ඉන්දීය ක්‍රිකට් ලේකම් සහ ජනපති අතර හමුවක්

192

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සැසිවාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව තිබුණා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපතිවරයා වන Jay Shah ජනාධිපති මන්දිරයේ දී අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව තිබූ අතර එම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් ද සහභාගී වී තිබුණා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සැසිවාරය අද (19) කොළඹ දී පැවති අතර ඒ සඳහා ආසියානු කලාපයේ නිලධාරීන් 40කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීව තිබුණා.

එම මහා සභා රැස්වීමේ දී 2022 ආසියානු කුසලානය අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සහ එහි වත්මන් සභාපති Jay Shahගේ ධුර කාලය තවත් වසර 4කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<