“මට එංගලන්තයේ නායකයා වෙන්න ආසාවක් නැහැ”

76

බෙන් ස්ටොක්ස් ගෙවී ගිය දශකය තුල එංගලන්තයෙන් බිහිවුණු දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව ඔහු හැකියාවෙන් පෙන්නුම් කර අවසන්. නමුත් ඔහු ඉන් ඔබ්බට ගොස් අනාගතයේ දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීමට කිසිදු ආසාවක් නොමැති බව BBC වෙත පවසා ඇත.

පෙරදා සුපිරි දස්කම් දැක්වූ කොදෙව්වන්ට ඇස්වහා කටවහා!

සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර ඉන්දියාවේ ලක්නව්හිදී පැවති …

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම ලෝක ශූරතාව දක්වා රැගෙන යාමට ස්ටොක්ස් දැක්වූ තුන් ඉරියව් දස්කම් ඔවුන්ට ඔවුන්ගේ පළමු ක්‍රිකට් ලෝක කුසලාන සිහිනය සැබෑවක් කිරීමට තරම් සවියක් විය. එපමණක් නොවේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළුබඳුන තරගාවලියේ දී ද තරගයක ප්‍රතිඵලයක් වෙනස් කිරීමට ඔහු සතු හැකියාව හොඳින්ම පෙන්නුම් කළේය. 

ඔහු දැනට එංගලන්ත කණ්ඩායමේ ටෙස්ට් උපනායකයා ලෙස කටයුතු කරනු ලබන අතර දැනට ජෝ රූට් එංගලන්ත ටෙස්ට් කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරනු ලැබේ.

“එංගලන්ත කණ්ඩායමේ නායකයා වෙන්න මට කිසිම ආසාවක් නැහැ. මගෙන් ඊට වඩා කණ්ඩායම  දෙයක් බලාපොරොත්තු වෙනවා. ටෙස්ට් උපනායකයා ලෙස මට දෙන්න පුළුවන් උපරිම සහය අපේ නායක රූට් වෙත ලබා දෙනවා. ඔහු ඉතාමත් හොඳ නායකයෙක්.” යැයි ස්ටොක්ස් BBC සමඟ පැවති මේ වැඩසටහනේ දී පවසා ඇත. 

“ඕගොල්ලෝ දන්නේ නැහැ මේක කොයි වගේ පීඩනයක් ද කියලා. ඒකට නායකයා වෙලාම බලන්න ඕනේ ඒ වගකීම කොතරම් පීඩනයක් ද කියලා, විශේෂයෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙන එක ටිකක් ලොකු පීඩනයක්.”

“පීඩනය කියන එක අපේ හොඳ වගේම නරක පැත්තටත් හැරෙන්න පුළුවන්. ඔබට එය සාර්ථකව කළමනාකරණය කරගන්න පුළුවන් නම් ඔබට නායකයෙක් වෙන එක එච්චර අමාරු නැහැ. මට නම් ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ. එහෙමයි කියලා මම ඒ ගැන වද වෙන්නෙත් නැහැ.” ස්ටොක්ස් එහි දී වැඩිදුරටත් පැවසීය.

අගර්වාල්ගේ පිත්ත ඉදිරියේ බංගලියෝ හිස නමති

ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් වශයෙන් සංචාරක බංග්ලාදේශ හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් …

නායකයෙක් ලෙස වැඩ කටයුතු කිරීමට අරමුණක් නොමැති නමුත් ක්‍රිකට් දිවියට සමු දුන් පසු පුහුණුකරුවෙක් ලෙස සේවය කිරීමට කැමති බව ඔහු පවසන ලදි.

“මම හිතන්නේ අපි හැමෝටම බැරෑරුම් ලෙස සිතීමට අවස්ථාවක් ලැබෙනවා. එහෙම කාලයක් ආවම මම මගේ ක්‍රිකට් දිවියට සමුදීලා අනාගතයේ දී පුහුණුකරුවෙක් ලෙස වැඩ කරන්න ලොකු ආසාවකින් වගේම කැමැත්තකින් ඉන්නවා මම.”

“සමහර පුද්ගලයින් වගේ මම එක පාර ක්‍රීඩාවෙන් අයින් වෙන්නේ නැහැ. නමුත් මට තවමත් වයස 28යි. මට තවත් වසර කිහිපයක් මේ රාමුව තුල ඉන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ කොහොම වුනත් මම ක්‍රීඩකයෙක් ලෙස හෝ පුහුණුකරුවෙක් ලෙස කෙසේ හෝ ක්‍රීඩාවේ රැඳී සිටීමට කැමතියි.” ස්ටොක්ස් අවසන් ලෙස පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<