ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ශූරතා වයඹ පළාතට

290

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල යටතේ මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති කාන්තා හා පිරිමි වොලිබෝල් තරගාවලි වල දී එම ශූරතා ද්විත්වයම ජයග්‍රහණය කරන්නට වයඹ පළාත් කණ්ඩායම් සමත් විය.

එහි දී පිරිමි තරග ඉසව්වේ අවසන් තරගයේ දී සබරගමුව පළාත් කණ්ඩායමත්, කාන්තා තරග ඉසව්වේ අවසන් තරගයේ දී බස්නාහිර පළාත් කණ්ඩායමත් පරාජය කරමින් වයඹ පළාත් කණ්ඩායම් ශූරතාවය දිනා ගන්නා ලදි.

දක්ෂතම ක්‍රීඩකයා ශෙහාන්; ක්‍රීඩිකාව තක්ෂිලා

2017 වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ ඔමේගා ලයින් ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් සහ ඩේවිඩ් පීරිස් ක්‍රීඩකයින්, චැම්පියන්ස් ලීග් කාණ්ඩයේ…

පිරිමි තරග අංශය

අවසන් තරගයේ දී සබරගමුව පළාත් කණ්ඩායම ලකුණු 25-19ක්, 25-19ක් හා 25-22ක් වශයෙන් පරාජයට පත්කළ වයඹ පළාත් කණ්ඩායම ශූරතාවයට හිමිකම් කීවේය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී පසුගිය වසරේ ශූරතාවය දිනාගත් බස්නාහිර පළාත් කණ්ඩායම ඉතා උණුසුම් තරගයකින් අනතුරුව පරාජයට පත්කරමින් වයඹ පළාත් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

එහි දී තරගයේ පළමු වට දෙක ලකුණු 25-20ක් හා 25-23ක් වශයෙන් වයඹ පළාත් කණ්ඩායම විසින් ජයග්‍රහණය කරනු ලැබුවත්, තරගයේ මීළඟ වට දෙක ලකුණු 17-25ක් හා 18-25ක් වශයෙන් පහසුවෙන් ජයග්‍රහණය කරන්නට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය.

asddතරගයේ 5 වන හා අවසන් තරග වටයේ මුල් භාගයේ දී ඉදිරියෙන් රැඳෙන්නට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් වුවත්, නැවතත් තරගයට අවතීර්ණ වූ වයඹ පළාත් කණ්ඩායම ලකුණු 15-12ක් වශයෙන් තරගය ජයග්‍රහණය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

අනෙක් අවසන් පූර්ව තරගයේ දී සබරගමුව පළාත් කණ්ඩායම හමුවේ තරග වට 3-0ක් ලෙස උතුරු මැද පළාත් කණ්ඩායම පරාජයට පත්විය. තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 26-24ක්, 25-22ක් හා 25-18ක් වශයෙනි.

තරගාවලියේ 3 වන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගය උතුරු මැද පළාත් කණ්ඩායම ලකුණු 27-25ක්, 25-19ක් හා 25-14ක් වශයෙන් පරාජයට පත්කළ බස්නාහිර පළාත් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

අවසන් තරගයේ වීරයා සම්මානයෙන් වයඹ පළාත් කණ්ඩායමේ කසුන් කීර්තිරත්න සම්මානයෙන් පිදුම් ලැබීය. වයඹ පළාත් කණ්ඩායමේ මෙම ජයග්‍රහණයේ විශේෂත්වය වූයේ ඔවුන්ගේ කණ්ඩායමේ එක් ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් පමණක් සිටීමයි. ඒ කසුන් ප්‍රනාන්දු පමණි. අනෙක් පසින් බස්නාහිර සහ සබරගමුව පළාත් කණ්ඩායම් වල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහ වයස අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ක්‍රීඩා කළේය.

පිරිමි තරග අංශයේ ප්‍රතිඵල

පළමු වටය

  • දකුණු පළාත 25-14, 25-19, 25-16 උතුරු පළාත

දෙවන වටය

  • බස්නාහිර පළාත 25-20, 25-21, 25-23 මධ්‍යම පළාත
  • සබරගමුව පළාත 25-17, 25-22, 25-22 නැගෙනහිර පළාත
  • උතුරු මැද පළාත 25-16, 22-25, 23-25, 25-20, 15-9 ඌව පළාත
  • වයඹ පළාත 25-11, 25-6, 25-16 දකුණු

කාන්තා තරග අංශය

පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනාගත් බස්නාහිර පළාත් කණ්ඩායම ලකුණු 25-20ක්, 25-15ක් සහ 25-21ක් වශයෙන් පරාජයට පත්කළ වයඹ පළාත් කණ්ඩායම තරගාවලියේ කාන්තා වොලිබෝල් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

asdsdතරගාවලියේ අවසන් පූර්ව වටයේ දී බස්නාහිර පළාත් කණ්ඩායම හමුවේ ලකුණු 25-18ක්, 25-20ක් හා 25-18ක් ලෙස දකුණු පළාත් කණ්ඩායමත්, වයඹ පළාත් කණ්ඩායම හමුවේ ලකුණු 25-15ක්, 18-25ක්, 25-16ක් හා 25-13ක් වශයෙන් සබරගමුව පළාත් කණ්ඩායමත් පරාජයට පත්විය.

තරගාවලියේ 3 වන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගය ලකුණු 19-25ක්, 25-18ක්, 25-18ක් හා 25-18ක් වශයෙන් දකුණු පළාත් කණ්ඩායම පරාජයට පත්කළ සබරගමුව පළාත් කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලදි.

තරගාවලියේ අවසන් තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස වයස අවුරුදු 23න් පහළ ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන වයඹ පළාත් කණ්ඩායමේ රිද්මි ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබීය.

කාන්තා තරග අංශයේ ප්‍රතිඵල

පළමු වටය

  • ඌව පළාත 25-17, 25-21, 28-26 මධ්‍යම පළාත

දෙවන වටය

  • බස්නාහිර පළාත 25-16, 25-18, 25-15 උතුරු මැද පළාත
  • වයඹ පළාත 25-12, 25-11, 25-15 නැගෙනහිර පළාත
  • සබරගමුව පළාත 25-08, 25-06, 25-04 උතුරු පළාත
  • දකුණු පළාත 25-08, 25-21, 25-11 ඌව පළාත

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට