ඉන්දියානුවන් වෙනුවෙන් SRH හිමිකරුවන් පෙරට එයි

206

කොරෝනා වසංගතයෙන් ලොව වැඩියෙන්ම පීඩාවට පත්වූ ඉන්දියානු ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ඇතුළු දෑ සඳහා යෙදවීමට SunRisers Hyderabad කණ්ඩායමේ මව් හිමිකරුවන් වන Sun TV Network ආයතනය විසින් ඉන්දීය රුපියල් කෝටි 30ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙම වසංගතයේ නව ප්‍රභේදයක් ඉන්දියාව තුළ හමුවීමෙන් පසු එය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් අතර එම නිසාවෙන් ඉන්දියාව තුළ දෛනික ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉතා දැඩි ලෙස ඉහළ යන්නට වුනා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මෙම මුදල පරිත්‍යාග කිරීම පිළිබඳව SunRisers Hyderabad විසින් සිය Twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ,

“කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ ඉන්දීය ජනතාව වෙනුවෙන් සහන සැලසීමට Sun TV Network ආයතනය ඉන්දීය කෝටි 30ක මුදලක් පරිත්‍යාග කළා. එම මුදල කොරෝනා වසංගතයට එරෙහිව ඉන්දියාව තුළ මේ දිනවල දී ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග කිහිපයක් සඳහා මේ මුදල වැය කෙරෙනවා.

ඉන්දීය රජය සහ ප්‍රාන්ත රජය ක්‍රියාත්මක කරන සහ ආරම්භ කරන විවිධ වැඩසටහන් සඳහා ආධාර ලබා දීම සහ ඔක්සිජන් සිලින්ඩර, ඖෂධ ඇතුළු දෑ සපයන රාජ්‍ය නොවන සංවිධාන සමඟ හවුල්ව කටයුතු කිරීම එහි මූලික අරමුණයි.”  

කොරෝනා වසංගතය නිසාවෙන් ඊයේ (10) දිනට පමණක් ඉන්දියාව තුළ නව ආසාදිතයින් 329,517ක් සහ මරණ 3,879ක් වාර්තා වී තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<