ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ලකුණු ලබා දෙන්නේ මෙහෙමයි

390

ලබන වසරේ සිට ආරම්භ වන ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ එක් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට උපරිම වශයෙන් ලකුණු 120ක් ලබා දෙන ලෙස ප්‍රසාද ලකුණු ලබා දීමේ යම් පටිපාටියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් වී ඇත.

ICC සාමාජිකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 75 වන කමිටු රැස්වීම ජූලි මස 2 වැනිදා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී පැවැත්වුණු අතර…..

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී පසුගිය දා පැවැත්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වාර්ෂික මහ සභා රැස්වීමේ දී මේ ප්‍රසාද ලකුණු ලබා දෙන ආකාරය හා මෙම ලකුණු ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර අවසානයේ එය සම්මත වී ඇති බවයි වාර්තා වන්නේ.

වසර දෙකකට වතාවක් පැවැත්වෙන මේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ ලකුණු ලබා දීම සිදු කරනු ලබන්නේ ඒ අදාළ තරගාවලිය අවසන් වුවාට පසුව ද නොමැති නම් ඒ තරගාවලියේ එක් තරගයක් අවසන් වූවාට පසුව ද යන්නත් දැඩි අවධානයකට ලක්කරමින් කතාබහට ලක්ව ඇත.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් තරග 1-0ක් ලෙස අවසන් වුවහොත් තරගාවලිය ජය ගත් කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසාද ලකුණු  60ක් ලැබෙන අතර ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකටම ලකුණු 20 බැගින් (තරගාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායමට ලකුණු 60+20=80) ලැබෙන ලෙස ඒ අදාළ ලකුණු ලබා දීමේ ක්‍රමවේදය නිර්මාණය වී ඇත.

වීසා හරස් වී හතුරුගේ සැලසුම් කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ටෙස්ට් ක්‍රිකට් තරග 3කින් සමන්විත කොදෙව්…..

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලිය වැනි ටෙස්ට් ක්‍රිකට් තරග 5ක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක එක් තරගයක් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට ලකුණු 24ක් (120/5) ලැබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත ඉදිරිපත් වූ ලකුණු ලබා දීමේ ක්‍රමවේදය පහත පරිදි වේ.

  එක් තරගයකට ලබාදෙන ලකුණු ප්‍රමාණය
තරගාවලියේ තරග ප්‍රමාණය ජය ජය පරාජයෙන් තොර සමවීම් පරාජය
2 60 20 30 0
3 40 13.3 20 0
4 30 10 15 0
5 24 8 12 0
තරගාවලියකට ලබාදෙන    120
මුළු ලකුණු ප්‍රමාණය        

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<