දෝනි ආයේ සෙල්ලම් කරන එකක් නැහැ

64

ඉන්දීය කණ්ඩායම ප්‍රවීණ දඟපන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං කියා සිටියේ මහේන්ද්‍ර සිං දෝනි නැවත ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇතැයි තමා නොසිතන බවයි.

38 හැවිරිදි දෝනි පසුගිය වසරේ එක්දින ලෝක කුසලානයෙන් අනතුරුව කිසිදු ක්‍රීඩා සමාජයක් සඳහා හෝ ඉන්දියාව වෙනුවෙන් තරගයක් සඳහා ක්‍රීඩා කළේ නැත. ඉන්දියාවේ කොරෝනා වයිරස අගුළු දැමීම නිසා ඔහු නැවත ජාතික කණ්ඩායමට ඇතුළත් වීම අවිනිශ්චිත බව බොහෝ දෙනා පවසා තිබුණි. 

“ඉන්දියාවට 2020 T20 ලෝක කුසලානය පවත්වන්න පුළුවන්”

දකුණු ආසියානු උප මහාද්වීපයේ කොරෝනා වයිරස් අර්බුදය ලිහිල් වුවහොත් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත………….

මේ වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ප්‍රධාන වේදිකාවක් වූ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ද මෙම වසංගතය හේතුවෙන් දින නියමයක් නොමැතිව අවලංගු වීම දෝනිගේ ආගමනයට ප්‍රබල බලපෑමක් එල්ල කළේය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා දෝනි සමඟ ක්‍රීඩා කරන හර්බජන් සිං කියා සිටියේ ජාත්‍යන්තර විශ්‍රාම ගැනීම දෝනිගේ තීරණ අතර ඇති බවත්, ඔහුගෙන් වැඩි වැඩියෙන් දෝනි පිළිබඳව විමසන බවත්ය. 

“එය ඔහුට භාරයි. ඔහුට නැවත ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවශ්‍ය දැයි ඔබ දැන ගත යුතුයි” යනුවෙන් හර්බජන් මාධ්‍ය වෙත පවසා තිබිණි. 

“මම ඔහුව දන්නා තරමින් ඔහුට නැවත ඉන්දියාවේ නිල් පැහැති ජර්සි ඇඳීමට අවශ්‍ය වෙන්නේ නැති වේවි. ඉන්දීය ප්‍රිමියර් ලීග් සඳහා ඔහු ක්‍රීඩා කරාවි. නමුත් ඉන්දියාව වෙනුවෙන් පසුගිය (2019) ලෝක කුසලානය ඔහුගේ අවසන් තරගය වේවි.” 

2014 දී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා දෝනි පසුගිය මාර්තු මාසයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟින් පුහුණුවීම් ආරම්භ කළේය. නමුත් ඔහුගේ ජාත්‍යන්තර අනාගතය ගැන ඔහු අදහස් දක්වා නැත.

“මගේ ඉලක්ක සපුරා ගැනීමට මට තවමත් කාලය තියෙනවා” – ඇන්ජලෝ මැතිව්ස්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ ශාරීරික යෝග්‍යතා මට්ටම්වල සහ ශාරීරික යෝග්‍යතාවයේ………..

2007 දී ආරම්භක විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට දෝනි ඉන්දියාවට නායකත්වය දුන්නේය. ඔහු 2011 ලෝක කුසලාන අවසන් ජයග්‍රහණය මුද්‍රා තැබීමට හයේ පහරක් එල්ල කළේ ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ජයඝෝශා මධ්‍යයේය. ඒ සමඟම ඔහු ජාතික වීරයෙකු ලෙස  කිරුළු පැළඳුවේය. ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 350කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ලකුණු 10,773ක් රැස් කරගෙන තිබේ. 

ඉන්දියාවට මෑත කාලයේ දී නායකත්වය සැපයූ සාර්ථකම නායකයා ලෙස දෝනි හැඳින්විය හැක. පසුගිය දා ESPNcricinfo විසින් පැවැත්වූ ඇගයීමක දී සර්වකාලීන ශ්‍රේෂ්ඨ ඉන්දීය ප්‍රිමියර් ලීග් නායකයා ලෙස ඔහු නම් කෙරිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<