“2023 ආසියානු කුසලානය පාකිස්තානයේ” – Ramiz Raja

524
Ramiz Raja

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ramiz Raja මාධ්‍ය වෙත දැනුම් දී තිබෙනවා.

එළඹෙන 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර තරගාවලියේ 2023 අදියර එක්දින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතයි. මේ තීරණය ගෙන ඇත්තේ අද (15) ඩුබායි හිදී පැවැත්වුණු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක දීයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Jay Shahගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක දී මේ තීරණය ගෙන තිබීම විශේෂත්වයක්. සාමාජිකයින් සියලු දෙනාම පාකිස්තානයේ දී ඉහත කී තරගාවලිය පවත්වන්නට එකඟ වූ බව Ramiz Raja පවසා තිබුණා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<