මුහුදු පිහිනුම් ශූරයෝ ශ්‍රී දේවානන්දයේ නිරෝද් සහ ෂෙහාරා

Open Two Mile Sea Swim 2024

232

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩලය සහ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය 49 වැනි වරටත් සංවිධානය කළ සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේ ශූරයා සහ ශූරිය ලෙසින් අභිශේක ලැබීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය නියෝජනය කළ නිරෝද් තීක්ෂන ද සිල්වා සහ ෂෙහාරා අනුහංසි ද සිල්වා සමත් වූවා.

මෙම මුහුදු පිහිනුම් තරගාවලිය (18දා) අම්බලන්ගොඩ තානායකම අසල මුහුදු තීරයේ දී පැවැතියා.

පිරිමි විවෘත අංශයෙන් තරගාවලියට එක් වූ 16 වැනි වියේ පසුවෙන නිරෝද් තීක්ෂණ ද සිල්වා තරගය අවසන් කිරීමට ගත කරන්නේ විනාඩි 40:56.89ක කාලයක්. කාන්තා විවෘත අංශයෙන් තරග වැදුණ 18 හැවිරිදි වියේ පසුවෙන ෂෙහාරා අනුහංසි ද සිල්වා තරගය අවසන් කිරීමට ගත කාලය විනාඩි 48:25.42ක්.

තරගය නිමා කිරීමේ ප්‍රශස්ථ කාලය ලෙසින් පැයකුත් විනාඩි 15ක් ලබා දී තිබූ අතර ඒ අනුව සහභාගී වූ ක්‍රීඩකයන් අතුරින් 191 දෙනෙක් එම කාලයේ දී තරගය නිමා කර තිබුණා. කාන්තා අංශයේ දී එම කාලය තුළ තරගය නිමා කිරීමට ක්‍රීඩිකාවෝ 36 දෙනෙක් සමත් ව තිබුණා.

විවෘත පිරිමි අංශය

පිරිමි අංශයේ පළමු ස්ථානය නිරෝද් තීක්ෂණ ද සිල්වා සතු කර ගනිද්දී එහි 2 වැනි සහ තෙවැනි ස්ථාන කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය ආකාශ් ප්‍රභාෂ්වර සහ මෙත්වන් ප්‍රනාන්දු සතු වුණා. ඔවුන් දෙදෙනා තරගය නිමා කිරීමට ගත කළ කාලය පිළිවෙලින් 41:00.05ක් සහ 41:14.46ක්.

ඒ අතුරින් නියමිත කාලයට පෙර තරගය අවසන් කළ වයස් ගත ම ක්‍රීඩකයා වූයේ අම්බලන්ගොඩ Old Sokians පිහිනුම් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ආර්. එම්. කාන්ත කරුණාරත්න. වයස අවුරුදු 63ක් වූ ඔහු තරගය නිමා කිරීමට ගත කාලය පැය1:14:42.00ක්.

තරගාවලියේ පිරිමි අංශයේ පළමු ජයග්‍රාහකයන් 10 දෙනා
නම වයස නියෝජනය කළ කණ්ඩායම වේලාව
1 තීක්ෂණ ද සිල්වා 16 ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ 40:56.89
2 ආකාශ් ප්‍රභාෂ්වර 16 සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ 41:00.05
3 මෙත්වන් ප්‍රනාන්දු 17 සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ 41:14.46
4 ජී. එස්. එන්. පෙරේරා 30 ශ්‍රී ලංකා නාවික හමුදාව 41:15.33
5 කෞෂංක ද සිල්වා 18 ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ 41:17.82
6 නිඳුවර ඒකනායක 16 ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ 41:37.40
7 එස්. කේ. ශිරාන් 18 සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ 41:57. 36
8 ජී. ඒ. කරුණානායක 23 ශ්‍රී ලංකා යුද හමුදාව 41:58.39
9 ඒ. එස්. අබේසිංහ 32 ශ්‍රී ලංකා යුද හමුදාව 42:03.81
10 එස්. අයි. ද සිල්වා 33 ශ්‍රී ලංකා යුද හමුදාව 42:04.35

විවෘත කාන්තා අංශය

කාන්තා අංශයේ පළමු ස්ථානය ෂෙහාරා අනුහංසි ද සිල්වා දිනා ගනිද්දී එහි 2 වැනි ස්ථානය අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ 15 හැවිරිදි වියේ පසු වෙන හෙසාරා ද සිල්වා විසින් ද සහ තෙවැනි ස්ථානය ධර්මාශෝක විද්‍යාලයේ 19 හැවිරිදි වියේ පසුවෙන අනර්කලී ද සිල්වා විසින් දිනා ගත්තා.

තරගාවලියේ කාන්තා අංශයේ පළමු ජයග්‍රාහකයන් 10 දෙනා
නම වයස නියෝජනය කළ කණ්ඩායම කාලය
1 අනුහංසි ද සිල්වා 18 ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ 48:25.42
2 හෙසාරා ද සිල්වා 15 ප්‍රජාපති බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ 48:41.44
3 අනර්කලී ද සිල්වා 19 ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ 48:44.05
4 සෙනුලි කරුණාරත්න 14 ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ 49:18.06
5 අනුදි අමෝදා 16 ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ 51:49.17
6 ක්‍රිශේල් රොබින් 16 කාන්තා විද්‍යාලය, කොළඹ 51:53.40
7 එම්. තෙන්නකෝන් 20 කොතලාවල ආරක්ෂක පීඨය 52,08.55
8 යසාංගා ද සොයිසා 15 ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ 52:13.23
9 යසෝදා ද සිල්වා 18 ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ 52:39.87
10 ඒ. එම්. පී. ශාන්ති 25 ශ්‍රී ලංකා යුද හමුදාව

විවෘත කණ්ඩායම් අංශය

කාන්තා අංශයේ කණ්ඩායම් ශූරතාව ලකුණු 94ක් ලබා ගත් ධර්මාශෝක විද්‍යාලයිය ක්‍රීඩිකාවෝ සතු කර ගත් අතර එහි 2 වැනි ස්ථානය ලකුණු 31ක් ලබා ගත් ශ්‍රී දේවානන්ද විද්‍යාලය සතු වූවා. තෙවැනි ස්ථානය දිනා ගත්තේ ලකුණු 30ක් ලබා ගත් අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයයි.

සමස්ත තරගාවලියේ සිවු වැනි ස්ථානය කොළඹ කාන්තා විද්‍යාලය විසින් ද සහ 5 වැනි ස්ථානය කොතලාවල ආරක්ෂක පීඨය විසින් ද දිනා ගත්තා. ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව පිළිවෙළින් 16ක් සහ 13ක්.

පිරිමි අංශයේ පළමු ස්ථානය ලකුණු 84ක් ලබා ගත් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සතු වූ අතර එහි 2 වැනි ස්ථානය ලකුණු 58ක් ලබා ගත් ශ්‍රී ලංකා යුද හමුදාව ද සහ තෙවැනි ස්ථානය ලකුණු 32ක් ලබා ගත් ශ්‍රී දේවානන්ද විද්‍යාලය ද සතු වුනා.

තරගාවලියේ සිවු වැනි ස්ථානය ලකුණු 29ක් ලබා ගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම සතු වූ අතර එහි 5 වැනි ස්ථානය ලකුණු 16ක් ලබා ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වුනා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<