තරිඳු රත්නායක SSC ජය මාවතට ගෙන එයි

330

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතිය නිමා වූයේ එස්. එස්. සී. කණ්ඩායමට ලකුණු 112ක ජයග්‍රහණයක් ලබා දෙමිනි.

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී 22 හැවිරිදි තරිඳු රත්නායක ඉනිම දෙකේ දී ම කඩුලු 7 බැගින් දවා ගනිමින් තරගයේ දී ලකුණු 125කට කඩුලු 14ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

ඇන්ජලෝ, සචිත්‍ර, කිත්රුවන් සහ අශේන් ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ….

එස්. එස්. සී. සහ සී. සී. සී. අතර තරගය

කාසියේ වාසිය දිනූ සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලු දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් සී. සී. සී. කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 225ක් පමණි. අනතුරුව එස්. එස්. සී. ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට පිවිසෙමින් ලකුණු 245ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී සම්මු අශාන් පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය. ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී අශාන් ප්‍රියන්ජන් සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 4 බැගින් බෙදා ගත්හ.

ජයග්‍රහණය සොයමින් ලකුණු 250ක ගමනක් ගිය සී. සී. සී. ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 137ක් පමණි.

එම ඉනිම වෙනුවෙන් සොනාල් දිනුෂ පන්දු 109කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක ලසිත් අබේරත්න පන්දු 71කට මුහුණ දී හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 47ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී තරිඳු රත්නායක ලකුණු 50කට කඩුලු 7ක් දවා ගනිමින් නැවත පන්දු යැවීමෙන් දක්ෂතා දැක්විය.   

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (63) ධනුෂ්ක ගුණතිලක 23, කෞෂාල් සිල්වා 41, සඳුන් වීරක්කොඩි 35, සම්මු අශාන් 22, සචිත්‍ර සේනානායක 32, තරිඳු රත්නායක නොදැවී 20, ලහිරු ගමගේ 2/27, ලක්ෂාන් සඳකැන් 5/58

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (83) රොන් චන්ද්‍රගුප්ත 21, ලසිත් අබේරත්න 88, වනිඳු හසරංග 28, ලහිරු මධුශංක නොදැවී 32, තරිඳු රත්නායක 7/75, නුවන් ප‍්‍රදීප් 2/30

එස්. එස්. සි.; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 245 (53.1) කෞෂාල් සිල්වා 35, සඳුන් වීරක්කොඩි 47, සම්මු අශාන්65, තරිඳු රත්නායක 35, අශාන් ප්‍රියංජන් 4/64, ලක්ෂාන් සඳකැන් 4/76, සොනාල් දිනූෂ 2/34

සී. සී. සී.; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 137 (40.5) සොනාල් දිනූෂ  59, ලසිත් අබේරත්න 47, තරිඳු රත්නායක 7/50, ධනුෂ්ක ගුණතිලක 2/20

ප්‍රබලයෝ දෙදෙනෙක් නැවතත් බංග්ලාදේශ සංචිතයට

තරග තුනකින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් – බංගලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තමිම්….


වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් විය.

කාසිය දිනා ගත් වරාය අධිකාරිය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 320ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 156ක් පමණි.

ලකුණු 164ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි ඉනිමට පන්දුවට පහර දිමට පිටියට පිවිසි වරාම ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට  කඩුලු 4ක් දැවී ලකුණු 165ක් ලබා සිටිය හ.

මෙම ඉනිමේ දී යොහාන් ද සිල්වා සහ අදීශ නානායක්කාර අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (91.5) ඉරෝෂ් සමරසූරිය 51, පබසර වඩුගේ 42, අදීශ තිලාංචන 20, චාමර සිල්වා 87, රමේෂ් මෙන්ඩිස් 49, තරිඳු කෞෂාල් 22, චමින්ද බණ්ඩාර 4/82, චලනක වීරසිංහ 2/62, චානක කොමසාරු 3/105

වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (67.30) රමේෂ් නිමන්ත 25,  අදීශ නානායක්කාර 30, රනේෂ් පෙරේරා 29, දනෝෂ් රනෝදිත් 2/45, තරිඳු කෞෂාල් 4/40

වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 165 (68) යොහාන් ද සිල්වා 59, අදීශ නානායක්කාර 58, දනෝෂ් රනෝදිත් 2/52


බදුරලිය ක්‍රීඩා සමාජය සහ බී. ආර්. සී. අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට බී. ආර්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් බදුරලිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 258ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බී. ආර්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 449ක් ලබා ගනිමින් ඉනිම අත් හිටවූහ.

එම ඉනිමේ දී හේෂාන් රාමනායක පන්දු 172ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තේ ය. ඔහුත් සමඟ පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි ප්‍රවිනාත් විජේසූරිය පන්දු 92කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවි ලකුණු 123ක් ලබා ගත්තේ ය.

ලකුණු 191ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ බදුරලිය ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු 9ක් දැවී 164ක් ලබා ගත්හ. එම  ඉනිමේ දී නදීර නාවල පන්දු 153කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ටී. එන්. සම්පත් සහ දුවිඳු තිලකරත්න කඩුලු 3 බැගින් දවා ගත්හ.  

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 (84) නදීර නාවල 57, එස්. ආනන්ද් 65, කෝසල කුලසේකර 34, සචිත් පතිරණ 38, මොහොමඩ් ශිරාෂ් 5/44, හේෂාන් රාමනායක 2/26, දුවිඳු තිලකරත්න 2/61

බී. ආර්. සී.; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 449 (109.3) දේශාන් ඩයස්  48, ට්. එන්. සම්පත් 28, භානුක රාජපක්ෂ 33, රුමේෂ් බුද්ධික 95, හේෂාන් රාමනායක 110, ප්‍රවිනාත් වීජේසූරිය නොදැවී 123, රිස්වාන් හයිඩර් 2/55, සචිත් පතිරණ 143/3

බදුරලිය ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 164 (73) නදීර නාවල 76,, එස්. ආනන්ද් 25, ටී. එන්. සම්පත් 3/39, දුවිඳු තිලකරත්න 3/44


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක මේරියන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 215ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 390ක් ලබා ගත්හ.

තරගය නතර කරන විට දෙවැනි ඉනිමට ක්‍රීඩා කළ මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 251ක් ලබා සිටිය හ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 215 (56.5) හර්ෂ කුරේ 66, යසෝද ලංකා 48, තික්ෂිල ද සිල්වා 28, නිමේෂ් විමුක්ති 28, රමිත් රඹුක්වැල්ල 5/54

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 390; ලහිරු මිලන්ත 53, සචිත්‍ර සේරසිංහ 112, කිත්රුවන් විතානගේ 105, කමිඳු මෙන්ඩිස් 45, ඉමේෂ් විමුක්ති 4/61, රොෂාන් ජයතිස්ස 2/114, තික්ෂිල ද සිල්වා  2/73

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 251 (74) හර්ෂ කුරේ 39, නිමේෂ් විමුක්ති නොදැවී 38, ඔසඳ ප්‍රනාන්දු 38, යසෝද ලංකා 29, රමිත් රඹුක්වැල්ල 3/58, කමිඳු මෙන්ඩිස් 2/47

අසේල ගුණරත්නත් අවුරුදු 23 ක්‍රීඩකයන්ගේ ගොඩට

මෙම මස 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත නැගී එන….


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන්  පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සැරසන්ස් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් සැරසන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 316ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 224ක් පමණි. අනතුරුව ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ සැරසන්ස්  ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 145ක් සිටිය දී ඉනිම අත් හිටවූහ.

එම ඉනිමේ දී නිපුන් කරුණානායක පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 238ක ඉලක්කයක් පසුපස ගිය කෝල්ට්ස් ක්‍රීඩකයෝ තරගය නිමා වෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 56ක් ලබා සිටිය හ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම 316 (108.2) මිලින්ද සිරිවර්ධන 70, අශේන් බණ්ඩාර 106, සාලිය සමන් 79, සචිත්‍ර පෙරේරා 30, නිසල තාරක 2/74, කවිශ්ක අංජුල 3/68, ජෙහාන් ඩැනියෙල් 2/39

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (72) අවිශ්ක ප්‍රනාන්දු 23, සධීර සමරවික්‍රම නොදැවී 56, ප්‍රියමාල් පෙරේරා 20, ජෙහාන් ඩැනියෙල් 29, විශාද් රන්දික නොදැවි 31, චලන ද සිල්වා 22, කසුන් රාජිත 2/66, චාමිකර එදිරිසිංහ 4/ 44, මොහොමඩ් ඩිල්ශාද් 2/22

සැරසන්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 145 (48) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 40, නිපුන් කරුණානායක 57, අශේන් බණ්ඩාර  නොදැවී 27, නිසල තාරක 2/25, අකිල දනංජය 2/58

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 56 (11) නිසල තාරක නොදැවී 25, මොහොමඩ් ඩිල්ශාද් 2/06


එන්. සී. සී. සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. එන්. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 272ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 377ක් ලබා ගත්තේ ය.

එම ඉනිම වෙනුවෙන් ඉෂාන් ජයරත්න ලකුණු 99ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙසින් දැවී ගියේ ය. ඔහු පන්දු 144කට මුහුණ දුන් අතර හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය. ඊට අමතරව සමීර ද සොයිසා  පන්දු 139කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේ ය.

තරගය නතර කරන විට එන්. සී. සී. කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 137ක් ලබා සිටියේ ය. එම ඉනිමේ දී හසිත බෝයගොඩ පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී අමිල අපෝන්සු ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත්තේ ය.  

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (73.3) මහේල උඩවත්ත 24, ඇන්ජලෝ පෙරේරා 123, චාමර කපුගෙදර 38, සචින්ත පීරිස්  25, ඉෂාන් ජයරත්න 4/73, අමිල අපොන්සු 3/93, නිශාන් පීරිස් 2/62

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 377 (114) ෂෙහාන් ප්‍රනාන්දු 33, ලහිරු තිරිමාන්න 53, සුපේෂල ජයතිලක 25, සමින්ද ප්‍රනාන්දු 43, සමීර ද සොයිසා 70, ඉෂාන් ජයරත්න 99, සචින්ත පීරිස් 2/60

එන්. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 137 (37) හසිත බෝයගොඩ 51, දිනේෂ් චන්දිමාල් 23, මහේල උඩවත්ත 39, අමිල අපෝන්සු 4/48

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<