UAE T10 ශූරයෝ Northern Warriors

351

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  47 වැනි නිදහස් යෙදුණ (02) දා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති T10 අවසාන මහා තරගයේ දී Pakhtoons කණ්ඩායමට එරෙහිව Northern Warriors කණ්ඩායම ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගනිමින් එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ප්‍රබලයෝ දෙදෙනෙක් නැවතත් බංග්ලාදේශ සංචිතයට

තරග තුනකින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් – බංගලාදේශ එක්දින….

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් දින 11ක් පුරා පැවති මෙම තරගාවලියේ අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනූ Pakhtoons නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Northern Warriors කණ්ඩායම තම පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තේ ය. ඊට පිළිතුරු ලෙසින් Pakhtoons කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 118ක් පමණි.

Northern Warriors කණ්ඩායම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රොව්මන් පවෙල් නොදැවී ලකුණු 61ක් ලබා ගත්තේ ය. ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 25ක් පමණි. ඔහුගේ ඉනිමේ හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ද විය.

ඔහුට අමතරව ඇන්ඩෘ රසල් පන්දු 12ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 62ක් සබඳතාවක් ගොඩ නැගුණි. ඒ පන්දු 20කිනි.

ඉනිම අවසන් වෙන විට නායක ඩැරන් සමි පන්දු 9ක දී හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 14ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් ඉර්ෆාන්, ශරෆුඩීන් අෂ්රාෆ් සහ ශහීඩ් අෆ්රිඩි කඩුල්ල බැගින් බෙදා ගත්හ.

තරිඳු රත්නායක SSC ජය මාවතට ගෙන එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ …

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඇන්ඩෘ ෆ්ලෙචර් ය. ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව ශෆිකුල්ලා ශෆීක් පන්දු 16කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.

ඔවුන්ගේ ඉනිමේ නායක සහීඩ් අෆ්රිඩි පන්දු 7කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 17කට සීමා කිරීමට ලැබීම Northern Warriors කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමක් බඳු විය. හාර්ඩස් විල්ජන් අෆ්රිඩිගේ කඩුල්ල ලබා ගත් අතර ඊට පසුව යැවුණ පන්දුවේ දී ද කඩුල්ලක් ලබා ගත් ඔහු ප්‍රතිවාදීන් මෙල්ල කිරීම ආරම්භ කළේය.

අනතුරුව 9 වැනි පන්දු වාරයේ දී Pakhtoons කණ්ඩායමේ කඩුලු දෙකක් බිඳ වැටුණි. කඩුලු ලබා ගැනීමේ දී ක්‍රිස් ග්‍රීන් සහ හාර්ඩස් විල්ජන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා වූයේ රොව්මන් පවෙල් ය. තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණේ දකුණු අප්‍රිකාවේ හාර්ඩස් විල්ජන් ය.

Northern Warriors කණ්ඩායම; කඩුලු 3ක් දැවී 140 (10) නිකොලස් පූරාන් 18, රොව්මන් පවෙල් නොදැවී 61, ඇන්ඩෘ රසල් 38,

Pakhtoons කණ්ඩායම; කඩුලු 7ක් දැවී 118 (10) ඇන්ඩෘ ෆ්ලෙචර් 37, ශෆිකුල්ලා ශෆීක් 26, ක්‍රිස් ග්‍රීන් 2/11, හාර්ඩස් විල්ජන් 2/24

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<