ශිරාන් ප්‍රනාන්දුගේ තෙවැනි PCR වාර්තාවත් නිකුත් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

245

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුගේ තෙවැනි RT-PCR වාර්තාවේ ප්‍රතිඵලය ඊයේ (26) පැමිණ තිබෙන අතර එහි ප්‍රතිඵල සාමාන්‍ය (negative) බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් Cricbuzz වෙබ් අඩවිය වෙත තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය පසුගිය 23 වැනිදා ආරම්භ වුනු අතර තරගයට පැය කිහිපයකට පෙර පැමිණි PCR වාර්තාවලට අනුව චමින්ද වාස්, ඉසුරු උදාන සහ ශිරාන් ප්‍රනාන්දු යන අයගේ PCR වාර්තා COVID-19 සඳහා ධනාත්මක වී තිබුණා. 

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්පසුව තරගාවලිය පැවැත්වීම පවා යම් අර්බුදකාරී තත්වයකට පැමිණි නමුත් ඔවුන්ට සිදු කළ දෙවැනි PCR වාර්තාවල ප්‍රතිඵල අනුව ඉසුරු උදාන සහ චමින්ද වාස්ගේ ප්‍රතිඵල සාමාන්‍ය වුනා. කෙසේ නමුත් එම දෙවැනි පරීක්ෂණයේ දී ද ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුණු ශිරාන් ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ප්‍රතිකාර සහ නිරෝධායන කටයුතු සඳහා යොමු කළා.

“ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුගේ අවසන් PCR වාර්තාව ඊයේ (26) සාමාන්‍ය වුනා” බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු Rabeed Imam මහතා Cricbuzz වෙත තහවුරු කර තිබෙනවා.

කෙසේ නමුත් ඊයේ (26) පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසිය සඳහා ශිරාන් සහභාගී  නොවුණු අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 28 වැනිදා ඩකා හිදී පැවැත්වෙනවා. තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම බංග්ලාදේශය තරගාවලිය ජයග්‍රහණය කර අවසන්. 

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<