IPL සිහින පස්සට යයි

74

COVID-19 (නව කොරොනා වයිරසය) පැතිරී යාම යාම පිළිබඳ ගෝලීය අවධානය යොමුවීමෙන් පසුව 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් 15 දක්වා කල් දමා ඇත.

අප්‍රේල් මස වන විට මෙම තත්වය පහව ගොස් තිබුණහොත් මෙම තරගාවලිය අප්‍රේල් මස 16 වැනිදා සිට ජුනි මස 5 වැනිදා දක්වා පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර ඇති බව ESPNcricinfo  වෙබ් අඩවිය වාර්තා කළේය. 

සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට COVID-19 වැලඳී ඇති බවට සැකයක්

ඕස්ට්‍රේලියා කණ්ඩායම නවසීලන්ත තරගාවලිය ආරම්භ කිරීම සඳහා ඊයේ (13) සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයට…

මාර්තු 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇත්තේ එහි සභාපති සෞරව් ගංගුලි සහ ලේකම් ජේ ෂා සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හි ඉහළ කළමනාකාරිත්වය හා ඉන්දීය ක්‍රිකට් ආයතනය අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. 

ඉන්දීය ‍රජයේ රෙගුලාසිවලට අනුව ගත් මෙම තීරණය පිළිබඳව කණ්ඩායම් හිමිකරුවන් අට දෙනා වෙත දන්වා ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර විස්තර කිරීම සඳහා සංවිධායකයන් එම හිමිකරුවන් පෞද්ගලිකව මුණගැසීමට නියමිතය. 

පසුගිය සිකුරාදා (12) දහවල් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය කියා සිටියේ කොරෝනා වයිරසය නිසා ඇතිව ඇති ගෝලීය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඊට එරෙහි  පූර්වාරක්ෂාව සඳහා අප්‍රේල් 15 වැනිදා දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අත්හිටුවන බවයි.

“ඉන්දීය ක්‍රිකට් ආයතනය තරගාවලියේ සියලුම පාර්ශවකරුවන් හා පොදුවේ මහජන සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් හා සම්බන්ධ සියලුම පුද්ගලයින්ට ආරක්ෂිත ක්‍රිකට් අත්දැකීමක් ඇති බව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටී. මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය සහ අනෙකුත් මධ්‍යම හා ප්‍රාන්ත රජයේ දෙපාර්තමේන්තු සම. ඉන්දීය ක්‍රිකට් ආයතනය සමීපව කටයුතු කරනු ඇත.”

ඒ අනුව පසුගිය දින කීපය තුල අවලංගු කෙරුණු ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් තරගාවලි අතරට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද එක්වනු ඇත. ඉංග්‍රීසි ප්‍රිමියර් ලීග් ස. UEFA චැම්පියන්ස් ලීග්, NBA ඇතුළු ඉහළ පෙළේ ක්‍රීඩා ඉසව් රැසක් පසුගිය සතිය තුල අවලංගු විය. එයට ප්‍රධානම හේතුව වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙම COVID-19 වයිරසය වසංගතක් ලෙස නම් කිරීමයි. 

මෙම වයිරසය ලොව පුරා වේගයෙන් පැතිරීමත් සමඟ ඉන්දීය රජය ඉන්දියාවේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන පුද්ගලයින් සඳහා දැඩි සංචාරක සීමාවන් පනවා ඇත. මෙම වයිරසය අධික ලෙස බෝවන අතර සම්බන්ධතා හරහා පැතිරී ඇති හෙයින්, මහජන රැස්වීම් වළක්වා ගැනීම සඳහා ක්‍රීඩා සංවිධාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බව රජය පැවසීය.

බංග්ලාදේශ ක්‍රිකට් තද තීරණයක; සංගීත ප්‍රසංගයකුත් අවලංගුයි

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ආසියානු XI කණ්ඩායම හා ලෝක X…

වසංගතය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දැඩි ලෙස සීමා කරන ලද තරගාවලියක් වීමට ඉඩ ඇති බව මීට පෙර වාර්තා වී තිබුණු අතර මහජන රැස්වීම් අධෛර්යමත් කරමින් රජයේ මාර්ගෝපදේශවලට දැඩි ලෙස අනුගත ව. ලෙස රජය නව නීති පැනවීමත් සමඟින් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර ඇත. 

ඉන්දීය දකුණු අප්‍රිකානු තරගාවලියේ අවසන් එක්දින තරග දෙක වන ලක්නව් (මාර්තු 15) සහ කොල්කටා (මාර්තු 18) හිදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම තරග දෙක ද අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<