පාකිස්තාන ඉදිරි තරග සංචාරයකටත් කොරෝනා හරස් වෙයි

62

එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරයත් දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. ඒ මේ දිනවල වේගයෙන් පැතිර යන COVID-19 වසංගත තත්වය නිසාවෙනි. 

වසර පහක් ක්‍රීඩා කළ කණ්ඩායමෙන් ක්‍රිස් ගේල් එළියට

2013 වසරේ සිට 2016 වසර දක්වා සහ 2019 වසරේ දී ‘ජැමෙයිකා ටලාවස්’….

ජාත්‍යන්තර එක්දින තරග තුනක් පැවැත්වීමට සැලසුම් කර තිබූ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරය ජූලි මස 04, 07 සහ 09 යන තෙදින පුරාවට ඇම්ස්ටෙල්වීන් හිදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබුනි. 

කෙසේ නමුත් මෙම තරගාවලිය පිළිබඳව දෙරටේ ක්‍රිකට් බලධාරීන් හට කිසිඳු විකල්පයක් හෝ බැලීමට අවස්ථාවක් උදාවී නොමැත්තේ ලන්දේසි රජය විසින් 2020 සැප්තැම්බර් මස 01 වනදා දක්වා ක්‍රීඩා හෝ කිසිඳු පොදු ඉසව්වක් හෝ උත්සවයක් පැවැත්වීම තහනම් කර තිබෙන බැවිනි. නෙදර්ලන්තය මෙම COVID-19 වසංගත තත්වය නිසා දැඩි ලෙස පීඩනයකට හසුව ඇති අතර ඔවුන්ගේ රට තුළ මේ වන විට COVID-19 වෛරසය ශරීර ගත වූ පුද්ගලයින් 35,000කට අධික ප්‍රමාණයක් හමුවී ඇත. එසේම තවත් 4,000කට වැඩි පිරිසකට මේ වන විට මෙම වසංගත තත්වය නිසා දිවි අහිමි වී තිබේ. 

“අපේ පාකිස්තානු ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූලි මාසයේ දී සැලසුම් කර තිබූ නෙදර්ලන්ත තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට අපිට සිදුවෙලා තිබෙන බව කණාගාටුවෙන් වුවත් අපි කියන්න ඕනේ. මේ පැතිර යන වසංගත තත්වයත් එක්ක අපිට දැන් ගන්න තියෙන හොඳම සහ මානුෂීයම තීරණය තමයි මේක.” යැයි පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් මහතා පාකිස්තානු ක්‍රිකට් ආයතනය හරහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය. 

තරග පාවා දුන් ක්‍රීඩකයාට නිදහසට කරුණු කියන්න දිනයක්

පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ උමර් අක්මාල් තරග….

“නෙදර්ලන්තය මේ වසංගත තත්වය නිසා දැඩි ලෙස අපහසුතාවයට සහ අසරණභාවයට පත්වෙලා තිබෙන්නේ. ජීවිත අහිමි වූ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ශෝකය පුදකර සිටිනවා. වෙනත් ඕනෑම රටක් මෙන්ම පාකිස්තානු ක්‍රිකට් ආයතනය ද නෙදර්ලන්තය සමඟ ස්ථිරව සිටින අතර ඔවුන්ට මෙම අර්බුදය ඉතාමත් ඉක්මණින් ජය ගැනීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වසංගත තත්වය එරට සහ ලෝක මට්ටමින් පාලනය වූ වහාම මේ කල් දැමුනු ක්‍රිකට් තරගාවලිය සඳහා සිය කණ්ඩායම එරටට පැමිණීමට ඉතාමත් ලොකු ආසාවකින් සිටිනවා.” යැයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන  ඛාන් මහතා පවසා ඇත. 

“අපට මෙම ගිම්හානයේ දී නෙදර්ලන්තය තුළ කිසිඳු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට නොහැකි වීම අතිශයින්ම කණගාටුවට කරුණක්. කෙසේ වෙතත් ක්‍රීඩකයන්ගේ, කාර්ය මණ්ඩලයේ සහ රසිකයන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාවට අපි අපගේ ප්‍රධාන ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ කොහොම වුනත් මේ වන විට ලන්දේසි රජය මේ පොදු උත්සව, පොදු ඉසව් ඔක්කොම සැප්තැම්බර් 01 වනදා දක්වා දැනට තහනම් කරලා තියෙන්නේ.” නෙදර්ලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති බෙටී ටිමර් මහතා මේ තරගාවලිය කල් දැමීම පිළිබඳව සිය මතය පළ කළේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<