බංග්ලාදේශ කණ්ඩායමත් පුහුණුවීම් අරඹයි

157

කොරෝනා නිසා අඩපණව තිබුණු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු මාස 4ක විරාමයකට පසුව නැවත ආරම්භ වුනා. ඒ අනුව එරට ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දස දෙනෙක් එරට විවිධ ස්ථානවල පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක සිට සිය පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටියි. ඒ සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනයේ අනුමැතිය ද හිමිව ඇත.

හතුරුසිංහ නිව් සවුත් වේල්ස් හි වැඩ අරඹන්නට යයි

ඒ අනුව මොහොමඩ් මිතුන්, මුශ්ෆික්ර් රහීම්, සයිෆුල් ඉස්ලාම්, ඉම්රුල් කයිස්, කලීඩ් අහමඩ්, නසුම් අහමඩ්, මෙහෙදි හසන්, නුරුල් හසන්, මහදි හසන්, නයීම් හසන් යන ක්‍රීඩකයින් 10 දෙනා මේ වන විට සිය පුහුණුවීම් තනි තනිවම අරඹා තිබෙන අතර ඔවුන් ඊයේ (19) සිට ජූලි 26 දක්වා සිය පුහුණුවීම් කටයුතු සිදු කිරීමට නියමිතය.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසන පරිදි එක් ස්ථානයක් තුල පුහුණුවීම් කළ හැක්කේ එක් ක්‍රීඩකයෙකුට පමණක් වන අතර ක්‍රීඩකයෙක් දැල තුල පන්දුවට පහර දෙන විට අනෙක් ක්‍රීඩකයාට එම දැල තුල පන්දුවට පහර දීමට හෝ පිතිකරණ පුහුණුවීම්වල නිරත වීමට නොහැක. 

මේ කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ඔවුන්ගේ පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල් ගොස් තිබෙන අතර තවමත් කණ්ඩායම් ලෙස පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සඳහා එරට තුල උචිත වාතාවරණයක් තවමත් උදාවී නොමැත.

“අපිට පුහුණුවීම් සඳහා නැවතත් ක්‍රිකට් පිටියට එන්න අවස්ථාව ලැබුණා. ගොඩක් කාලයකට පස්සේ තමයි අපි ආයිත් පිට්ටනියට ආවේ. අපේ ශාරීරික යෝග්‍යතාවය රැකගන්න අපි ගෙදර ඉඳන් පුළුවන් විදිහට වැඩ කළා. හැබැයි ඒක ටිකක් කරන්න අමාරු වැඩක්” යැයි මොහොමඩ් මිතුන් ඊයේ පැවති පළමු තනි පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය වෙත පවසා ඇත.

මේ පුහුණුවීම් කටයුතු සඳහා බංග්ලාදේශය තුල පිහිටා තිබෙන ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 4 තුල අවශ්‍ය පහසුකම් සලසා දීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන ඇත. ඒ අනුව ඩකා හි ශරේ බංග්ලා, චිතගොන් හි සවුර් අහමඩ්, කුල්නා හි ෂෙයික් අබු නසීර් සහ සිලෙට් ක්‍රීඩාංගණ තුල ඒ ක්‍රීඩකයින් 10 දෙනා සිය පුහුණුවීම් කටයුතු සිදු කරනු ලැබේ.

කිවියන්ට නැවතත් ක්‍රිකට් උණුහුම විඳින්න අවස්ථාවක්

බංග්ලාදේශය තුල මේ වන විට Covid-19 ආසාදිත පුද්ගලයින් ගණන 205,000කට අධික රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර ඉන් සුවය ලබා තිබෙන පුද්ගලයින් 112,000ක් පමණ සුවය ලබා තිබේ. එසේම බංග්ලාදේශය තුළ පුද්ගලයින් 2618ක් මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Covid-19 වයිරසයට ගොදුරු වී සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදිමින් ආරක්ෂිතව සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<