ThePapare එදාමෙදා තුර හොඳම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම

282

ශ්‍රී ලංකා හිටපු රග්බි ක්‍රීඩකයින්, වත්මන් රග්බි ක්‍රීඩකයින්, රග්බි විශේෂඥයින්, ශ්‍රී ලංකා රග්බි ප්‍රේක්ෂකයින්ගෙන් මෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හැමෝගෙන්ම විමසීමෙන් පසුව ThePapare එදාමෙදා තුර හොඳම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම තෝරා ගන්නට අප කටයුතු කළා. ශ්‍රී ලංකාවේ අමරණීය රග්බි ක්‍රීඩකයින්, ඔවුන් අයත්වන එක් එක් ස්ථාන යටතේ මේ ස්ථාන 15 අතරට එක්වුනේ මෙහෙමයි. 

ගෙවතු වගා අභියෝගයට එන රග්බි ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාව තුළ මෙන්ම මුළුමහත් ලෝකය තුළම මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය…..

ශක්තිමත් අධිෂ්ඨානශීලි ඉදිරිපෙළ!

නොම්මර 1 – ෂමිල් මොහොමඩ් 

  • පාසල – කොළඹ රාජකීය විද්‍යාලය (2002) 
  • ක්‍රීඩා සමාජය – CR & FC 
  • සුපිරි දක්ෂතා – ආරක්ෂක ක්‍රීඩකයින් සුණුවිසුණු කරමින් ඉදිරියට යන්නට උපන් දක්ෂයෙක්. පිටියේ අනෙක් සියලුම ප්‍රොප් ක්‍රීඩකයින්ට වඩා වේගවත් ක්‍රීඩකයෙක්. 
  • අනෙක් මතක සටහන් – 2005 වසරේ සිට 2010 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නියෝජනය කළ අතර 2008 වසරේ දී කණ්ඩායම මෙහෙයවන ලදී. 

නොම්මර 2 – විරාජ් ප්‍රසන්න 

  • පාසල – ඉසිපතන විද්‍යාලය (2000) 
  • ක්‍රීඩා සමාජය – CR & FC 
  • සුපිරි දක්ෂතා – දෑස් පියාගෙන වුවද Lineout අවස්ථාවක් කෙළින් ස්ථාන ගත කළ හැකි දක්ෂ ක්‍රීඩකයෙක්. ධාවනයේ යෙදිය හැකි ශක්තිමත් ක්‍රීඩකයෙක්. 
  • අනෙක් මතක සටහන් – 2003 වසරේ සිට 2007 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන ලදී. 

නොම්මර 3 – හෙන්රි ටෙරන්ස්

  • පාසල – වෙස්ලි විද්‍යාලය (2005) 
  • ක්‍රීඩා සමාජය – CR & FC, හැව්ලොක් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – ශරීර ප්‍රමාණය (අඩි හයයි අඟල් දෙකක් උස ප්‍රොප් ක්‍රීඩකයෙක් ඔබ වෙත දිව එන මොහොතක් මවා ගන්න!!), ඉතාම ශක්තිමත් ක්‍රීඩකයෙක් ලෙස නම් දරා ඇති ඔහුට ඉදිරිපෙළේ ඕනෑම තැනක ක්‍රීඩා කරන්නට හැකියාව තිබීම විශේෂයි. 
  • අනෙක් මතක සටහන් – වසර 31 කට පසුව 2012 වසරේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය ශූරතාවය කරා ගෙන ගිය නායකයායි. ශ්‍රී ලංකා කණ්ඩායම 2008 වසරේ සිට 2015 දක්වා නියෝජනය කරන්නටත් සමත් වුනා. 

අහස පරයන දැවැන්ත දෙවන පෙළ!

නොම්මර 4 – ෂෙනාල් ඩයස් 

  • පාසල – සාන්ත පීතර විද්‍යාලය (2010) 
  • ක්‍රීඩා සමාජය – හැව්ලොක් ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – දැවැන්ත ශරීර ස්වභාවය නිසා තාප්පයක් බඳු ආරක්ෂක ක්‍රීඩකයෙක් වන අතර ආක්‍රමණයේ දී රයිනෝවෙකු මෙන් කඩිසරයි. Wing ක්‍රීඩකයෙකු මෙන්ම වේගවත්. 
  • අනෙක් මතක සටහන් – ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම සත්සාමාජික රග්බි කණ්ඩායම ද 2011 වසරේ සිට 2015 වසර දක්වා නියෝජනය කළා. ජාතික රග්බි කණ්ඩායමට මෙන්ම ජාතික පැසිපන්දු කණ්ඩායමටත් ක්‍රීඩා කළ ඔහු අතිදක්ෂ ක්‍රීඩකයෙක්. 

නොම්මර 5 – ප්‍රියන්ත ඒකනායක

  • පාසල – සාන්ත අන්තෝනි විද්‍යාලය (1985) 
  • ක්‍රීඩා සමාජය – මහනුවර ක්‍රීඩා සමාජය, CH & FC ක්‍රීඩා සමාජය, CR & FC ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – ජෝනාහ් ලෝමුගේ ඉදිරියට ගිහින් වුනත් ඔහුව නැවැත්විය හැකි ක්‍රීඩකයෙක් ලෙස සුපතලයි, Line out පිමි වලදී විශ්වාසවන්තම ක්‍රීඩකයෙක් මෙන්ම ඔහුගේ තැනට සුදුසු නුවණ අති විශිෂ්ටයි. 
  • අනෙක් මතක සටහන් – 1985 වසරේ සිට 1997 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර වසර 10ක් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා. ආසියානු ක්‍රීඩා උළෙල හතරක් ද නියෝජනය කළ ඔහු, රග්බි ක්‍රීඩාවෙන් මෙන්ම පැසිපන්දු ක්‍රීඩාවෙන් ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරන්නට සමත් වුනා. 1997 වසරේ දී ආසියා බාබේරියන්ස් කණ්ඩායම මෙහෙය වූ ඔහු, නවසීලන්තයේ හා වේල්සයේ දේශීය කණ්ඩායම් වලට ද රග්බි ක්‍රීඩා කරන්නට තරම් වාසනාවන්ත වුනා. (තවත් බොහෝ ඇතත් දැනට නවතිමු.) 

වැඩියෙන්ම මහන්සි වන කණ්ඩායමේ තුන්වන පෙළ! 

නොම්මර 6 – දිලංක විජේසේකර 

  • පාසල – සාන්ත පීතර විද්‍යාලය (2002) 
  • ක්‍රීඩා සමාජය – CH & FC ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – කවදාවත් තමන් ඉදිරියට එන ප්‍රතිවාදියෙක්ට නිදහසේ යන්න ඉඩ නොදෙන ක්‍රීඩකයෙක් ලෙස සුපතලයි. ඕනෑම අවස්ථාවක පළමුවෙන්ම ruck අවස්ථාවට දිව යන්නේ ද ඔහුයි. 
  • අනෙක් මතක සටහන් – 2004 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්නට ඔහු වාසනාවන්ත වුනා. 

දකුණු අප්‍රිකාවට අභියෝග කළ අපේ රග්බි වීරයෝ

මීට වසර 27කට පෙර එනම් 1993 වසරේ සිංගප්පූරු ක්‍රිකට් සමාජය මෙහෙයවූ සත් සාමාජික රග්බි තරගාවලියක්….

නොම්මර 7 – ෂෝන් විජේසිංහ 

  • පාසල – ත්‍රිත්ව විද්‍යාලය 
  • ක්‍රීඩා සමාජය – මහනුවර ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – විශ්වාසවන්තම පන්දුව ඉදිරියට රැගෙන යන ක්‍රීඩකයෙක්. ප්‍රතිවාදීන් නැවැත්වීමට මෙන්ම ප්‍රතිවාදීන්ගෙන් පන්දුව උදුරා ගන්නටත් අති දක්ෂ ක්‍රීඩකයෙක්. රග්බි පිටිය දුටු විශිෂ්ටම නායකයෙක්. 
  • අනෙක් මතක සටහන් – 2003 වසරේ සිට 2013 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඔහු 2011 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා. 

නොම්මර 8 – හැරිස් ඕමාර් 

  • පාසල – ත්‍රිත්ව විද්‍යාලය (1995) 
  • ක්‍රීඩා සමාජය – මහනුවර ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – ඔබට ඔබව කුඩා යැයි සිතෙන තරමට දැවැන්ත ක්‍රීඩකයෙක්. එක් තල්ලු කිරීමකින් ක්‍රීඩකයෙක් දෙතුන් දෙනෙක් බිම ඉන්දවිය හැකි ඔහු සිංහයෙකු සේ ආරක්ෂක වළල්ලේ නිර්භීතව ක්‍රීඩා කළ අයෙක්. මුවෙක් සේ වේගවත් අතිදක්ෂ ක්‍රීඩකයෙක්. 
  • අනෙක් මතක සටහන් – 1996 වසරේ සිට 2002 වසර දක්වා වතාවන් කිහිපයක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර මංගල අන්තර් ක්‍රීඩා සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ දී මහනුවර කණ්ඩායම ශූරතාවය කරා මෙහෙය වූ නායකයායි. 

පිටියේ රජවරුන් – ස්ක්‍රම් හාෆ් හා ෆ්ලයි හාෆ් ක්‍රීඩකයින්! 

නොම්මර 9 – රොෂාන් වීරරත්න 

  • පාසල – කිංග්ස්වුඩ් විද්‍යාලය (2009) 
  • ක්‍රීඩා සමාජය – මහනුවර ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – වේගයෙන් පන්දුව දෙපසට බෙදා හැරිය හැකි ඔහු, ඔහුගේ ක්ෂණික නුවණින් ප්‍රතිවාදී ආරක්ෂක වළලු අන්ද මන්ද කරන ක්‍රීඩකයෙක්. ක්ෂණයකින් පිටියේ හිඩැස් අඳුර ගන්නා ඔහු තත්පර කීපයකින් කණ්ඩායමේ ක්‍රීඩා විලාසය සම්පූර්ණයෙන් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙක්.  
  • අනෙක් මතක සටහන් – 2010 වසරේ සිට 2018 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඔහු 2017 වසරේ දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා. මහනුවර ක්‍රීඩා සමාජය ඔහුගේ නායකත්වය යටතේ ලීග් ශූරතාවයක් ද දිනා ගත්තා. 

නොම්මර 10 – ෆාසිල් මරිජා 

  • පාසල – කිංග්ස්වුඩ් විද්‍යාලය (2004) 
  • ක්‍රීඩා සමාජය – මහනුවර ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – ආසියාවේ බිහිවුනු හොඳම රග්බි ක්‍රීඩකයෙක්!! හොඳම රග්බි ක්‍රීඩකයින් 15 දෙනා තේරූ හැමෝගෙම නොම්මර 10 වීම තරම් තවත් උදාහරණ අවශ්‍ය ද? 
  • අනෙක් මතක සටහන් – 2000 වසරේ සිට 2017 දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම සත්සාමාජික රග්බි කණ්ඩායම ද නියෝජනය කළා. කණ්ඩායම් දෙකේම නායකයා ලෙස ද කටයුතු කළා. ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ රග්බි තරගාවලි වලද ‘හොඳම රග්බි ක්‍රීඩකයා සම්මානය’ වාර ගණනාවක්ම දිනා ගත් ක්‍රීඩකයෙක්. මහනුවර ලීග් ශූරතා දෙකකට මෙහෙය වූ නායකයෙක්. 

කණ්ඩායමේ අශ්වාරෝහකයෝ – සෙන්ටර් ක්‍රීඩකයින්! 

නොම්මර 12 – ගයාන් වීරරත්න 

  • පාසල – කිංග්ස්වුඩ් විද්‍යාලය (2007) 
  • ක්‍රීඩා සමාජය – මහනුවර ක්‍රීඩා සමාජය හා CH & FC ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – ‘ශ්‍රී ලංකාවේ සනී බිල් විලියම්ස්’ ලෙස විරුදාවලිය ලත් ඔහු, රග්බි පිටියේ ඕනෑම ක්‍රීඩකයෙක් පසුකර දිව යා හැකි, ඕනෑම ක්‍රීඩකයෙක් මට්ටු කළ හැකි වේගවත් මෙන්ම නුවණැති ක්‍රීඩකයෙක්. 
  • අනෙක් මතක සටහන් – මහනුවර කණ්ඩායම ලීග් කුසලානය කරා ද මෙහෙය වූ ඔහු, 2008 වසරේ සිට 2018 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම සත්සාමාජික රග්බි කණ්ඩායම ද නියෝජනය කළා. 

නොම්මර 13 – ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක 

  • පාසල – ධර්මරාජ විද්‍යාලය (1990) 
  • ක්‍රීඩා සමාජය – මහනුවර ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – ඇවිලෙන සුළු වේගයෙන් ධවල රේඛාව ඉක්මවා යන්නට උපන් හපන්කම් තිබුනු ඔහු, ඔබ පිටියේ කොහේ සිටියත් ඔබේ සහයට පසුපසින් දිව එනු ඇත. දෑස් පියාගෙන වුවත් පිටියේ අවස්ථාවන් නිර්මාණය කරන ‘බණ්ඩේ’ පසුකර යන්නට සමත් කිසිවෙකු එවකට රග්බි පිටියේ සිටියේ නැත. 
  • අනෙක් මතක සටහන් – 1992 වසරේ සිට 2002 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම සත්සාමාජික රග්බි කණ්ඩායම ද නියෝජනය කළා. මහනුවර ක්‍රීඩා සමාජය ද්විත්ව රග්බි කිරුළු කරා මෙහෙය වූ ලාබාලතම නායකයා ඔහුයි (වයස අවුරුදු 23). 

තරග අවසන් කරන්නෝ! 

නොම්මර 11 – ධනුෂ්ක රන්ජන් 

  • පාසල – සාන්ත පීතර විද්‍යාලය (2012) 
  • ක්‍රීඩා සමාජය – හැව්ලොක් ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – ඔහුගේ වේගය නිසාම පහසුවෙන් ඔබව පසුකර යන ඔහු, නිතරම උත්සාහක දිනුම් පිපාසයකින් සිටිනවා. ඔහුගේ අතට පන්දුව ගියොත් උත්සාහක දිනුමක් නිසැකයි!! බොරු නම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ෆීජි කණ්ඩායමට එරෙහිව ඔහු වාර්තා කළ උත්සාහක දිනුම බලන්න! 
  • අනෙක් මතක සටහන් – ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණඩායම මෙන්ම ජාතික රග්බි කණ්ඩායම ද 2013 වසරේ සිට 2018 දක්වා නියෝජනය කළා. 

නොම්මර 15 – රීසා මුබාරක් 

  • පාසල – ඉසිපතන විද්‍යාලය (2007) 
  • ක්‍රීඩා සමාජය – CR & FC, හැව්ලොක්, පොලිස් හා නාවික හමුදා ක්‍රීඩා සමාජ 
  • සුපිරි දක්ෂතා – ඔබව පහසුවෙන් මෝඩයා කරන අති දක්ෂ සකසුරුවම් ක්‍රීඩකයෙක්. ස්කෑනරයක් වැනි ඇස් ඇති ඔහුට පිටියේ ඕනෑම තැනක සිට පන්දුව ගෝල කණු අතරින් යැවිය හැකි ක්‍රීඩකයෙක්. ප්‍රතිවාදින්ව හඹා ගොස් නැවැත්වීමට උපන් හපන්කම් ඇති ක්‍රීඩකයෙක්. 
  • අනෙක් මතක සටහන් – 2009 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම සත්සාමාජික කණ්ඩායම ද නියෝජනය කළ ඔහු, 2013 ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනා ගත්තා. 

නොම්මර 14 – සංජීව ජයසිංහ 

  • පාසල – විද්‍යා විද්‍යාලය (1998) 
  • ක්‍රීඩා සමාජය – හැව්ලොක් ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය 
  • සුපිරි දක්ෂතා – ඔහු එවකට ක්‍රීඩා පිටියේ වේගවත්ම ක්‍රීඩකයායි. ඕනෑම ක්‍රීඩකයෙක් පසුකර දිවයන ඔහුගේ වේගය අද්විතීයයි. 
  • අනෙක් මතක සටහන් – 1998 වසරේ සිට 2011 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා සත්සාමාජික රග්බි කණ්ඩායම නියෝජනය කළ ඔහු, All Blacks කණ්ඩායම එරෙහිව අලංකාර අමතක නොවන උත්සාහක දිනුමක් වාර්තා කළා. ඔහු හැව්ලොක් කණ්ඩායම මෙහෙය වූ ලාබාලතම නායකයායි. 

තවත් අමතක නොවන ක්‍රීඩකයින් – හිශාම් ආබ්දීන් (CH & FC), චන්ද්‍රිශාන් පෙරේරා (CH & FC), ශම්ලි නවාස් (CR & FC), නාලක වීරක්කොඩි (මහනුවර ක්‍රීඩා සමාජය), නිල්ෆර් ඉබ්‍රහිම් (මහනුවර ක්‍රීඩා සමාජය), අම්ජාඩ් බුක්ෂ් (CR & FC හා මහනුවර ක්‍රීඩා සමාජය)

ThePapare.com අපේ හොඳම ක්‍රීඩකයින් XV සටහන් වන්නේ එසේයි!! ඔබේ ප්‍රියතම ක්‍රීඩකයින් මෙහි සිටිනවා ද? ඔබේ අදහසුත් අපිට එකතු කරන්න.. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<