වීසා හරස් වී හතුරුගේ සැලසුම් කල්යයි

2064

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ටෙස්ට් ක්‍රිකට් තරග 3කින් සමන්විත කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වූවාට පසුව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇති පහසුකම් හා එහි ඇති සූදානම නිරීක්ෂණය කිරීම සඳහා එංගලන්තය බලා යෑමට සැලසුම් කර තිබුනත් ඒ සඳහා අවශ්‍ය වීසා බලපත්‍ර නොලැබීම නිසා එහි යාමට හතුරුසිංහ මහතාට අවස්ථාව ලැබී නැත.

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ නායකත්වයත් ලක්මාල්ට?

එළඹෙන 12 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු..

2019 වසරේ මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික වටයේ තරග රැසක්ම උතුරු එංගලන්තය ආශ්‍රිතව පැවැත්වේ.

එසේම ලෝක කුසලානයට සති තුනකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටව ගොස් එහි ඇති ප්‍රාන්ත ක්‍රීඩාංගණවල පුහුණු  සැසි කිහිපයක් පැවැත්වීමට සැලසුම් සකස් කර තිබුනත් එම කාලය තුල එම ක්‍රීඩාංගණ කාර්‍යබහුල නිසා හතුරුසිංහ මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එරට පාසල් කිහිපයක පුහුණු පහසුකම් ලබා ගැනීමට සැලසුම් කර තිබේ. හතුරුසිංහ මහතා එංගලන්තය බලා පිටව යාමට සූදානම්ව ඇත්තේ ඒ අවශ්‍ය පහසුකම් නිරීක්ෂණය කිරීමට වුවත් ඒ සඳහා වීසා නොලැබීමේ ගැටලුව නිසා පෙර සැලසුම් කළ සැලසුම් සියල්ලම අඩපණ වී ගොස් ඇත.

එම නිරීක්ෂණ සංචාරය අවසන් වූවාට පසුව හතුරුසිංහ ජූලි මස 5 වැනිදා නැවතත් දිවයිනට පැමිණීමට අපේක්ෂා කර තිබුණි. නමුත් එංගලන්ත සංචාරය පෙර සැලසුම් කළ පරිදි සාර්ථක නොවීම නිසා ඒ මහතා සිය පවුල් ජීවිතය ගත කරනු ලබන ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇතැයි වාර්තා වේ.

චන්දිමාල් දඩකද්දී, ලක්මාල්ගේ ලක් එකට කුසල්ලා වැඩ පෙන්වූ කොදෙව් සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කැරිබියන් දූපත්වල සංචාරයක් ලැබෙන්නේ 2008 වසර පසුවයි…

වාර්තා වන පරිදි දකුණු අප්‍රිකානු තරග සංචාරය අවසන් වූ වහාම හතුරුසිංහ මහතා නැවතත් එංගලන්තයට ගොස් එම පහසුකම් පිළිබඳව නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත.

එසේම දෙවන ටෙස්ට් තරගය අතරතුර පන්දු රැකීමට පිටියට නොපැමිණීමේ වරද ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහ හා නායක චන්දිමාල් විසින් පිළිගන්නා ලදි. එම වරද ICC විනය නීති සංග්‍රහයේ තෙවැනි මට්ටමේ වරදක් බැවින් ඔවුන් තිදෙනා හටම අවම වශයෙන් ටෙස්ට් තරග දෙකක තරග තහනමක් ලබා දෙනු ඇත. එම දඬුවමේ ප්‍රමාණය පිළිබඳ අවසන් තීන්දුව ලබන 10 වැනිදා ICC විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජූලි මස 12 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<