ස්මිත් හදිසියේම කණ්ඩායමෙන් එළියට

317

පුහුණුවීම් අතරතුර දී හිසේ පන්දුවක් වැදීම නිසාවෙන් ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ස්ටීවන් ස්මිත් හට එංගලන්තය සමඟ අද (11) ආරම්භ වූ පළමු එක්දින තරගය අහිමි වී ගියා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පවසා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා මෙම සිදුවීම සිදු වූ බවත්, ස්මිත්ගේ වැඩි ආරක්ෂාව සඳහා මෙම තීරණය ගත් බවත්ය. පුහුණුකාර්ය මණ්ඩලයේ අයෙකු විසින් පන්දුවක් විසි කිරීමේ දී මෙලෙස ස්මිත්ගේ හිසේ පන්දුව වැදී තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

ස්මිත්ගේ හිසේ ආබාධයක් ඇති දැයි සොයා බැලීමට ඔහුව මේ වන විට වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර ඇති අතර ඉරිදා හා බදාදා පැවැත්වෙන දෙවැනි හා තෙවැනි එක්දින තරග සඳහා ද ඔහුගේ සහභාගීත්වය මෙතෙක් තහවුරු කර නැහැ.

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරගය අද (11) ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.

අවසන් වරට එංගලන්තය හා ඕස්ට්‍රේලියාව එක්දින තරගයක් ක්‍රීඩා කළේ පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියේ දීයි. එම තරගය එංගලන්තය ජය ගන්නට සමත් වුනා.

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<