ඉම්රුල් කයිස්ගේ හොඳම එක්දින ඉනිම අමතක නොවන ඉනිමක් වෙයි

415

සිම්බාබ්වේ කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින තරගය ඊයේ (21) දිනයේ දී මිර්පූර් හි ශරේ බංග්ලා ක්‍රිකට් පිටියේ දී පැවති අතර එම තරගයෙන් ලකුණු 28ක ජයක් ලබාගෙන 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත් විය.

කෝලි සහ ෂර්මා කොදෙව් බලාපොරොත්තු වනසා දමයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් අද (21) ගුවාටි හිදි …

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 271ක් රැස්කර ගත්තේය. එයට පිළිතුරු දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 243කට සීමා කළ මෙහෙදී හසන් ප්‍රමුඛ බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගාවලියේ පළමු තරගය පහසුවෙන්ම ජය ගන්නා ලදි.

බංග්ලාදේශය වෙනුවෙන් පළමුව පිටියට පැමිණි ඉම්රුල් කයිස් හා ලිට්න් ඩාස් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 16ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් ඔවුන්ගේ පළමු කඩුලු 2ක ලකුණු 17ක් තුල බිඳ වැටුණි. අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ ස්ථාවර වූ ඉම්රුල් කයිස් හා මුශ්ෆිකර් රහීම් ලකුණු 49ක සබඳතාවයක් ගොඩනංවමින් බිඳ වැටුණු බංග්ලාදේශ ඉනිම යම් මට්ටමකට ඔසවා තැබූ අතර රහීම් ටෙන්ඩායි චටාරගේ පන්දුවකට දැවී ගියේ ලකුණු 15ක් ලබාගෙන සිටිය දී ය.

වමතින් පිත්ත හසුරුවන කයිස් මැදපෙළ පිතිකරුවන් හා එක්ව සිය කඩුල්ල රැක ගනිමින් ගොඩනැංවූ සාර්ථක ලකුණු සබඳතාවයන් කිහිපය නිසා බංග්ලාදේශය යම් තරගකාරී ලකුණු මට්ටමකට අවතීර්ණ වීමට ප්‍රබල ලෙස හේතු විය.

සිම්බාබ්වේ පන්දු යවන්නන් හට ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් අනුකම්පා විරහිත පිතිකරණයක නිරත වූ කයිස් පන්දු 140ක දී ලකුණු 144ක් ලබා ගත්තේ  පහර 13ක් හා දැවැන්ත 6 පහර 6ක් සිය ලකුණු ගොන්නට එකතු කරගනිමිනි. මේ තරගයේ දී ඔහු සිය එක්දින ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ලබා ගත් කයිස් සිය එක්දින ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය ලබා ගත්තේය.

මොහොමඩ් අබ්බාස් ඕස්ට්‍රේලියානුවෝ අමාරුවේ දමයි

පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (19) …

බංග්ලාදේශ ඉනිමෙන් වාර්තා වූ හොඳම සබඳතාවය වාර්තා වූයේ ඔවුන්ගේ ඉනිමේ 7 වැනි කඩුල්ලට වන අතර එහි දී කයිස් හා මොහොමඩ් සයිෆුඩීන් ඒ කඩුල්ල වෙනුවෙන් අගනා හා වටිනා ලකුණු 127ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූයේය. වමතින් පිත්ත හසුරුවන මොහොමඩ් සයිෆුඩීන් 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 50ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ චටාරගේ පන්දුවකටයි.

පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන කයිල් ජාර්විස් ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන විට ටෙන්ඩායි චටාර කඩුලු 3ක් දවාගෙන බංග්ලාදේශ පිතිකරුවන් පාලනය කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් හැමිල්ටන් මසකඩ්සා හා සීපස් සුවාවෝ ලකුණු 48ක සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර සුවාවෝ හා මසකඩ්සා යන දෙදෙනාම පිළිවෙළින් ලකුණු 35කට හා ලකුණු 21කට දවා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. ලකුණු 100කට කඩුලු 5ක් දැවී ගොස් තිබූ පසුබිමක ෂෝන් විලියම්ස් හා පීටර් මුවර් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවමින් බංග්ලාදේශ පන්දු යවන්නන්ට යම් පීඩනයක් එල්ල කළ නමුත් ඒ පීඩනය වැඩි වේලාවක් රඳවා ගැනීමට එම පිතිකරුවන් යුගලය අපොහොසත් විය.

අංක 10 පිතිකරු ලෙස පිටිය මතට පැමිණි  කයිල් ජාර්විස් සිම්බාබ්වේ මුල්පෙළ පිතිකරුවන් හට හොඳ ආදර්ශයක් ගෙන දෙමින් 4 පහර 3ක් හා 6 පහර දෙකක් සමඟ වටිනා ලකුණු 37ක් සිය කණ්ඩායම වෙනුවෙන් එකතු කළේ පන්දු 33ක් පමණක් වැය කරමිනි. සිම්බාබ්වේ ඉනිම අවසන් වනතෙක් සිය කඩුල්ල රැකගෙන ක්‍රීඩා කළ වමතින් පිත්ත හසුරුවන ෂෝන් විලියම්ස් 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 50*ක් ලබාගෙන සිය එක්දින ක්‍රිකට් දිවියේ 29 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක මෙහෙදී හසන් ලකුණු 46කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

බංග්ලාදේශය – 271/8 (50): ඉම්රුල් කයිස් 144, මොහොමඩ් සයිෆුඩීන් 50, මොහොමඩ් මිතුන් 37, කයිල් ජාර්විස් 4/37, ටෙන්ඩායි චටාර 3/55.

සිම්බාබ්වේ – 243/9 (50): ෂෝන් විලියම්ස් 50*, කයිල් ජාර්විස් 37, සීපස් සුවාවෝ 35, මෙහෙදී හසන් 3/46.

තරගයේ වීරයා – ඉම්රුල් කයිස් (බංග්ලාදේශය)

තරග 3කින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය මේ මස 24 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙස චිතගොන් හිදී පැවැත්වේ. එහි තොරතුරු ද දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<