝල දෙකක් නිසා තරගයේ ජයග්‍රහණය AL – Aqsa විද්‍යාලයට හිමි වුනා.

අවසන් ගෝල තත්වය : AL – Aqsa විද්‍යාලය 05 – 05 කිංග්ස්වුඩ් විද්‍යාලය

  • AL – Aqsa විද්‍යාලය: Mohamad Mufas 23’,35’ & 87’, Mohamed Afnas 36’, Mohamed Afkar 61’.
  • කිංග්ස්වුඩ් විද්‍යාලය: මොහොමඩ් ෆර්හාන් 05’ & 41’, Mohamad Ihshan 27’, Amhar Ahamad 74’, Hussaindeen Aakif 90+3’

දඬුවම් පහර වටය: AL – Aqsa විද්‍යාලය 04 – 02 කිංග්ස්වුඩ් විද්‍යාලය

  • AL – Aqsa විද්‍යාලය: Mohamad Mufas, KM Kaitheem, Mohamed Afkar, Ihsan Ahamed
  • කිංස්වුඩ් විද්‍යාලය: Mohamad Ihshan, මොහොමඩ් ෆර්හාන්

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කින්නියා AL – Aqsa විද්‍යාලයට හැකි වුනා.

අවසන් පූර්ව වටයේ කාලසටහන,

  • සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පැට්‍රික් විද්‍යාලය – නොවැම්බර් 11
  • AL – Aqsa විද්‍යාලය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය – නොවැම්බර් 13

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සියල්ල සජීව ලෙස ඔබ වෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<