නව පුහුණුකරු සිය අභිලාෂයන් හෙළි කරයි

698

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු Chris Silverwood එම තනතුර භාර ගැනීමෙන් අනතුරුව සිය පළමු මාධ්‍ය සාකච්ඡාවට පසුගිය දා (04) එක්වුනා.

එහි දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඔහුගේ අවධානය ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේ බවත්, නිදහස් හා නිර්භීත ලෙස පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් පුරුදු විය යුතු බවත්ය.

අපිට දියුණු විය හැක්කේ කෙසේ දැයි සොයමින් මම පසුගිය සති කිහිපය පුරාවට කණ්ඩායමේ දත්ත පරික්ෂා කළා. එක් තැනක් තමා ලකුණු රැස් කරන්නට තිබෙන අවශ්‍යතාව හා උවමනාව (Intent to score). අපි පිතිකරුවන්ට විශ්වාසය දෙන්න ඕනේ පිටිය මැදට ගිහින් දැවී යෑම ගැන බිය නොවී පන්දුවට පහර දෙන්න”, Silverwood පවසා සිටියා.

“ඒ කියන්නේ අපි නොසැලකිලිමත් විය යුතුයි කියන එක නොවේ. අපි බුද්ධිමත් වෙන්නත් ඕනේ. මට ඕනේ ඔවුන් ධනාත්මක වෙන්න. මට ඕනේ ඔවුන් නිර්භීත වෙන්න. අපි එහෙම වුනොත් අපේ නිලකුණු පන්දු සංඛ්‍යාව අඩු වෙලා ප්‍රහාරක වේගය වැඩි වෙන්න පුළුවන්.”

මූලිකම දේ තමා ලකුණු රැස් කරන එක. මම උත්සහ කරනවා පිතිකරුවන්ට විශ්වාසයක් දෙන්න, පිටිය මැදට ගිහින් විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කරන්න පුළුවන් වෙන්න. විශේෂයෙන්ම පළමු ඉනිමේ දී.”

පිතිකරුවන් පිතිකරණයේ දී මීට වඩා විනයගරුක වෙලා සැලකිලිමත් වෙන්න ඕනේ. ලොකු ඉවසීමක් වගේම ලකුණු රැස් කරන්නට අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ.”

Silverwood පවසා සිටියේ පන්දු යවන්නන් තමන් යවන පළමු පන්දු 12 ගැන සැලකිලිමත් විය යුතු බවයි. “මම විශේෂයෙන්ම කියා සිටිනවා ටෙස්ට් පන්දු යවන්නන්ට තමන් යොමු කරන පළමු පන්දු 12 තුළ ලොකු දෙයක් කරන්න කියලා පිතිකරුවන්ට පීඩනය යොමු කරන්න.”

ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මාසයේ දී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශයට පිටත්ව යෑමට නියමිතයි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<