තවත් පාසල් බොක්සිං තරගාවලියක් හෙටින් ඇරඹෙයි

236

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ අනුදැනුම මත ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් සංවිධානය කරන 50 වන ටී. බී. ජායා පාසල් බොක්සිං තරගාවලිය මෙම මස (ඔක්තෝබර්) 18 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය බොක්සිං කවයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම තරගාවලිය සඳහා නවක පාසල් බොක්සිං ක්‍රීඩකයින්ට පමණක් විවෘත තරගාවලියක් වන අතර ජයග්‍රාහී ක්‍රීඩකයින් “ස්ටබ්ස් පළිහ” බොක්සිං තරගාවලියට හා ජාතික පාසල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබනු ඇත.

රාජකීයයන් දෙදෙනෙකු මූලික සංචිතයට

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් …

තරගාවලිය ප්‍රධාන වශෙයන් වයස් කාණ්ඩ 3ක් යටතේ පවත්වනු ලබයි. වයස අවුරුදු 13-14 අතර ක්‍රීඩකයින් ප්‍රාථමික අංශයේත්, 15-16 අතර ක්‍රීඩකයින් කනිෂ්ඨ අංශයේත්, 17-18 අතර ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨ අංශයේත් තරග වදියි. එම අංශ තුනේ ක්‍රීඩකයින් බර පන්ති අනුව පහත පරිදි තරග වදිනු ඇත.

  • ප්‍රාථමික අංශය – කි. ග්‍රෑ. 33-35, 35-37, 37-39, 39-41,41-43 සහ  43-45
  • කනිෂ්ඨ අංශය – කි. ග්‍රෑ. 44-46, 46-48, 48-50, 50-52 සහ 52-54
  • ජ්‍යෙෂ්ඨ අංශය – කි. ග්‍රෑ. 46-49 , 49- 52, 52-56, 56-60 සහ 60-64

ශූරතාවය විද්‍යාරතනයට; රාජකීයයන්ට දෙවැනි තැන

කනිෂ්ඨ ජාතික බොක්සිං ශූරතාවලියේ අවසන් තරග ඊයේ (04) මාස් රාජකීය බොක්සිං කවයේ දී …

ටී. බී. ජායා පාසල් බොක්සිං තරගාවලිය වර්ෂ 1969 දී ආරම්භ කරන ලද පාසල් බොක්සිං තරගාවලියක් වන අතර ඒ සඳහා “ස්ටබ්ස් පළිහ” බොක්සිං තරගාවලියේ සහ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයින් හට සහභාගී විය නොහැකි තරගාවලියකි. පසුගිය වසරේ (2017) පැවති තරගාවලියේ කණ්ඩායම් ශූරතාවය මුලතිව් විද්‍යානන්ද විද්‍යාලය විසින් හිමි කර ගැනීමට සමත් විය.

මෙවර ටී. බී. ජායා පාසල් බොක්සිං තරගාවලියේ තරගවල තරග වාර්තා සහ ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් සිටි. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා වන ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<