පාන්ඩ්‍යා සහෝදරයෝ මුම්බායි පළමු තැනට රැගෙන එයි!

262

ප්‍රබල ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා හා ඔහුගේ සොයුරු කෘනාල් පාන්ඩ්‍යාගේ අනර්ඝ පන්දු යැවීම නිසාවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ජය ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වන්නට සමත් විය.

ස්මට්ස් මට්ටු කළ ලයන්ස් පිළ ශූරතාවය රැගෙන යයි!

පුරා මසක් තිස්සේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවති CSA T20 Challenge තරගාවලිය ඊයේ (06)…

එංගලන්තයේ දී ලෝක කුසලාන තරගාවලියට එක්වන ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන හර්දික් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් වන ක්‍රිස් ලින් හා ශුබ්මන් ගිල්දවා ගත් අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු සබඳතාව පන්දුවාර දෙකක් තුළ බිඳ දමන්නට ඔහු සමත් විය. ඒ තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමිනි.

ඔහුගේ සොයුරු කෘනාල් සිය පන්දුවාර හතරේ දී ලකුණු 14ක් පමණක් ලබා දෙමින් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු හතකට ලකුණු 133කට සීමා කිරීමට සමත් විය.

ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය මුම්බායි කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 134ක් රැස්කර ගත්තේ පන්දුවාර 16.1ක් පමණක් වැය කරමිනි. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වූ ඔවුන් එළඹෙන අඟහරුවාදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ playoff තරගයට ක්‍රීඩා කරනු ඇත.

රෝහිත් ශර්මා කණ්ඩායමේ පන්දු යවන්නන්ට සාධාරණයක් ඉටු කළේ නොදැවී ලකුණු 55ක් රැස් කරමින්. හර්දික් පාන්ඩ්‍යා තරගයෙන් පසුව පවසා සිටියේ චෙන්නායි සමඟ තරගය ඉතා උණුසුම් වනු අතර බවයි.

“පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දීම තරම් හොඳ දෙයක් නැහැ, කණ්ඩායම මගේ පන්දු යැවීමෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. මමත් එසේමයි. කෙසේ වෙතත් හොඳින් පන්දු යැවීමට හැකි වීම ගැන සතුටුයි.”

කොදෙව්වෝ වාර්තා පොත් අලුත් කරති!

අයර්ලන්තයට එරෙහිව ලකුණු 196ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු…

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඔහු මුම්බායි කණ්ඩායම සිව්වැනි වරටත් IPL ශූරයින් බවට පත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙන බවයි.

“මම මගේ දිහා බලන්නේ පන්දුවාර හතරක් යැවිය හැකි පන්දු යවන්නෙක් විදියට, මම කණ්ඩායමට අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න සූදානම්. හතරක් වුනත් ටෙස්ට් තරගයක පන්දුවාර දහයක් පහළොවක් වුනත් එකේ වෙනසක් නැහැ”

රෝහිත් ශර්මා සිය කණ්ඩායමේ පන්දුව යැවීම පිළිබඳව ද ඉතා සතුටින් අදහස් දක්වා තිබුණි.

“අපි හැමවිටම තරගාවලියේ අග භාගයේ ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. “අපි IPL දිනූ අවස්ථා තුනේ දී ම අපි තරගාවලියේ අවසන් භාගයේ ඉතා හොඳින් ක්‍රීඩා කළා” ශර්මා පවසා සිටියා.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<