එංගලන්ත සංචාරයට අයර්ලන්තයෙන් හොඳ ආයෝජනයක්

265

එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු සහ පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන ස්ටුවර්ට් බාන්ස් එළඹෙන එංගලන්ත තරග සංචාරයේ දී අයර්ලන්ත කණ්ඩායමේ පුහුණුකාර්‍ය මණ්ඩලය සඳහා තෝරා ගැනීමට අයර්ලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

එංගලන්ත – පාකිස්තාන සටනේ තරග කාලසටහන එළියට

මෙම තරගාවලිය වෙනුවෙන් බාන්ස් මහතා සමඟ ගිවිසුමකට එළඹීම මඟින් එංගලන්ත තණතීරු මත වේගපන්දු යවන්නට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත.

තරගාවලිය සඳහා පුහුණු කඳවුරක්, පුහුණු ක්‍රිකට් තරග දෙකක් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුනක් ඇතුලත්ය.

බාන්ස් සමර්සෙට් හි පුහුණුකාරීත්වයට අමතරව බංග්ලාදේශය, සරේ සහ එංගලන්ත යන්ග් ලයන්ස් යන කණ්ඩායම් සඳහා පුහුණුකරුවෙක් ලෙස සේවය කර අත්දැකීම් ලබාගෙන තිබේ. අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා විසිනි.

“ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවෙක් වන ෆෝඩ් මහතා සමඟ වැඩකටයුතු කරන්න ලැබීමත් මට ලැබුණු ලොකු ගෞරවයක්. ඒ ආරාධනාව මම සතුටෙන් භාරගන්න කැමතියි. අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මගේ තියෙන දැනුම උපරිමයෙන් ලබා දෙන්න මම කටයුතු කරනවා. මගේ අත්දැකීම්වලටත් මේක හොඳ රුකුලක් වේවි” යැයි බාන්ස් මහතා පවසා තිබෙන බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්ය.

ටෙස්ට් තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අගෝස්තු මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය අතර ඊට පෙර එංගලන්තය සහ අයර්ලන්තය අතර මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ. එම තරගාවලිය ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය සවුත්හැම්ටන් හිදී පැවැත්වේ.

“2020 ආසියානු ක්‍රිකට් කුසලානය අවලංගුයි” – ගංගුලි

“තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය එංගලන්තයට යන්න සතියකට කලින් PCR පරීක්ෂණයක් සඳහා යොමු කරන්න අපි සැලසුම් කරගෙන ඉන්නවා. එංගලන්තයට ගිහිල්ලා අපේ ක්‍රීඩකයින්ගේ වගේම හැමදෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව ගැන අපි වගකීමෙන් කටයුතු කරන්න ඕනේ” යැයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<