ලබන වසර ආරම්භයේ දී ම ශ්‍රී ලංකාව ඉන්දියාවට 

75

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා කාන්තාවන්ට එරෙහිව කැන්ගරු දේශයෙන් ප්‍රබල සංචිත දෙකක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට….

ඉන්දියාව සමඟ පැවැත්වෙන මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහ එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉතාමත් හොඳ පෙර සූදානමක් වේ.

මේ තරගාවලිය ICCය විසින් නිකුත් කරනු ලබන ඉදිරි තරග කාලසටහන සඳහා ඇතුලත්ව නොතිබූ නමුත් සිම්බාබ්වේ කණ්ඩායමේ ICC පූර්ණ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීම නිසා සිම්බාබ්වේ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය පැවැත්වෙන්නේ නොමැත. 

ඒ නිසාවෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් එම කාලවකවානුව තුල ශ්‍රී ලංකාව සමඟ තරගාවලියක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය එකඟතාවය පළ කර තිබේ. 

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ පසුගිය වසරේ (2017) දෙසැම්බර් මාසයේ දී වන අතර එම තරගාවලිය 3-0ක් ලෙස පහසුවෙන්ම ජය ගැනීමට ඉන්දියාව සමත් විය. 

තරග කාලසටහන

  • ජනවාරි 5 – පළමු විස්සයි විස්ස තරගය – ගුවහාටි 
  • ජනවාරි 7 – දෙවන විස්සයි විස්ස තරගය – ඉන්දොරේ 
  • ජනවාරි 9 – තෙවැනි විස්සයි විස්ස තරගය – පුනේ

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<