හතුරුසිංහ කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස් හෙළි කරයි

846

සුරංග ලක්මාල්ගේ නායකත්වයත් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙවැනි ඉනිමේ දී කොදෙව් ක්‍රීඩකයින් අමාරුවේ දමමින් විශේෂ පන්දු යැවීමක නිරත වූ නිසා තෙවන ටෙස්ට් තරගය ජයගෙන තරගාවලිය සමකරන්නට අපිට හැකි වුනා යැයි චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය හමුවක දී අදහස් දැක්විය.

කුසල්ගේ ධෛර්යයෙන් ශ්‍රී ලංකාව ගොඩ යයි

දිල්රුවන් පෙරේරා සහ කුසල් පෙරේරා එක්ව 7 වැනි කඩුල්ලේ දී පෑ දක්ෂතා හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී කොදෙව් කණ්ඩායමට ලකුණු 204ක් ලබා දුන් අතර සිය පිළිතුරු පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් රැස්කර ගත්තේ ලකුණු 93ක් පමණි. දෙවැනි ඉනිමේ දී කොදෙව් ක්‍රීඩකයින් එකා පසුපස එකා ලකුණු 93කට දැවී ගිය අතර සිව්වැනි දිනය ආරම්භ වන විට ජයග්‍රහණය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවශ්‍ය වූයේ කඩුලු පහක් අතැතිව ලකුණු 63ක් පමණි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම නොමැතිව තරුණ කණ්ඩායමක් මේ දිවා රාත්‍රී ටෙස්ට් තරගයට සහභාගී වූ අතර දිනේෂ් චන්දිමාල් හට ද තරග තහනමක් ලැබීම නිසාවෙන් වගකීම් හිමි වූ තරුණ ක්‍රීඩකයින් ඉතා අධිෂ්ඨානයෙන් තරග කළ බව ද හතුරුසිංහ මහතා පැවසිය.

“අපිට ගොඩක් හොඳ දේවල් මෙන්ම නරක දේවල් ද වුනා, නැවත පැමිණෙමින් තරගය ජයග්‍රහණය කර තරගාවලිය සම කිරීම හොඳ උත්සාහයක්, අපිට බලාපොරොත්තුවක් තිබුණා. නමුත් තරගය ක්‍රියාත්මක වන විට අපි පීඩනයකට ලක්වුණා”

“උපක්‍රමශීලීව අපි ජේසන් හෝල්ඩර්ව ඉලක්ක කරගෙන හිටියේ, නමුත් අපේ දෙවන ඉනිමේ පන්දු යැවීම අපිට තරගය දිනවලා දුන්නා, සුරංග කණ්ඩායම එකතු කරගෙන සංවාදයක යෙදුණා, සියලුම ගෞරව හිමිවන්නේ අපගේ පන්දු යවන්නන්ට, සුරංග ඉදිරියෙන් සිටම කණ්ඩායම මෙහෙයවූවා, විශේෂයෙන්ම පන්දුවාර දහයක් ඔහු එක දිගට ක්‍රියාත්මක කළේ කොදෙව් ක්‍රීඩකයින් දැඩි පීඩනයකට ලක් කරමින්.”

එහෙත් හරි වැස්ස; දිමුත් සහ තිරිමාන්න අර්ධ ශතක රැස් කරති

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හි සාහුර් අහමඩ් චෞද්රි ක්‍රිකට්…

ලක්මාල් තරගය පුරා කඩුලු පහක් දවා ගත් අතර දෙවන ඉනිමේ දී ලකුණු 25කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. නායකත්වයේ පළමු අත්දැකීම පිළිබඳ ඔහු මෙසේ අදහස් දැක්විය.

“මට බොහොම සතුටුයි, මම බලාපොරොත්තු වෙන් හිටපු නැති දෙයක්, මම හිතුවා මෙය ඉතා වැදගත් අවස්ථාවක් කියලා, මම ඒ අවස්ථාව ලබා ගත්තා.”

කුසල් පෙරේරා පෙර දින රාත්‍රියේ අනතුරකට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදු වූ නමුත් සිව්වැනි දිනයේ සවස නැවත පිටියට පැමිණ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය. කුසල්ට අනගි සහයක් දුන් දිල්රුවන් පෙරේරා කුසල් සමඟ සාර්ථකව තරගය නිමා කළේය.

කුසල් හා දිල්රුවන් එකම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කිරීම, අපහසු තණතිල්ලක ක්‍රීඩා කිරීමට ඔවුන් දෙදෙනාට උපකාර වූ බව දිල්රුවන් පවසා සිටියේය.

“අප සිතුවා අපි දිගු වෙලාවක් පිතිකරණයේ යෙදුනොත් අපිට අවශ්‍ය ලකුණු ලබාගත හැකි හැකි වෙයි කියලා, අපි දෙදෙනාම එකම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන්නේ, ඒ  නිසා අපි එකිනෙකා හොඳට හඳුනනවා.”

“මම මේ ආකාරයේ පිතිහරඹයක යෙදුණු පළමු වතාව මේක, ඒක බොහොම අමාරු වුනා, නමුත් මට සතුටුයි අපිට එම ඉලක්කය සපුරා ගැනීමට හැකි වුනා.”

“අපිට දෙවන ඉනිමේ අවශ්‍ය තරම් ලකුණු රැස්කර ගැනීමට හැකි වුනේ නැහැ, එම නිසා අපේ පන්දු යවන්නන් පීඩනයකට ලක්වුණා, ඔවුන්ට විශේෂ දෙයක් කිරීමට නොහැකි වුනා, අපි ලකුණු 140ක ඉලක්කයක් ඔවුන්ට ලබා දුන්නා, අපි දැනන් හිටියා අපිට කුමක් හෝ කළ හැකි වෙයි කියලා, නමුත් අපිට පන්දු රැකීමේ දී අවස්ථා කිහිපයක් අහිමි වුනා.” හෝල්ඩර් අදහස් පල කළේය.

කොදෙව් ක්‍රීඩකයින් ලබන මාසයේ දී බංගලාදේශ කණ්ඩායම කැරිබියන් දූපත් හි සංචාරයක නිරත වීමට නියමිතයි.

“ශැනොන් ගේබ්‍රියෙල් විශිෂ්ට දක්ෂතා පෙන්වීමට සමත් වුනා, මම ඔහුට ප්‍රශංසා කළ යුතුමයි, ෂේන් ඩෝව්රිච් ද විශිෂ්ට දක්ෂතා පෙන්වීමට සමත් වුනා, කෙමාර් රොච් ද මතක් කළ යුතුමයි.”

බංගලාදේශය සමඟ කොදෙව් දූපත් ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<