Wanderers තණතිල්ලට Tamim දෙහි කපයි

2509

සංචාරක බංග්ලාදේශය හා සත්කාරක දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් වුනා. දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Kagiso Rabada මේ තරගයේ දී කඩුලු පහක් දවා ගත්තේ බංග්ලාදේශ ඉනිම බිඳ දමමිනුයි.

පරාජය පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ නායක Tamim Iqbal පවසා සිටියේ Wanderers තණතිල්ලේ ඉපිලීම වෙනස් වන සුළු නිසා බංග්ලාදේශ පිතිකරුවන් මේ තරගයේ දී අසාර්ථක වූ බවයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමඟ පළමු එක්දින තරගය ලකුණු 38කින් ජය ගත්තා. ඒ ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී එක්දින තරගයක් ජයග්‍රහණය කරමිනුයි.

දෙවැනි තරගයේ දී Rabada බංග්ලාදේශ ඉදිරි පෙළ කඩුලු තුනක් දවා ගත් අතර පසුව Afif Hossain හා Mehidy Hasan දවා ගනිමින් ඔහු සිය කඩුලු 5 සම්පූර්ණ කර ගත්තා. බංග්ලාදේශ පළමු කඩුලු 5 ලකුණු 34කට දැවී ගියේ අසාමාන්‍ය ලෙස ඉපිලුණු පන්දු බංග්ලාදේශ පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමත් සමඟයි.

අපි දැනන් හිටියා දකුණු අප්‍රිකාවේ දී පන්දුව ඉපිලෙනවා කියලා. නමුත් අද තිබුණේ වෙනස් වන සුළු අසාමාන්‍ය ඉපිලීමක්. මගේ කඩුල්ලත් එසේමයි, තරගය පුරාවට එක් පන්දුවක් පහතින් එද්දී තවත් පන්දුවක් හොඳ ස්ථානයක පතිත වෙලා අසාමාන්‍ය ලෙස ඉපිලුණා”, Tamim පවසා සිටියා.

Tamim පවසා සිටියේ ලකුණු 250 සීමාවට ආසන්න වන්නට තිබුණා නම් ඔවුන්ට හොඳ සටනක් ලබා දීමට හැකියාව තිබුණු බවයි. “මම හිතන්නේ ලකුණු 250 හොඳ ලකුණු සංඛ්‍යාවක්. මොකද Mehidy පන්දු යැවූ අන්තයේ පන්දුව දඟ කැවුනා.”

“Yasirගේ කඩුල්ල තමා තීරණාත්මක කඩුල්ලක් වුනේ. ඔහු දැවී ගියේ Rabadaගේ පළමු පන්දු යැවීමේ වාරයේ අවසාන පන්දුවට. එම කඩුල්ල නිසාම ඔහු තවත් අමතර පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කළා.”

තරගාවලියේ අවසන් එක්දින තරගය එළඹෙන මාර්තු 23 වැනිදා Centurion හිදී පැවැත්වීමට නියමිතයි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<