තහනම් උත්තේජක වළක්වන්න අලුත් මෘදුකාංගයක්

128

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය සඳහා සහභාගි වන පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයන් සඳහා තහනම් උත්තේජක නිවාරණය පිළිබඳව විශේෂ වැඩමුළුවක් පසුගිය දා පැවැත්විය. ඒ ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ අධ්‍යක්ෂක වෛද්‍ය සීවලී ජයවික්‍රම විසිනි.

“ඇමරිකානු රග්බි තාම උදේ කෑම ගන්න ගමන් ඉන්නේ”

2019 රග්බි ලෝක කුසලානය පසුගිය සති 6ක කාලය පුරාවට ……..

මෙම වැඩමුළුවේ දී තහනම් උත්තේජන භාවිතය වැළැක්වීම සඳහා උපකාරී වන යෙදුමක් (APP) හඳුන්වා දෙනු ලැබුණි. මෙම මෘදුකාංගය මඟින් ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක භාවිතයේ අතුරු ප්‍රතිඵල හා තහනම් උත්තේජක භාවිතයෙන් වැළැක්වීමට උපකාරී වන උපදෙස් ලබා දීම සිදු වේ. 

ඒ සමඟම මෙම තහනම් උත්තේජක වැළැක්වීම මඟින් ක්‍රීඩාවට වන සේවය පිළිබඳව ද ඔවුන් දැනුවත් කෙරේ. මෙම යෙදුම DR app (Drug Reference App) ලෙස නම් කර ඇත. මෙම යෙදුම ශ්‍රී ලංකා තහනම් උත්තේජක වැළැක්වීමේ ඒජන්සිය විසින් නිකුත් කර ඇත. මෙම යෙදුම මඟින් ශ්‍රී ලංකාව තුල නීති විරෝධී ලෙස සැලකෙන තහනම් උත්තේජක පිළිබඳව තොරතුරු ද ඇතුළත් කර ඇත. මෙම යෙදුම ක්‍රීඩකයන්ට මෙන්ම වෛද්‍යවරුන්ට ද එකසේ උපකාරී වනු ඇත. මෙය ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් ලෙස නොමිලේ ලබාගත හැක. 

මෙම මෘදුකාංගය නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා ඇත්තේ ක්‍රීඩකයන්ට තමන් ලබාගන්නා ප්‍රතිකාරවල දී ලබාදෙන ඖෂධවල මෙලෙස තහනම් උත්තේජක අඩංගු දැයි පරීක්ෂා කිරීමය. එමඟින් ශ්‍රී ලංකාව තුල තහනම් උත්තේජක වලින් තොර ක්‍රීඩාවක් බිහිකිරීම අරමුණ වී ඇත. 

මෙම යෙදුමේ ප්‍රධාන අංග

  1. ශ්‍රී ලංකාව තුල තහනම් උත්තේජක ලෙස සැලකෙන ඖෂධ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීම. (මෙම පහසුකම ලබා ගැනීමේ දී අදාළ ඖෂධය භාවිත කිරීම සුදුසු දැයි පහසුවෙන් පරීක්ෂා කර ගත හැක.) 
  2. අදාළ ඖෂධයේ සුදුසු/ නුසුදුසු බව «out of competition» හා «in competition ලෙස දැක්වීම. 
  3. ක්‍රීඩා විශේෂිත ලක්ෂණ පිළිබඳ තොරතුරු ලබාගත හැකි වීම.
  4. පරිපාලනයේ විවිධ මාර්ග පිළිබඳ විස්තර ලබාගත හැකි වීම.
  5. ලෝක තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම පිළිබඳව ඒජන්සියෙන් කර ඇති නිර්දේශ පිළිබඳව විස්තර ලබා ගැනීමට හැකි වීම. 
  6. පරිශීලකයා සෙවූ ඖෂධයේ තොරතුරු pdf ලෙස ලබාගත හැකි වීම හා තම ඊ මේල් ලිපිනයට ලබා ගත හැකි වීම. 
  7. පරිශීලකයා සෙවූ ඖෂධ පිළිබඳව තොරතුරු ගබඩා කර ගැනීම
  8. මුල් වතාවට පරිශීලනය කරන ක්‍රීඩකයන් සඳහා තොරතුරු ඇතුළත් කර තිබීම. 
  9. ඉක්මන් සෙවීම

වාසි : 

  1. පරිශීලකයා හට ලෝක තහනම් උත්තේජක ඒජන්සිය විසින් පනවන ලද නීතිරීති වලට අනුව මෙරට තහනම් වන උත්තේජක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දීම. 
  2. තොරතුරු ලබාගැනීමේ පහසුව.
  3. සෙවූ තොරතුරු ගබඩා කර තැබීමේ පහසුව.

4 මෙම තහනම් ඖෂධ පිළිබඳව තොරතුරු පහසුවෙන් බෙදාහැරීමේ හැකියාව.

  1. මෙම මෘදුකාංගය භාවිතා කරන වෛද්‍යවරුන්ට ක්‍රීඩකයෙකු හට අදාළ ඖෂධ නිර්දේශ කිරීමට පෙර එහි සුදුසු/නොසුදුසු බව පරීක්ෂා කරගැනීමේ පහසුකම.
  2. නවතම නීති හා නිර්දේශ වලට අනුව සකසා තිබීම.

මෙම මෘදුකාංගය රග්බි ක්‍රීඩකයන්ට පමණක් නොව අනෙකුත් ඕනෑම ක්‍රීඩකයෙකු සඳහා භාවිතා කළ හැකි වන අතර එය තහනම් උත්තේජකවලින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා උපකාරී වනු ඇත. 

රග්බි ක්‍රීඩාවේ දී මෙම තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම සඳහා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ලෝක රග්බි සම්මේලනය විසින් නිර්දේශ කරන ලද ප්‍රබල නීති පද්ධතියක් පවතී. 

ලෝක ශූර දකුණු අප්‍රිකාවට බරටම සම්මාන

මාස්ටර්කාඩ් හා ලෝක රග්බි සම්මේලනයේ රග්බි ………

ඒ අනුව යම් ක්‍රීඩකයෙකුගේ ශරීරයෙහි මෙම තහනම් උත්තේජක අඩංගු වී තිබුණහොත් එය වරදක් ලෙස සැලකේ. එහි වගකීම මුළුමනින්ම ක්‍රීඩකයා සතු වන අතර කිසිදු සමාවක් නොදීමට ලෝක රග්බි නීති පද්ධතිය සකසා ඇත. 

එලෙස තහනම් උත්තේජක අඩංගු ඖෂධයක් ශරීරගත වීම සඳහා අදාළ ක්‍රීඩකයාගේ ශරීරයෙහි යම් රෝගයක් හෝ දුර්වලතාවයක් තිබීම හේතුවක් ලෙස නොසැලකේ. 

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය සඳහා සහභාගි වන සියලු කණ්ඩායම් සඳහා මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිතය. 

තහනම් උත්තේජක වැළැක්වීම සඳහා වන මෘදුකාංග බාගත කරගැනීම සඳහා පිවිසෙන්න – http://slantidoping.org/app.html 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<