ක්‍රීඩා අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

110
ඡායාරූපය Sri Lanka Sports වෙබ් අඩවියෙනි.

ක්‍රීඩා අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පරිපාලන නිලධාරියකු හා තානාපති නිලධාරියකු වන කේ .ඩී .එස්. රුවන්චන්ද්‍ර මහතා පත්කර තිබේ. ඒ මහතා ඊයේ (28) උදෑසන ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිය රාජකාරි ආරම්භ කළේය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන නිකුත් වෙයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් ……….

මීට පෙර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර ද හෙබවූ ඔහු පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. ක්‍රීඩා අමාත්‍යාංශයට අමතරව යෞවන කටයුතු අමාත්‍යාංශයට ද ඔහුගේ සේවය ඉදිරියේ දී හිමි වනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ විශේෂ උපාධියක් සහ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන තිබෙන ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය සහ රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යන ආයතනවලට ද සේවය සපයා ඇත. 

තවද අභිනව ලේකම්වරයා වසර පහකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) උපදේශකයෙකු ලෙස ද සේවය කරයි. ඔහු චීනයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක සේවය කළ නිලධාරියෙකි.

තොරතුරු මූලාශ්‍රය – Sri Lanka Sports

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<