දසුන්, මැතිව්ස්, තරංග සහ කුමාර T10 හි වැඩ පෙන්වයි

T10 ක්‍රිකට් තරගාවලිය 2019

89

පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පළමු දින 3 නිමා වන විට දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු කුමාර සහ උපුල් තරංග යන ක්‍රීඩකයින් වැඩි දස්කම් අතරට පැමිණ ඇත. 

ප්‍රබලයින් රැසක් නැවතත් IPL වෙන්දේසියට

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රීඩක …….

පළවන තරගය – මරත ඇරබියන්ස් සහ නෝර්දර්න් වොරියර්ස්  

මේ තරගයේ දී වඩාත් කැපී පෙනුණ ක්‍රීඩකයා බවට පත්වූ දසුන් ශානක පන්දු 19ක් තුල ලකුණු 37ක් ලබා ගනිමින් දස්කම් දැක්වූ නමුත් ඔවුන් තරගය කඩුලු 9කින් පරාජයට පත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්: දසුන් ශානක 37* (19), වනිඳු හසරංග 0 (3), නුවන් ප්‍රදීප් 1/22 (2), ලසිත් මාලිංග 0/23 (2) 

  1. මරත ඇරබියන්ස් – 88/6 (10): දසුන් ශානක 37*, චැඩ්වික් වෝල්ටන් 24, ඇන්ඩ්‍රි රසල් 2/12. 
  2. නෝර්දර්න් වෝරියර්ස් – 91/1 (7): ඇන්ඩ්‍රි රසල් 58*, ජෝර්ජ් මන්සි 24* 

නෝර්දර්න් වොරියර්ස් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.


දෙවන තරගය – ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ දිල්ලි බුල්ස්  

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේ දී දිල්ලි බුල්ස් කණ්ඩායමේ ජය තහවුරු කිරීම වෙනුවෙන් යම් දායකත්වයක් දක්වන ලදි. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්: දුෂ්මන්ත චමීර 1/19 (2), කුසල් පෙරේරා 8 (9), ඇන්ජලෝ මැතිව්ස් 22* (13) 

  • ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – 102/1 (10): ශේන් වොට්සන් 57*, ඇන්ටන් ඩෙවිච් 28*. 
  • දිල්ලි බුල්ස් – 103/3 (9.3): ඉයන් මෝර්ගන් 52*, ඇන්ජලෝ මැතිව්ස් 22*, සාහීර් ඛාන් 3/17. 

දිල්ලි බුල්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Dialog සම්මානලාභී ගලහිටියාවේ වීරයා “සඳරුවන්”

“Dialog 4G – The Sunday Times Schoolboy ……


තෙවැනි තරගය – ක්ලැන්ඩර්ස් සහ ටීම් අබුඩාබි 

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සහ සීකුගේ ප්‍රසන්න මේ තරගයේ දී වඩාත් කැපී පෙනුණු ක්‍රීඩකයින් බවට පත් විය. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්: නිරෝෂන් දික්වැල්ල 17 (7), ලහිරු කුමාර 2/22 (2), සීකුගේ ප්‍රසන්න 1/3 (1) සහ 1*(1) 

  • ටීම් අබුඩාබි – 103/6 (10): කුරේ ඇන්ඩර්සන් 43, ලුක් වරයිට් 20, ලහිරු කුමාර 2/22. 
  • ක්ලැන්ඩර්ස් – 103/3 (10): ඩේවිඩ් මලාන් 33, ලුක් රොන්චි 23*, මර්චන්ට් ලැන්ගා 2/20. 

තරග ලකුණු සමවීමෙන් අවසන්.


සිව්වැනි තරගය – බංග්ලා ටයිගර්ස් සහ සහ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්: තිසර පෙරේරා 3 (3) සහ 0/6 (0.5), භානුක රාජපක්ෂ 12 (8) 

  • බංග්ලා ටයිගර්ස් – 108/5 (10): කොලින් ඉන්ග්‍රැම් 37, රිලී රූසොව් 26, මිගේල් ප්‍රිටෝරිය්ස් 3/10. 
  • ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – 109/4 (9.5): ශේන් වොට්සන් 41, ඇන්ටන් ඩව්රිච් 27, ඩේවිඩ් වයිස් 2/15. 

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.


පස්වැනි තරගය – දිල්ලි බුල්ස් සහ කර්ණාටක ටස්කර්ස් 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස් මේ තරගයේ දී ඒ ඒ කණ්ඩායම් වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් බවට පත්වෙමින් දස්කම් අතරට පැමිණියේය. තරංග පන්දු 22ක දී ලකුණු 48ක් ලබා ගත්තේ 4 පහර 5ක් සහ 6 පහර 2ක් සමඟයි.  

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්: උපුල් තරංග 48 (22), දුෂ්මන්ත චමීර – 1/26 (2), කුසල් පෙරේරා 9 (9), ඇන්ජලෝ මැතිව්ස්  31 (21) 

කර්ණාටක ටස්කර්ස් – 110/5 (10): උපුල් තරංග 48, ශයිෆුල්ලා ශාෆික් 34, රවී රාම්පල් 2/16. 

දිල්ලි බුල්ස් – 91/8 (10): ඇන්ජලෝ මැතිව්ස් 31, ඉයන් මෝර්ගන් 21, නේතන් රිමින්ග්ටන් 3/28. 

කර්ණාටක ටස්කර්ස් කණ්ඩායමට ලකුණු 19ක ජයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙක් BPL වරම්!

2019/20 වෙනුවෙන් පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර්…..


සයවැනි තරගය – නොදර්න් වෝරියර්ස් සහ ක්ලැන්ඩර්ස් 

ලහිරු කුමාර සහ සීකුගේ ප්‍රසන්න අතරේ කඩුලු 5ක් බෙදී ගියේය. එම කඩුලු 5 නිසා ක්ලැන්ඩර්ස් කණ්ඩායමට ලකුණු 66ක ජයක් ලබා ගැනීමට විශාල සවියක් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්: නුවන් ප්‍රදීප් 1/19 (2), ලහිරු කුමාර 3/10 (2), සීකුගේ ප්‍රසන්න 2/7 (2)  

  • ක්ලැන්ඩර්ස් – 112/4 (10): ටොම් බැන්ටෝන් 53*, ජෝර්ඩන් ක්ලාර්ක් 15, ඇන්ඩ්‍රි රසල් 1/18. 
  • නොදර්න් වෝරියර්ස් – 46/10 (9): සෑම් බිලින්ග්ස් 14, ලහිරු කුමාර 3/10. 

ක්ලැන්ඩර්ස් කණ්ඩායමට ලකුණු 66ක ජයක්.


හත්වැනි තරගය – නොදර්න් වෝරියර්ස් සහ ටීම් අබුඩාබි 

නිරෝෂන් දික්වැල්ල මේ තරග තුල ද අසාර්ථක වූ අතර ඔහුට මේ තරගයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 8ක් පමණි. කෙසේ නමුත් ලුක් වරයිට් සහ මොයින් අලී ටීම් අබුඩාබි කණ්ඩායමට කඩුලු 6ක ජයක් ගෙන ඒම සඳහා ප්‍රමාණවත් දස්කම් දැක්විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්: නිරෝෂන් දික්වැල්ල 8 (4), අසේල ගුණරත්න 0/7 (1), නුවන් ප්‍රදීප් 0/14 (1) 

  • නොදර්න් වෝරියර්ස් – 92/1 (10): ඇන්ඩ්‍රි රසල් 37*, සෑම් බිලින්ග්ස්  27*, බෙන් ලාෆ් 1/19. 
  • ටීම් අබුඩාබි – 93/4 (8.3): ලුක් වරයිට් 48, මොයින් අලී 30, ක්‍රිස් ග්‍රීන් 2/22. 

ටීම් අබුඩාබි කණ්ඩායමට කඩුලු 6ක ජයක්.


අටවැනි තරගය  – බංග්ලා ටයිගර්ස් සහ කර්ණාටක ටස්කර්ස් 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්: තිසර පෙරේරා 3 (5) සහ 0/21 (2)

කර්ණාටක ටස්කර්ස් – 114/1 (10): ජොන්සන් චාර්ල්ස් 57, හෂීම් අම්ලා 47*, කෙවින් කොත්තිගොඩ 1/21. 

බංග්ලා ටයිගර්ස් – 117/5 (8.5): ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 40, ටොම් මුවර්ස් 28*, සන්දීප් ලැමිචාන් 2/9. 

බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.


නවවැනි තරගය – මරත ඇරබියන්ස් සහ ක්ලැන්ඩර්ස් 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙක් ක්‍රීඩා කළ මේ තරගයේ දී ලසිත් මාලිංග ක්‍රියාත්මක කළ පන්දුවාර 2ක තුල ලකුණු 7ක් පමණක් ලබා දෙමින් දස්කම් දක්වන ලදි. එම දස්කම් මරත ඇරබියන්ස් කණ්ඩායමට ලකුණු 47ක ජයක් ගෙන ඒමට රුකුලක් විය. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්: දසුන් ශානක 16 (10), වනිඳු හසරංග 3 (3) සහ 0/10 (1), ලහිරු කුමාර 2/34 (2), සීකුගේ ප්‍රසන්න 0/10 (1) සහ 5 (8), ලසිත් මාලිංග – 0/7 (2) 

  • මරත ඇරබියන්ස් – 107/8 (10): ඇඩම් ලිත් 21, මිචෙල් මැක්ලනගන් 20*, ලහිරු කුමාර 2/34. 
  • ක්ලැන්ඩර්ස් – 60/4 (10): ඩේවිඩ් මලාන් 32, මිචෙල් මැක්ලනගන් 2/9 

මරත ඇරබියන්ස් කණ්ඩායමට ලකුණු 47ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<