Mohamed Aakibගේ ගෝල ද්විත්වය Colombo FC දිනවයි

City League President’s Cup 2023

198
Colombo winners for the 4th time in 5 finals - City League President Cup 2023

දෙවැනි අර්ධයේ ලබා ගත් අගනා ගෝල ද්විත්වය නිසා මාලිගාවත්ත යූත් කණ්ඩායම පරාජය කරමින් 2023 City League සභාපති කුසලානය ජයග්‍රහණය කිරීමට  Colombo FC ක්‍රීඩකයින් සමත් වුනා. 

තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකම ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර මාලිගාවත්ත කණ්ඩායමට පළමු අර්ධයේ ගෝල වාර්තා කිරීමට හිමි වූ නිදහස් පහර අවස්ථා කිහිපයක්ම මග හැරී ගියා. 

ප්‍රබල Colombo FC ද එම අර්ධයේ ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූවත් එම අර්ධයේ ද කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වූ නිසා පළමු අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි 

දෙවැනි අර්ධය ආරම්භයේම Colombo ක්‍රීඩකයින් ගෝලයක් ලබා ගැනීමට ඉතා ආසන්නයට පැමිණියාත් එය සාර්ථකව නතර කිරීමට ප්‍රතිවාදී කණ්ඩායමට හැකියාව ලැබුණා.  

නමුත් 51 වැනි මිනිත්තුවේ දී චරිත රත්නායක ලබා දුන් අගනා පන්දුවක් පහසුවෙන් හිසින් ගෝලයට එල්ල කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට මොහොමඩ් ආකීබ් සමත් වුනා.  

ප්‍රතිවාදීන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් නැවතත් ක්‍රියාත්මක වූ ආකීබ් 64 වැනි මිනිත්තුවේ දී තවත් කැපී පෙනෙන ගෝලයක් වාර්තා කරමින් තරගයේ වැඩි ආධිපත්‍ය සිය කණ්ඩායමට ගෙන ආවා.  

එම ගෝලයෙන් පසු අත්දැකීම් බහුල කොළඹ කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයින් පසු කිරීමට මාලිගාවත්ත ක්‍රීඩකයින්ට නොහැකි වූ අතර ඒ නිසා තරගයේ ජයග්‍රහණය ගෝල 2-0ක් ලෙස තහවුරු කර ගැනීමට ප්‍රබල Colombo FC ක්‍රීඩකයින්ට හැකි වුනා. 

තරගයේ අවසන් ලකුණු තත්වය: Colombo FC 2 – 0 මාලිගාවත්ත යූත් 

ගෝල රැස් කළ ක්‍රීඩකයින්, 

  • Colombo FC – මොහොමඩ් ආකීබ් 51’ & 64’  

තරගාවලියේ කුසලාන බෙදී ගිය ආකාරය,  

  • අවසන් තරගයේ වීරයා – මොහොමඩ් ආකීබ් (Colombo FC) 
  • තරගාවලියේ හොඳම ගෝල රකින්නා – මොහොමඩ් ඉම්රාන් (Colombo FC) 
  • තරගාවලියේ හොඳම ආරක්ෂක ක්‍රීඩකයා – මොහොමඩ් ෆාසිල් (මාලිගාවත්ත) 
  • තරගාවලියේ හොඳම මැදපෙළ ක්‍රීඩකයා – අහමඩ් ශශ්නි (Colombo FC) 
  • තරගාවලියේ හොඳම ප්‍රහාරකයා – මොහොමඩ් ආකීබ් (Colombo FC)  
  • තරගාවලියේ වීරයා – මොහොමඩ් ෂර්ෆාන් (මාලිගාවත්ත) 

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<