ජනාට්ගේ තුන් ඉරියව් හපන්කම්

80

සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර ඉන්දියාවේ ලක්නව්හිදී පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 41ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්තානය තීරණය කළේය. ඒ අනුව ඇෆ්ගනිස්තානය තම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගත්තේය.

නැවතුන පරාජයන් රැල්ලත් සමඟින් පොලාර්ඩ් සතුටින්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පසුගිය (14) ලක්නව් හිදී පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන්…

නමුත් එහි විශේෂත්වය වූයේ කිසිදු ඇෆ්ගනිස්තාන පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව හෝ ඉක්මවීමට නොහැකි වීමයි. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් වූ හස්‍රතුල්ලා සසායි හා කරීම් ජනාට් දෙදෙනා පිළිවෙළින් ලකුණු 26 බැගින් ලබා ගත් අතර ගුල්බදීන් නායිබ් පන්දු 18ක දී ලකුණු 24ක් ලබාගත්තේය.

රහ්මතුල්ලා ගුර්බාස් හා අස්ගර් ඇෆ්ගන් පිළිවෙළින් ලකුණු 15කට හා 8කට ආ විගසින්ම දැවී ගියේ ඇෆ්ගනිස්තාන ඉනිම අසීරු අඩියකට ඇද දමමිනි.

ඉනිම අවසානයේ නොදැවී පිටියේ රැඳී සිටි නජිබුල්ලා සද්‍රාන් පන්දු 24ක දී ලකුණු 20ක් ලබා ගත් අතර අන් සියලුම පිතිකරුවන් ලකුණු 20 සීමාව හෝ ඉක්මවීමට පෙරාතුව දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වූහ.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී කැස්ත්‍රික් විලියම්ස් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර ජේසන් හෝල්ඩර් හා කීමෝ පෝල් කඩුලු දෙක බැගින් දවාලීය.

එහෙත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ පිතිකරුවන් එකා පිට එකා දැවී ගියේ ඇෆ්ගනිස්තානයට තරගයේ ආධිපත්‍යය හිමිකර දෙමිනි.

ලුවිස් සහ විලියම්ස් කොදෙව්වෝ දිනවති

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඊයේ (14) ලක්නව් හිදී පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන්…

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අංක 6 පිතිකරු දිනේෂ් රාම්දීන් පන්දු 27කින් නොදැවී ලකුණු 24ක් ලබා ගත් අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව හෝ ඉක්මවීමට ඉඩ නොදීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් වගබලාගත්හ.

මෙහි දී කොදෙව් මුල්පෙළ පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං, එවින් ලුවීස් හා ශිම්‍රන් හෙට්මයර් පිළිවෙළින් ලකුණු 12, 14 හා 11 වැනි ලකුණු සංඛ්‍යාවලට දැවී ගියේය.

මැදෙපෙළ පිතිකරුවන් වූ රදර්ෆර්ඩ් හා නායක් කිරන් පොලාර්ඩ් පිළිවෙළින් ලකුණු 6කට හා 7කට දැවී ගියේ අනෙක් අන්තයේ රාම්දීන්ව හුදකලා කරමිනි.

පන්දු යැවීමේ දී ලකුණු 11කට කඩුලු 5ක් දවාලමින් අතිවිශිෂ්ට පන්දුකරණයක නිරත වීමට කරීම් ජනාට් සමත් විය.

අවසානයේ තම නියමිත පන්දුවාර 20 තුළ කොදෙව්වන්ට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 108ක් පමණි.

මේ අනුව තරගයෙන් ලකුණු 41ක් පහසු ජයක් ඇෆ්ගනිස්තානට හිමි විය. තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ඇෆ්ගනිස්තානයේ කරීම් ජනාට් සමත් වූයේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද තම කණ්ඩායමට දායකත්වය ලබා දෙමිනි.

“100ක් ගහලා තියේ නම් කණ්ඩායම තියෙන්නේ ඔබේ අතේ”

ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දීය ආරම්භක පිතිකරු මයාන්ක් අග්‍රවාල් තම දෙවන ද්විත්ව ශතකය වාර්තා කිරීමට…

ඒ අනුව දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-1ක් වශයෙන් සම තත්ත්වයට පත් විය. තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය අද (17) ලක්නව්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ඇෆ්ගනිස්තානය – 147/7: හස්‍රතුල්ලා සසායි 26 (15), කරීම් ජනාට් 25, ගුල්බදීන් නායිබ් 24 (18), කැස්ත්‍රික් විලියම්ස් 3/23

බටහිර ඉන්දීය කොදෙව් – 106/8: දිනේෂ් රාම්දීන් 24 (27), එවින් ලුවීස් 14 (22), කරීම් ජනාට් 5/11

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<