ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා අභාවප්‍රාප්ත වෙයි

874

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ලෙස ද කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා (68) අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය ඔක්තෝබර් 6 වැනිදා සිට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන් දින 12කට පමණ පසුව එතුමා අද (18) මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 68 හැවිරිදි වියේ පසු වූ වර්ණපුර මහතා 1975 සිට 1982 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4ක් සහ එක්දින තරග 12ක් ක්‍රීඩා කර තිබෙන අතර, මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ටෙස්ට් නායකයා ද වෙනවා.

බන්දුල වර්ණපුර මහතාට නිවන් සුවය ලැබේවා යැයි ThePapare.com සහ සමස්ත ක්‍රිකට් ප්‍රජාව ප්‍රාර්ථනා කර සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<