ජනිෂ්ක සහ දුනිත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පෙරමුණේ තබයි

124

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් D කාණ්ඩයේ තරගයක් මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර මාතර උයන්වත්ත පිටියේ දී අද (23) ආරම්භ විය.

නිපුන්ගේ ඒක පුද්ගල ප්‍රසංගයේ දී යුගාත්ගෙන් කඩුලු 10ක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු…..

තරගය උදෑසන 9.45ට පමණ ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් තණතිල්ල සහිත ප්‍රදේශයේ තිබූ තෙත ස්වභාවය නිසා තරගයේ ආරම්භය තරමක් ප්‍රමාද විය. කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාල නායක ජනිෂ්ක පෙරේරා පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර දකුණතින් පිට දඟපන්දු යවන ඔහුගේ පන්දු යැවීම හමුවේ මාතර සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 85කට සීමා විය. 

කෙසේ නමුත් නායකත්වයේ පිතිකරණයක නිරත වූ හිරන්ත ලක්ෂාන් සාන්ත තෝමස් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 30ක් වාර්තා කර ගත් අතර තදුල ද සිල්වා සහ නදීර ප්‍රනාන්දු සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පිළිවෙළින් කඩුලු 3ක් සහ කඩුලු 2ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

එයට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පිතිකරණයෙන් ද සිය වගකීම හැකි උපරිමයෙන් ඉටු කළ පෙරේරා ලකුණු 30ක් ලබා ගත්තේ දවා ගත් කඩුලු 4ට අමතරවයි. තරගයේ පළමු දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දුනිත් ජයතුංග නොදැවී ලකුණු 40*ක් වාර්තා කරගනිමින් කඩුල්ලේ රැඳී සිටියි. 

Video – දිල්රුවන් පෙරේරා MAS කණ්ඩායම පෙරමුණේ තබයි

27 වැනි වෙළඳසේවා පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය MAS යුනිචෙලා…..

සවස් කාලයේ ඇදහැළුණු වර්ෂාව නිසා තරගයේ පළමු දිනය අවසන් කිරීමට තරග විනිසුරුවරුන් හට සිදු වූ අතර ඒ වන විට සංචාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 108ක් වාර්තා කරගෙන සිටියේ සාන්ත තෝමස් පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් සිටිමිනි. තරගය හෙට (24) දෙවන දිනයටත් පැවැත්වේ.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 85 (44): හිරන්ත ලක්ෂාන් 30, ජනිෂ්ක පෙරේරා 4/09,  තදුල ද සිල්වා 3/15, නදීර ප්‍රනාන්දු 2/18.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 108/5 (42.3): දුනිත් ජයතුංග 40*, ජනිෂ්ක පෙරේරා 30, සිනෙත් සිතාර 2/35.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<