“කාන්තාරයේ කුණාටුව” සචින්ගේ හොඳම ඉනිමයි – රසිකයින් තෝරයි

69
Sachin Tendulkar

1998 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 143ක සුපිරි ඉනිම සචින් ටෙන්ඩුල්කාර්ගේ හොඳම එක්දින ඉනිම ලෙස ප්‍රේක්ෂකයින් විසින් තෝරාගෙන තිබෙනවා. ඒ ටෙන්ඩුල්කාර්ගේ 47 වැනි ජන්ම දිනය වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සකසා තිබූ ඡන්ද විමසීමකින් පසුවයි.

දෝනි ආයේ සෙල්ලම් කරන එකක් නැහැ

ඉන්දීය කණ්ඩායම ප්‍රවීණ දඟපන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං

හතරේ පහර නවයකින් හා හයේ පහර පහකින් වර්ණවත් වුණු ටෙන්ඩුල්කාර්ගේ එම ඉනිමට “Desert Storm”, කාන්තාරයේ සුළි සුළඟ ලෙස නම් පටබැඳුණේ ඉන්දියාව සාජා හි කළ ලකුණු හඹා යෑමට වැලි කුණාටුවකින් බාධා එල්ල වුණු නිසයි. ටෙන්ඩුල්කාර් ෂේන් වෝන්, ඩේමියන් ෆ්ලෙමින් Michael Kasprowicz වැනි ක්‍රීඩකයින් හමුවේ සිත් සේ ලකුණු රැස් කළ නමුත් අවාසනාවන්ත ලෙස ඉන්දියාව එම තරගය පරාජය වුනා.

ඡන්ද සටනේ දී ටෙන්ඩුල්කාර්ගේ එම ඉනිමත් සමඟ කරට කර සටන් කළේ, ඔහු 2003 වසරේ ලෝක කුසලානයේ දී පකිස්තානයට එරෙහිව රැස් කළ ජයග්‍රාහි ලකුණු 98ක ඉනිමයි. අවසන් මොහොත දක්වා එම ඉනිම් දෙක අතර තියුණු සටහනක් පැවතුණු බව ICC විසින් ප්‍රතිඵල නිකුත් කරමින් පවසා තිබුණා.

ටෙස්ට් තරග 200ක් ක්‍රීඩා කර ඇති ටෙන්ඩුල්කාර් ඉන්දියාව බිහි කළ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයායි. ඔහු සිය උපන්දිනයේ දී ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ COVID-19 වයිරසයේ අවදානම පහව යනතුරු නිවෙස්වලට වී සිටින ලෙසයි. 

“ඔවුන් මාව දිරිමත් කළා, ඔවුන් මා වෙනුවෙන් යාච්ඤා කළා, ඔවුන් මොනවා වෙනුවෙන් ද යාච්ඤා කළේ, ඔවුන් යාච්ඤා කළේ සචින් නොදැවී කඩුල්ලේ සිටිය යුතුයි කියායි” ටෙන්ඩුල්කාර් ස්ටාර් ස්පෝර්ට්ස් වෙත පවසා සිටියා. “මම ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ  ඔවුන්ට නිවසටම වී සිටින්නට් ලැබේවා කියායි. ඔවුනුත් කඩුල්ලේ සිටින්නට ඕනේ, ඒ කියන්නේ ඔවුන් ගෙදරටම වෙලා ආරක්ෂා සහිතව හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නට ඕනේ.”

පාකිස්තානු සුපිරි තාරකාව විශ්‍රාම යයි

පාකිස්තානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් වන

මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ටෙන්ඩුල්කාර් 2008 වසරේ චෙන්නායි හිදී එංගලන්තයට එරෙහිව වාර්තා කළ ශතකය විකාශය කරන්නට කටයුතු කර තිබුණා. ටෙන්ඩුල්කාර් දෙවන ඉනිමේ දී ලකුණු 103ක් වාර්තා කළේ ඉන්දියාව කඩුලු 6ක ජයග්‍රහණයකට රැගෙන යමින්. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සවුරව් ගංගුලි සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ටෙන්ඩුල්කාර්ට සුභපැතුම් එකතු කර තිබුණා.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසා තිබුණේ, “ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නට ගොඩක් දෙනෙක්ව පොළඹවා ගත් ඔහුට සුබ පැතුම්” ලෙසයි. දකුණත් පිතිකරු ටෙන්ඩුල්කාර් සිය මංගල ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළේ 1989 වසරේ යාන්තමින් වයස අවුරුදු 16ක් වන විටයි. එතැන් පටන් ලොව පුරා පිතිකරණ වාර්තා සියල්ල බිඳ දැමූ ඔහු 2013 වසරේ දී ක්‍රීඩාවට සමු දුන්නා.

ජාත්‍යන්තර ශතක 100ක් වාර්තා කරගෙන ඇති ලොව එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඔහු ආකෘති තුන පුරා ජාත්‍යන්තර ලකුණු 34,357ක් තමන් සතු කරගෙන තිබෙනවා

ඡායාරූපය – www.icc-cricket.com

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<