ඉසිපතන සහ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම් පෙරමුණේ

784
Isipathana v Mobitel

ශ්‍රී ලංකාවේ අංක එකේ දුරකතන සේවා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ සවිබලයෙන්, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සංවිධානයෙන් ප්‍රථම වරට පැවැත්වෙන “ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය“ ඊයේ (05) කොළඹ තුරග තරග ක්‍රීඩා පිටියේදි ආරම්භ විය.

2014 වසරේ සිට අක්‍රීයව පවතින කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියේ අඩුව පිරවීමට සමත් වන මෙම තරගාවලිය කාල්ටන් සුපර් සෙවන්ස් ආකාරයටම විවිධ සමාගම් හිමිකාරීත්වය දරණ (Franchise) කණ්ඩායම් සහභාගී වෙමින් ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙම තරගාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වේ.

මෙම තරගාවලියට සමගාමීව පාසල් වයස අවුරුදු 18න් පහල පාසල් සත් සමාජික රග්බි තරගාවලියක් ද පැවැත්වෙන අතර එයට ද සහභාගී වන පාසල් සංඛ්‍යාව 8ක්.

තරගාවලියේ පළමු වටයේ තරග ඊයෙන් (05) ආරම්භ වුනු අතර ප්‍ර‍ථමයෙන්ම ආරම්භ වූයේ පාසල් සත් සමාජික තරගාවලියයි. ප.ව. 01.30ට පමණ ආරම්භ වුනු තරගාවලියේ ඉසිපතන විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය සහ වේස්ල් කුමර විදුහල පැවති එක් තරගයකින් හෝ ජයග්‍ර‍හණ වාර්තා කිරීමට සමත් වු අතර ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සහිරා විද්‍යාලය පැවති සියළු තරග වලින් පරාජයට පත් විය.

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියට ඩයලොග් සවි බලය

ලීග් ශූරයින් වන ඉසිපතන විද්‍යාලීය ක්‍රීඩකයෝ A කාණ්ඩයෙන් තරග වදින අතර ප්‍රසාද ලකුණු 41ක්ට හිමිකම් කියමින් එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත් විය.

ඔවුන් ඊයේ තරග ත්‍රිත්වයකට සහභාගී වුනු අතර ඒ 3ම ජය ගැනීමට සමත් විය. එම කාණ්ඩයේම දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 21ක් ලබා ගනිමින් වෙස්ලි විද්‍යාලයත්, තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 17 ලබා ශාන්ත තෝමස් විද්‍යාලයත්, සිව්වැනි ස්ථානය ඩී. එස්. සේනානායක විද්‍යාලයත් ලබා ගැනීමට සමත් විය.

ඔවුන්ගේ B කාණ්ඩය දෙස බැලීමේදි ප්‍රසාද ලකුණු 70ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ශාන්ත පීතර විද්‍යාලය සමත් විය. එහිදි ඔවුන් පැවති තරග 3ම ජයග්‍රහණය කිරීමට සමත් විය.

දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පිලිවෙලින් ශාන්ත ජෝසප් විද්‍යාලයත් (07), වේල්ස් කුමර විදුහලත් පසුවන අතර සිවුවැනි ස්ථානය සහිරා විද්‍යාලයට හිමිවිය.

කෙසේ නමුත් මෙම කණ්ඩායම් 8 නැවත වරක් අර්ධ අවසන් පූර්ව වටය සදහා අද දිනයේදී ද තරග වදින අතර අවසන් තරග සියල්ල අගෝස්තු මස 12 සහ 13 දිනයන් හිදි පැවැත්වේ.

  • වෙස්ලි විදුහල 12 : 14 ඉසිපතන විද්‍යාලය
  • ශාන්ත තෝමස් විද්‍යාලය 31 : 00 ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • වේල්ස් කුමර විදුහල 00 : 33 ශාන්ත පීතර විද්‍යාලය
  • සහිරා විද්‍යාලය 05 : 19 ශාන්ත ජෝශප් විද්‍යාලය
  • වෙස්ලි විදුහල 34 : 12 ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • ශාන්ත තෝමස් විද්‍යාලය 10 : 19 ඉසිපතන විද්‍යාලය
  • වේල්ස් කුමර විදුහල 12 : 21 ශාන්ත ජෝශප් විද්‍යාලය
  • සහිරා විද්‍යාලය 15 : 29 ශාන්ත පීතර විද්‍යාලය

මින් ඉන්පසුව සන්ධ්‍යා කාලය වෙන්වූයේ සමාගම් අනුග්‍රහකත්ව දරණ කණ්ඩායම් වල තරග සඳහායි.

එය ද කාණ්ඩ දෙකක ක්‍රීඩකයන් අතරේ පැවති අතර මොබිටෙල් ඊගල්ස්, සොෆ්ට්ලොජික් වොරියර්ස්, EZY වුල්ෆ්ස්, කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස්, කේ. බී. එස්. එල්. ඩ්‍රැගන්ස්, එටිසලාට් පැන්තර්ස් යන කණ්ඩායම් පැවති එක් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර අැක්සස් කින්ග්ස් සහ වෝකර්ස් CML වයිපර්ස් යන කණ්ඩායම් එකදු තරගයක් හෝ ජය ගැනීමට අපොහොසත් විය.

තරගාවලියේ ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න

A කාණ්ඩයෙන් තරග වැදුනු මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම පැවති තරග සියල්ල ජය ගනිමින් ප්‍රසාද ලකුණු 35ක් වාර්තා කරමින් එම කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සමත් වූ අතර දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 14 ලබා ගත් සොෆ්ට්ලොජික් වෝරියර්ස් කණ්ඩායමත්, තෙවැනි සහ සිවුවැනි ස්ථාන පිලිවෙලින් කේ. බී. එස්. එල්. ඩ්‍රැගන්ස් සහ අැක්සස් කින්ග්ස් යන කණ්ඩායම් සතුවිය.

ප්‍රභල කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණි EZY වුල්ෆ්ස් කණ්ඩායම B කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සමත් වන්නේ ප්‍රසාද ලකුණු 38ක් ලබා ගනිමිනි.

කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 28 ලබා දෙවැනි ස්ථානයත්, තෙවැනි සහ සිවුවැනි ස්ථාන පිලිවෙලින් එටිසලාට් පැන්තර්ස් සහ වෝකර්ස් CML වයිපර්ස් යන කණ්ඩායම් වලට හිමිවිය.

  • මොබිටෙල් ඊගල්ස් 32 : 12 අැක්සස් කින්ග්ස්
  • කේ. බී. එස්. එල්. ඩ්‍රැගන්ස් 12 : 17 සොෆ්ට්ලොජික් වොරියර්ස්
  • EZY වුල්ෆ්ස් 28 : 12 වෝකර්ස් CML වයිපර්ස්
  • එටිසලාට් පැන්තර්ස් 07 : 40 කාගිල්ස් ග්ලැඩියේටර්ස්
  • මොබිටෙල් ඊගල්ස් 24 : 07 සොෆ්ට්ලොජික් වොරියර්ස්
  • කේ. බී. එස්. එල්. ඩ්‍රැගන්ස් 21 : 17 අැක්සස් කින්ග්ස්
  • EZY වුල්ෆ්ස් 19 : 14 කාගිල්ස් ග්ලැඩියේටර්ස්
  • එටිසලාට් පැන්තර්ස් 17 : 12 වෝකර්ස් CML වයිපර්ස්
  • මොබිටෙල් ඊගල්ස් 19 : 21 කේ. බී. එස්. එල්. ඩ්‍රැගන්ස්
  • සොෆ්ට්ලොජික් වොරියර්ස් 31 : 07 අැක්සස් කින්ග්ස්
  • EZY වුල්ෆ්ස් 24 : 07 එටිසලාට් පැන්තර්ස්
  • කාගිල්ස් ග්ලැඩියේටර්ස් 35 : 14 වෝකර්ස් CML වයිපර්ස්

පළමු දිනයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් 8 කුසලාන (Cup), පළඟ (Plate) සහ පළිහ (Shield) ශූරතා සඳහා වර්ගීකරණය කෙරෙනු ලබන අතර එම තරග ප්‍රතිඵල අනුව ප්‍රසාද ලකුණු පිරිනැමේ.

දෙවන අදියර සඳහා කණ්ඩායම් කාණ්ඩ ගත කෙරෙන්නේ පළමු වටයේ ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුවයි.

දෙවන වටයේ තරගත් පළමු වටයේ තරග පැවැත්වෙන ආකාරයටම ක්‍රියාත්මක වීමෙන් පසු අදියර දෙකේම ප්‍රසාද ලකුණු එකතුව අනුව ඉහලින්ම සිටින කණ්ඩායම ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි ශූරයන් ලෙස අභිෂේක ලබනු ඇත.

තරගයේ ශූරයින් ගැන මෙතෙක් පුරෝකථනයන් සිදු කල නොහැකි අතර කුසලාන ශූරතාවයේ අර්ධ අවසන් පූර්ව වටයන් හි තරග අද දිනයේදි පැවැත්වේ.

Scores so far – Day 1

TimeTeam 1Score 1Score 2Team 2
1.20 pmWesley College1214Isipathana College
1.40 pmS.Thomas' College3100D.S. Senanayake College
2.00 pmPrince Of Wales' College0033St. Peter's College
2.20 pmZahira College0519St. Joseph's College
2.40 pmWesley College3412D.S. Senanayake College
3.00 pmS.Thomas' College1019Isipathana College
3.20 pmPrince Of Wales' College1221St. Joseph's College
3.40 pmZahira College1529St. Peter's College
4.10 pmSL Telecom Mobitel Eagles3212Access Kings
4.30 pmKBSL Dragons1217Softlogic Warriors
4.50 pmEZY Wolves2812Walkers CML Vipers
5.10 pmEtisalat Panthers0740Cargills Gladiators
5.30 pmWesley College1914S.Thomas' College
5.50 pmD.S. Senanayake College0028Isipathana College
6.20 pmSL Telecom Mobitel Eagles2407Softlogic Warriors
6.40pmKBSL Dragons2117Access Kings
7.00 pmEZY Wolves1914Cargills Gladiators
7.20 pmEtisalat Panthers1712Walkers CML Vipers
7.50 pmPrince Of Wales' College1205Zahira College
8.10 pmSt. Joseph's College0526St. Peter's College
8.40 pmSL Telecom Mobitel Eagles1921KBSL Dragons
9.00 pmSoftlogic Warriors3107Access Kings
9.20 pmEZY Wolves2407Etisalat Panthers
9.40 pmCargills Gladiators3514Walkers CML Vipers

Schedule / Fixtures – Day 2 – August 6th

TimeMatchTeam 1Score 1Score 2Team 2
1.40 pmSchool Q/F-3Wesley College1914Prince Of Wales College
2.00 pmSchool Q/F-4D S Senanayake College1240St. Peter's College
2.20 pmClub Q/F-1Mobitel Eagles2207Walkers CML Vipers
1.00 pmSchool Q/F-1Isipathana College2414Zahira College
1.20 pmSchool Q/F-2S Thomas' College0524St. Joseph's College
2.40 pmClub Q/F-2KBSL Dragons1036Cargills Gladiators
3.00 pmClub Q/F-3Softlogic Warriors2914Etisalat Panthers
3.20 pmClub Q/F-4Access Kings1226EZY Wolves
3.40 pmSchools Shield/Bowl Semi Final-1Zahira College1712S.Thomas' College
4.00 pmSchools Shield/Bowl Semi Final-2Prince of Wales' College1017DS Senanayake College
4.30 pmClub Shield/Bowl Semi Final-1Walkers CML Vipers1721KBSL Dragons
4.50 pmClub Shield/Bowl Semi Final-2Etisalat Panthers4014Access Kings
5.10 pmSchools Cup/Plate Semi Final-1Isipathana College1922St. Joseph's College
5.30 pmSchools Cup/Plate Semi Final-2Wesley College1224St. Peter's College
5.50 pmClub Cup/Plate Semi Final-1Mobitel Eagles1412Cargills Gladiators
6.10 pmCup Cup/Plate Semi Final-2Softlogic Warriors1907EZY Wolves
6.40 pmSchools Shield FinalS.Thomas' College3105Prince of Wales' College
7.00 pmSchools Bowl FinalZahira College2405DS Senanayake College
7.30 pmClub Shield FinalWalkers CML Vipers2707Access Kings
7.50 pmClub Bowl FinalEtisalat Panthers2126KBSL Dragons
8.10 pmSchools Plate FinalIsipathana College2900Wesley College
8.30 pmClub Plate FinalCargills Gladiators2807EZY Wolves
9.00 pmSchool Cup FinalSt.Joseph's College1231St. Peter's College
9.30 pmClub Cup FinalMobitel Eagles2114Softlogic Warriors

සියළු තරග ThePapare.com මඟින් සජීවීව විකාශනය කෙරේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට