කළණ පෙරේරා කඩුලු 10ම දවා ගනියි!

802

සිංගර් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ  A කාණ්ඩය යටතේ පැවැත්වූ තරගයක දී, සාන්ත තෝමස් විද්‍යාලයීය වමත් වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා එම වයස් කාණ්ඩයේ ක්‍රීඩකයෙක්ගෙන් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වීමට අපහසු දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් විය. ඒ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලයට එරෙහිව ඉනිමේ කඩුලු 10ම තනිවම බිඳ හෙලමිනි. තරඟය ගල්කිස්සේ දී පැවැත්විය.

මැතිව්ස් ඉන්දියාව සමඟ තරගයට එයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක ඇන්ජෙලෝ මැතිව්ස් හට ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු තරගය පාදයේ ආබාධයක් නිසා අහිමි වූ අතර ඔහු මීළඟට…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය නායකයා කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි. එම තීරණය අවස්ථාවෝචිත තීරණයක් බවට තහවුරු කළ තෝමස් පන්දු යවන්නන් ප්‍රතිවාදී කණ්ඩායම වන ජයසිංහ විද්‍යාලය ලකුණු 27කට දවා ගැනීමට සමත් විය. ඔවුන්ගේ එම දස්කම් මධ්‍යයේ කෙටි කාලයක් තුළ දී තරගය පුරාවට අණසක පැතිර වීමට සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත්කම් දැක්වූහ.

ඉතා දක්ෂ ලෙස පන්දු යැවීමේ නිරත වූ කළණ පෙරේරා, තෝමස් විද්‍යාලය ලබා ගත් මෙම සුපිරි ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූයේ ජයසිංහ විද්‍යාලයීය ඉනිමේ කඩුලු 10ම තම ගිණුමට බැර කර ගනිමිනි. ඔහුගේ මෙම වික්‍රමයට පන්දුවාර 4යි පන්දු 4ක් (එනම් පන්දු 28ක්) පමණක් වැය වීම ද සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. එහි දී මෙම පන්දු යවන්නා යටතේ ප්‍රතිවාදීන්ට ලබා ගැනීමට හැකි වූයේ ද ලකුණු 3ක් පමණි. එමෙන්ම මෙම වසරේ රාජකීය – තෝමස් ක්‍රිකට් ගැටුමේ දී ද තෝමස් විද්‍යාලය සතු වූ වටිනාම වත්කමක් බවට පත්වූයේ ද මෙම සුවිශේෂී වේග පන්දු යවන්නායි.

කළණ පෙරේරා දැක්වූ මෙම සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 9ක සුපිරි ජයක් ලබා ගැනීමට අවසානයේ හැකි විය. මෙම කෙටි ඉලක්කයෙන් ලකුණු 22ක්ම නොදැවී ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයේ 17න් පහළ ක්‍රීඩක තෙවින් ඊරියගම සමත් විය. සාන්ත තෝමස් විද්‍යාලයට මෙම තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අවශ්‍ය වූයේ පන්දුවාර 4ක් පමණි.

දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 27 (පන්දුවාර 8.4) කළණ පෙරේරා 10/3.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – එක් කඩුල්ලක් දැවී ලකුණු 31 (පන්දුවාර 4) තෙවින් ඊරියගම 22*.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට