භානුක සහ මාලිංගගේ කණ්ඩායම් අවසන් සටනට

95

පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පළමු වටය අවසානයේ දී මරත ඇරබියන්ස්, කෝලෑන්ඩර්ස්, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ තිසර පෙරේරාගේ නායක්වත්වයෙන් යුත් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අවසන් වටය දක්වා පැමිණීමට සමත් විය.

දසුන්, මැතිව්ස්, තරංග සහ කුමාර T10 හි වැඩ පෙන්වයි

පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පළමු දින 3 නිමා වන විට දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්…

පළමු වටයේ තරගවල දී සහ සුපර් ලීග් තරග වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සැලකිය යුතු මට්ටමේ දස්කම් අතරට පැමිණියා. එහි දී කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ වඩාත්ම කැපී පෙනුන ක්‍රීඩකයින් බවට පත්විය. පන්දු යැවීමේ දී ලහිරු කුමාර තරග 6ක දී කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය.

තරගාවලියේ අවසන් මහා තරගය අද (24) රාත්‍රියේ පැවැත්වෙන අතර ඒ සඳහා මරත ඇරබියන්ස් සහ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සුදුසුකම් ලබාගෙන තිබේ.

මූලික වටයේ තරග

10 වැනි තරගය – ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ කර්ණාටක ටස්කර්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – උපුල් තරංග 1* (3), භානුක රාජපක්ෂ 27 (7), මලින්ද පුෂ්පාකුමාර 1/6 (1),

  • කර්ණාටක ටස්කර්ස් – 110/3 (10): ජොන්සන් චාර්ල්ස් 35, හෂීම් අම්ලා 32*, මිගේල් ප්‍රිටෝරිය්ස් 1/19.
  • ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – 111/5 (8.3): කිරන් පොලාර්ඩ් 45*, භානුක රාජපක්ෂ 27, ශපුර් සද්‍රාන් 2/18.

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.


11 වැනි තරගය – මරත ඇරබියන්ස් සහ ටීම් අබුඩාබි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – නිරෝෂන් දික්වැල්ල 15 (11), ලසිත් මාලිංග 0/13 (2), වනිඳු හසරංග 0/26 (2),

  • මරත ඇරබියන්ස් – 138/2 (10) ක්‍රිස් ලින් 91*, ඇඩම් ලිත් 30, බෙන් ලාෆින් 1/15.
  • ටීම් අබුඩාබි – 114/3 (10): ලුක් වරයිට් 40*, මොයින් අලී 31, මිචෙල් මැක්ලනගන් 1/17.

මරත ඇරබියන්ස් කණ්ඩායමට ලකුණු 24ක ජයක්.


 12 වැනි තරගය – බංග්ලා ටයිගර්ස් සහ දිල්ලි බුල්ස් 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – තිසර පෙරේරා 6 (3) සහ 0/28 (2), දුෂ්මන්ත චමීර 1/17(2), කුසල් පෙරේරා 43 (18), ඇන්ජලෝ මැතිව්ස් 17 (13)

  • බංග්ලා ටයිගර්ස් – 108/7 (10): රිලී රූසොව් 27, ටොම් මුවර්ස් 22, මොහොමඩ් නබී 2/13.
  • දිල්ලි බුල්ස් – 108/4 (10): කුසල් පෙරේරා 43, ඉයන් මෝර්ගන් 27*, කයිස් අහමඩ් 1/16.

සුපර් ලීගය

13 වැනි තරගය – ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ කෝලෑන්ඩර්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – භානුක රාජපක්ෂ 10 (7), ලහිරු කුමාර 0/30 (2)

  • ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – 128/4 (10): මොහොමඩ් ශේශාඩ් 57, ෂේන් වොට්සන් 30, ජෝර්ජ් ගාර්ට්න් 3/21
  • කෝලෑන්ඩර්ස් – 104/2 (10): ඩේවිඩ් මලාන් 49*, පිලිප් සෝල්ට් 25*, බෙන් කටින් 1/21.

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 24ක ජයක්.


14 වැනි තරගය – දිල්ලි බුල්ස්  සහ නොදර්න් වෝරියර්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – කුසල් පෙරේරා 4 (2), ඇන්ජලෝ මැතිව්ස් 10 (10), අසේල ගුණරත්න 0/8 (1) සහ 5 (2), දුෂ්මන්ත චමීර 1/19 (2)

  • දිල්ලි බුල්ස් – 110/6 (10) ඉයන් මෝර්ගන් 56, මුහම්මද් උස්මාන් 13, ක්‍රිස් ග්‍රීන් 2/8.
  • නොදර්න් වෝරියර්ස් – 115/4 (9): නිකලස් පූරාන් 56*, ඇන්ඩ්‍රි රසල් 22, දුෂ්මන්ත චමීර 1/19.

නොදර්න් වෝරියර්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.


15 වැනි තරගය – බංග්ලා ටයිගර්ස් සහ ටීම් අබුඩාබි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – අවිශ්ක ප්‍රනාන්දු 51 (21), තිසර පෙරේරා 2/21 (2)

  • බංග්ලා ටයිගර්ස් – 129/3 (10): රිලී රූසොව් 44*, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 42, බෙන් ලාෆින් 2/12)
  • ටීම් අබුඩාබි – 102/6 (10): අවිශ්ක ප්‍රනාන්දු 51, ලුක් වරයිට් 20, කයිස් අහමඩ් 3/8.

බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ලකුණු 27ක ජයක්.

ජනිෂ්ක සහ දුනිත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පෙරමුණේ තබයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් D කාණ්ඩයේ තරගයක් මාතර සාන්ත තෝමස්…


16 වැනි තරගය – කර්ණාටක ටස්කර්ස්  සහ මරත ඇරබියන්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – දසුන් ශානක 0* (1)

  • මරත ඇරබියන්ස් – 129/4 (10) ක්‍රිස් ලින් 61, ආඩම් ලිත් 50, සන්දීප් ලැමිචාන් 1/25.

තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන්.


17 වැනි තරගය – බංග්ලා ටයිගර්ස් සහ නොදර්න් වෝරියර්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – තිසර පෙරේරා 3 (4) සහ 1/23, නුවන් ප්‍රදීප් 1/18 (2), අසේල ගුණරත්න 10 (10)

  • බංග්ලා ටයිගර්ස් – 102/6 (10): රූබි ෆ්‍රයිලින්ක් 36*, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 22, රයාද් එම්රිට් 2/16.
  • නොදර්න් වෝරියර්ස් – 96/6 (10): ඇන්ඩ්‍රි රසල් 41, ලෙන්ඩල් සිමන්ස් 15, ඩේවිඩ් වයිස් 3/14)

බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ලකුණු 6ක ජයක්.


18 වැනි තරගය – ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ ටීම් අබුඩාබි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – අවිශ්ක ප්‍රනාන්දු 17 (6),

  • ටීම් අබුඩාබි – 118/4 in 10 overs (Wayne Madsen 29, Luke Wright 23, Fawad Ahmed 2/7)
  • ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – 25/1 in 2 overs (Mohammad Shahzad 24*, Shane Watson 1, Rohan Mustafa 1/11)

තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන්.


19 වැනි තරගය – දිල්ලි බුල්ස්  සහ මරත ඇරබියන්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – දසුන් ශානක 18* (6) සහ 0/20 (2), කුසල් පෙරේරා 45* (27),  ලසිත් මාලිංග 1/10 (2)

  • මරත ඇරබියන්ස් – 146/4 (10): ක්‍රිස් ලින් 89, ඇඩම් ලිත් 20, අලි ඛාන් 2/15.
  • දිල්ලි බුල්ස් – 116/3 (10): කුසල් පෙරේරා 45*, ශේර්ෆෙන් රදර්ෆර්ඩ් 41, ලසිත් මාලිංග 1/10.

මරත ඇරබියන්ස් කණ්ඩායමට ලකුණු 30ක ජයක්.


20 වැනි තරගය – කර්ණාටක ටස්කර්ස් සහ කෝලෑන්ඩර්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – සීකුගේ ප්‍රසන්න 0(1) සහ 1/4 (1), ලහිරු කුමාර 1/21 (2)

  • කෝලෑන්ඩර්ස් – 130/7 (10): ටොම් බැන්ටන් 80, ලව්රි ඊවන්ස් 17, සන්දීප් ලැමිචාන් 2/30.
  • කර්ණාටක ටස්කර්ස් – 98/9 (10): රයන් ටෙන්ඩස්කාර් 25, ජොන්සන් චාර්ල්ස් 24, සුල්තාන් අහමඩ් 2/5.

කෝලෑන්ඩර්ස් කණ්ඩායමට ලකුණු 32ක ජයක්


21 වැනි තරගය – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්  සහ නොදර්න් වෝරියර්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – භානුක රාජපක්ෂ 9* (4), අසේල ගුණරත්න 0/13 (1), නුවන් ප්‍රදීප් 1/10 (2)

  • නොදර්න් වෝරියර්ස් – 107/5 (10): ලෙන්ඩල් සිමන්ස් 70, නිකලස් පූරාන් 13, සහූර් ඛාන් 2/8)
  • ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – 97/3 (10): ශේන් වොට්සන් 75*, භානුක රාජපක්ෂ 9*, නුවන් ප්‍රදීප් 1/10)

නොදර්න් වෝරියර්ස් කණ්ඩායමට ලකුණු 10ක ජයක්


22 වැනි තරගය  – දිල්ලි බුල්ස්  සහ කෝලෑන්ඩර්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – ඇන්ජලෝ මැතිව්ස් 5 (5), කුසල් පෙරේරා 14 (7), සීකුගේ ප්‍රසන්න 11(11) සහ 0/9 (1), ලහිරු කුමාර 2/26 (2)

  • දිල්ලි බුල්ස් – 98/8 (10): මොහොමඩ් නබී 48, කුසල් පෙරේර 14, මුජීබර් රහුමාන් 2/9)
  • කෝලෑන්ඩර්ස් – 104/7 (9.5): ටොම් කොඩ්මෝර් 27, ඩේවිඩ් මලාන් 19, සාහීර් ඛාන් 2/8.

කෝලෑන්ඩර්ස්ට කඩුලු 3ක ජයක්

“මහා” නොහොත් දෙවන මැක්ග්‍රාත්

අන්තර්ජාතික ක්‍රිකට් විචාරකයන් ඔහුව හැඳින්වූයේ එලෙසින් ය. ඒ ඔහු ජාත්‍යන්තර පිටියට පිවිසෙන විට එතරම් නිවැරදි ඉලක්කයක්…


23 වැනි තරගය – බංග්ලා ටයිගර්ස් සහ මරත ඇරබියන්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – දසුන් ශානක 1/23 (2), තිසර පෙරේරා 4(4) සහ 0/17, කසුන් රාජිත 2/18 (2), ලසිත් මාලිංග 1/25 (2), ශෙහාන් ජයසූරිය 0/10 (1)

  • බංග්ලා ටයිගර්ස් – 106/7 (10): ටොම් මුවර්ස් 43*, රූබි ෆ්‍රයිලින්ක් 18, කසුන් රාජිත 2/18.
  • මරත ඇරබියන්ස් – 107/3 (8.3): නජිබුල්ලා සද්‍රාන් 36*, යුවරාජ් සිං 23*, ලියාම් ප්ලන්කට් 1/15.

මරත ඇරබියන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්


24 වැනි තරගය – කර්ණාටක ටස්කර්ස්  සහ ටීම් අබුඩාබි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – අවිශ්ක ප්‍රනාන්දු 3 (3), උපුල් තරංග 10 (7)

  • ටීම් අබුඩාබි – 128/2 (10): ලුක් වරයිට් 57*, මොයින් අලී 35, නේතන් රිමින්ග්ටෝන් 1/20.
  • කර්ණාටක ටස්කර්ස් – 94/6 (10): රයන් ටෙන්ඩොස්කාර් 32*, හෂීම් අම්ලා 18, හේඩ්න් වෝල්ෂ් 2/15.

ටීම් අබුඩාබි කණ්ඩායමට ලකුණු 34ක ජයක්.

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය සහ අවසන් තරගය අද (24) පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<