ශ්‍රී ලංකා තරගාවලිය අවලංගු කිරීම ගැන ස්ටුවර්ට් කතා කරයි

131

COVID-19 වයිරසය වසංගතයක් ලෙස පැතිර යාමත් සමඟින් ලොව පුරා ක්‍රීඩා තරග රැසක් අවලංගු කර තිබුණි. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගි වීමට මෙරටට පැමිණ සිටිය ද මෙම තත්ත්වයන් නිසා එම තරගාවලිය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි. 

එංගලන්ත ශ්‍රී ලංකා සංචාරය කල් දැමීමට එංගලන්තය ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබූ “ඉතා දැඩි, නමුත් අත්‍යවශ්‍ය” තීරණය පිළිබඳව එංගලන්ත වේගපන්දු ‍යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් තම සතුට පලකර ඇත. 

ඔව් මං වැරදි, මං සමාව අයැද සිටිනවා – මන්ජේකාර්

මේ දිනවල ලොව පුරා පැතිර යන COVID-19 වයිරසය නිසා ඉන්දියානු ප්‍රිමියර් ලීග් ….

“අපේ ක්‍රීඩකයන්ගේ සහ සහායක කණ්ඩායම්වල ශාරීරික හා මානසික යහපැවැත්ම ඉතා වැදගත්” බව පවසමින් ටෙස්ට් තරග දෙකේ තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කළ අතර සංචාරක එංගලන්ත කණ්ඩායම මේ සති අන්තයේ දී නැවත එංගලන්තය බලා යාමට නියමිතව තිබිණි. 

මේ පිළිබඳව ඉරිදා පුවත්පතක තීරු ලිපියක් සඳහා අදහස් දැක්වූ ස්ටුවර්ට් බ්‍රෝඩ්, ක්‍රීඩකයන්ට තරගාවලිය අවලංගු කිරීම කනගාටුවට කරුණක් වුවත් තම ක්‍රීඩකයන්ට සහ රසිකයින්ට මුල් තැන දීමට බලධාරීන් කළ ඉල්ලීමට තමා සහාය දුන් බව අවධාරණය කළේය.

“සිකුරාදා දිනයේ දී ජෝ රූට් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ බව අපිට දැන්වුවා.  ඒ වෙලාවේ එය අතිශයින්ම සතුටට කරුණක් වුනා” යනුවෙන් බ්‍රෝඩ් පවසා ඇත.  “එංගලන්තයේ සියලු දෙනා අපි ගැන කනස්සල්ලෙන් සිටි බව අපට දැනුණා.” 

“නිසැකවම අපව සමාජ මාධ්‍ය හරහා එංගලන්තයේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව දැනගන්න ලැබුණා. සුපිරි වෙළඳසැල්වල මිනිසුන් පොරකන ආකාරය ඇත්තෙන්ම අපිව පුදුමයට පත්කළා.” 

“ශ්‍රී ලංකාවේ වායුගෝලය බෙහෙවින් හිතකරයි. ඒ වයිරස් රෝගීන් වැඩි ප්‍රමාණයක් නොසිටින නිසා. ඒත් කණ්ඩායමක් වශයෙන් අපි අවශ්‍ය පරතරය තබාගෙන ඉතා පරිස්සම් වී සිටියේ. එදිනෙදා ජීවිතයේ කිසිදු වෙනසක් දැනුණේ නෑ. ” 

සංගාගේ පුහුණුවීම් අපතේ යයි?

පසුගිය දින කීපය මෙරට ක්‍රීඩාලෝලීන්ට එතරම් සුබදායි කාලයක් වූයේ නැත. වසංගතයක් …..

බ්‍රෝඩ් පැවසුවේ ක්‍රීඩකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් කුමක් සිදුවේවිද යන්න පිළිබඳව අවිනිශ්චිතභාවයක් තිබූ බවත්, තම කණ්ඩායමේ එක් සාමාජිකයෙකුට හෝ මෙම වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් අනෙක් සියල්ලන්ටම සති දෙකක් ස්වයං හුදකලාව යාමට සිදු වනු ඇති බවට බියක් තිබූ බවත්ය.

“පවුලේ සාමාජිකයෙකු නිවසේ දී අසනීප වී, අපි විදේශයක නිරෝධායනයක යෙදී සිටියා නම් කුමක් සිදුවේ ද? එයින් අදහස් කරන්නේ ඔවුන් වෙත නැවත යාමට ක්‍රමයක් නොමැති බවයි. අප. ප්‍රේක්ෂකයෙකුට මේ වයිරසය වැලඳී එය අනෙක් රසිකයන් අතර පැතිරෙන්නට පටන් ගත්තා නම් කුමක් සිදුවේද? මෙම තරගාවලියට 3,000ක් පමණ පැමිණීමට සූදානම්ව සිටියා. පසුගිය දින කිහිපය තුල මේ තත්වයේ භයානක බව ලෝකය වටහා ගැනීමට පටන් ගෙන තිබේ. මෙය සැබවින්ම කෙතරම් බැරෑරුම්ද යන්න තේරුම් ගත්තට පස්සේ නගර හා අනෙකුත් දේ  වසා දැමීමට ඔවුන් පටන් ගත්තා.”

“ටොම් හැරිසන්, ඈශ්ලි ගයිල්ස් හා එංගලන්ත ක්‍රිකට් ආයතනයේ හි ධූරාවලිය තුළ ඉහළින් මේ ක්‍රීඩකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත් මේ තීරණය ඉතා දැඩි හා අපහසු එකක්. ඒත් අත්‍යවශ්‍ය තීරණයක් ගැනීම ගැන ඔවුන්ට ගෞරවය හිමි වෙනෙවා.”

“මෙවැනි සංචාරයක සියලු මූල්‍ය අංශ සමඟ සලකන විට එවැනි තීරණයක් පහසු තීරණයක් නොවේ. අවසානයේ දී අපට අවශ්‍ය වන්නේ එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමටයි. එබැවින් අප පිටත්ව යෑම කනගාටුවට කරුණක්. බලාපොරොත්තු සුන්වීම නොතකා නිවැරදි තීරණයක් ඔවුන් ගෙන තිබෙනවා. අපි සියලු දෙනාම නැවත පැමිණ මෙම තරගාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා.” 

අනාගත සංචාර පිළිබඳව සැලකීමේ දී මෙම තරගාවලි නැවත සංවිධානය කිරීම ඉතා අපහසු වනු ඇති බව බ්‍රෝඩ් පිළිගෙන ඇත. කෙසේ වෙතත් මෙම ටෙස්ට් තරග දෙකක තරගාවලිය 2021 මුල් භාගයේ දී එංගලන්ත ඉන්දියාවේ සංචාරය අවසානයේ ක්‍රීඩා කළ හැකි බව බ්‍රෝඩ් පවසා තිබිණි. 

“ක්‍රිකට් කාලසටහන් මේ වන විට තරගාවලිවලින් පිරී තිබෙනවා. මේ තරගාවලිය කොතැනක හෝ පැවැත්වීම පහසු නොවනු ඇත. අපි මේ අවස්ථාවේ සැලසුම් කළ පරිදි ටෙස්ට් තරග දෙකටම ගැලපෙන පරිදි මාසයක් පුරා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වේවි. නමුත් 2021 මුල් භාගයේ ඉන්දියානු සංචාරයේ අවසානයට මේ තරගාවලිය එක් කල හැකියි. ” 

IPL සිහින පස්සට යයි

COVID-19 (නව කොරොනා වයිරසය) පැතිරී යාම යාම පිළිබඳ ගෝලීය අවධානය ……..

“න්‍යායාත්මකව ගත් කල, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් අදියර සඳහා මේ තරග  ලබන වසරේ මේ කාලය වන විට අවසන් කළ යුතුව තියෙනවා. එහි අවසන් තරගය ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතයි. අපට නැවත පැමිණ ක්‍රීඩා කිරීමට හැකියි. ඒ අනුව 2021 ආරම්භයේ දී එංගලන්තය වෙනුවෙන් දැවැන්ත ටෙස්ට් තරග 7ක් පැවැත්වේවි. ” 

මෙහි දී බ්‍රෝඩ් පවසා ඇත්තේ තමා එක්සත් රාජධානියේ සති කිහිපයක් “ඉතා අමුතු” කාලයකට මුහුණ දෙන නමුත් සංචාරය කල් දැමීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ප්‍රකාශය සමඟ එකඟ වන බවයි. මෙවැනි තීරණ ක්‍රිකට්වලින් ඔබ්බට යන බව ද ඔහු කියා සිටියා. 

“අපි නැවත එංගලන්තයට පියාසර කරන්නේ ක්‍රීඩාවෙන් තොර ජීවිතය කෙබඳු දැයි ඉක්මනින් වටහා ගත හැකි කාලයකට” යැයි ඔහු පවසා ඇත. 

“එය සති කිහිපයකට ඉතා අමුතු දෙයක් වේවි. එය බොහෝ දෙනෙකුට බලපාන නමුත් ක්‍රීඩාවට වඩා සමහර දේවල් වැදගත් වෙනවා. මෙය ලොව පුරා පැතිර වසංගතයක් වන නිසා එයට ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ” 

Cricinfo ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<