‘ඉවර කරපු නැති වැඩක් තියෙනවා ඉවර කරන්න’ – ෂෝන් විජේසිංහ

224

මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රවීණ පුහුණුකරුවෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයෙකු ද වූ ෂෝන් විජේසිංහ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය සඳහා ද ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.

CH නායක යෝෂිත රාජපක්ෂට සැබවින්ම සිදු වූයේ කුමක්ද?

හිටපු ශ්‍රී ලංකා නායකයෙකු හා වත්මන් CH&FC ක්‍රීඩා සමාජයේ නායක යෝෂිත රාජපක්ෂ තමන් හිසේ දරුණු ආබාධයකට ලක්වී තමන්ගේ රග්බි දිවිය අවසාන යැයි විවිධ මාධ්‍ය…

මාධ්‍යවල වාර්තා පළ වූයේ ෂෝන් විජේසිංහ හා ඔහුගේ පවුල ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයෙන් පසු කැනඩාව බලා සංක්‍රමණය වන බවයි .ඒ අනුව ශ්‍රී ලංකාවේ සාර්ථකම ක්‍රීඩා සමාජය වන මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ධූරය හිස් වීමට ඉඩ තිබුනත්, පළමු වටයේ දී මහනුවර කණ්ඩායම සිතූ තරම් ආරක්‍ෂිත ලකුණු පරතරයක් අත්කර නොගත් නිසා ඔහු දෙවන වටය සඳහා ද කණ්ඩායම සමඟ රැඳී සිටීමට තීරණය කර තිබේ.  

ThePapare.com වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, “අපි තවත් අපරාජිත තරග වාරයක් බලාපොරොත්තු වෙනවා, මට තවත් ශ්‍රී ලංකාවේ ඉවර නොවුණු වැඩ තිබෙනවා, ලකුණු 11ක පරතරයක් දෙවන වටය ආරම්භ කිරීමට ඉතාම හොඳයි, නමුත් අපිට එය රඳවා ගන්න නොහැකි වුනා, එම අපේක්ෂාව සාර්ථක කර ගන්න නොහැකි වුණු නිසා මම තීරණය කළා ආපසු එන්න, ශ්‍රී ලංකාව මගේ වැඩ තවම ඉවර නැහැ”

ෂෝන් විජේසිංහගේ පුහුණුකාරීත්වය යටතේ මහනුවර ක්‍රීඩා සමාජය මේ වන විට තරග 30ක් අපරාජිතව ක්‍රීඩා කර ඇත. ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගිය ඔහු පුහුණුකරුවෙකු ලෙස 2015 සිට ලීග් ජයග්‍රහණ තුනක් හා ක්ලිෆර්ඩ් කුසලාන ජයග්‍රහණ තුනක් කරා කණ්ඩායම මෙහෙයවා ඇත.

2014-15 තරග වාරයේ දී ඩයලොග් අන්තර් සමාජ ලීග් කිරුල දිනූ නායකයා ලෙස ෂෝන් විජේසිංහ ක්‍රීඩකයෙකු ලෙස පිටියෙන් සමුගත්තේ ජොහාන් ටේලර්ට පසුව මහනුවර කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගනිමිනි. පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ පළමු තරග වාරය 2015-16 තරග වාරය වූ අතර එහි දී ඔවුන් අපරාජිත ත්‍රිත්ව ශූරයින් බවට පත් වන්නට සමත් විය.

ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග කාලසටහන නිකුත් වෙයි

පසුගිය සති අන්තයේ දී (23) සාර්ථකව නිමාවට පත්වූ ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග එළඹෙන 2019 වසරේ ජනවාරි 04 වැනිදා යුධ හමුදා ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.

විජේසිංහ ඩයලොග් ලීග් කිරුළක් දිනා ගත් ශ්‍රී ලංකාවේ ළාබාලතම පුහුණුකරුවෙක් ද වෙනවා. ඒ අනුව මෙවර ඔහු මාන බලන්නේ ඔහුගේ සිව්වැනි ඩයලොග් ලීග් කිරුළ දෙසයි. ඔහුට පුහුණුකරුවෙකු ලෙස සිව්වැනි වතාවටත් සාර්ථක වන්නට හැකි වෙයි ද?

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<