නායකත්වය සමඟින් රෂිඩ් ඛාන් වාර්තා පොත් අතරට

133
©zee news

බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුනා. තරගයේ විශේෂම සිදුවීම වුනේ ඇෆ්ගනිස්ථාන නායක රෂිඩ් ඛාන් නායකයෙකු ලෙස සිය මංගල තරගයට ක්‍රීඩා කිරීමයි. ඒ සමඟම ලොව ළාබාලතම ටෙස්ට් නායකයා ලෙස ඔහු ඉතිහාසගත වුනා.

ඇෆ්ගනිස්ථානය පෙරළිකාර දස්කම් දක්වද්දී ඉන්දියාවත් දස්කම් අතරට

8 වැනි වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු ……..

2017 වසරේ දී ටෙස්ට් තත්වය ලබා ගත් ඇෆ්ගනිස්ථාන සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2018 වසරේ ඉන්දියාවත් සමඟයි. එම තරගයේ දී ඔවුන් දින දෙකක් තුළ පරාජයට පත් වුනත් සිය දෙවන තරගයේ දී ඔවුන් අයර්ලන්තය කඩුලු හතකින් පරාජය කළා.

නිමා වූ ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථානය සහභාගී වූ සියලුම තරග පරාජය වූ අතර පෙරළිකාර සිදුවීම් රැසකට පසුව ලෝක කුසලානයට පසුව පා දඟපන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් ඇෆ්ගනිස්ථානයේ ආකෘති තුනේම ක්‍රිකට් නායකත්වයට පත් කරන්නට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කරන ලදි.

ඒ අනුව රෂිඩ් ඛාන් සිය පළමු ටෙස්ට් තරගය මෙහෙයවන විට වයස අවුරුදු 20 දින 350ක්. සිම්බාබ්වේ ක්‍රීඩක Tatenda Taibu මීට පෙර ළාබාලතම ටෙස්ට් නායකයාගේ වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. ඔහු සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස සිය මංගල තරගය ක්‍රීඩා කරද්දී රෂිඩ් ඛාන්ට වඩා දින අටක් වයස වීම නිසා මේ වාර්තාව රෂිඩ් ඛාන්ට හිමි වුනා. Taibu නායකයා ලෙස සිය මංගල තරගය ක්‍රීඩා කළේ 2004 වසරේ හරාරේ හිදී.

“මම ගොඩක් උනන්දුවෙන් ඉන්නේ. මේක මට අලුත් දෙයක්, මම ඉතා ධනාත්මක ලෙස හිතමින් ක්‍රීඩාව රස විඳින්නට උත්සහ කරනවා” රෂිඩ් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබුණා.

ඇෆ්ගන් කණ්ඩායමට පසුගිය මාස දෙක තුන එතරම් සුබ වුනේ නැහැ. 2019 අප්‍රේල් මාසයේ දී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය රහ්මට් ශා ටෙස්ට් නායක ලෙස පත් කළේ අස්ගාර් ඇෆ්ගන් වෙනුවටයි. අස්ගාර් ඇෆ්ගන්, ඇෆ්ගනිස්ථානය මුහුණ දුන් පළමු ටෙස්ට් තරග දෙකේ නායකයා ලෙස කටයුතු කළා.

කෙසේ වෙතත් රෂිඩ් ඛාන් නායකයා ලෙස ආගමනය නිසා රහ්මත් ශා එකදු තරගයක හෝ නායකත්වය දැරීමට පෙර නායකත්වයෙන් ඉවත් වීම විශේෂත්වයක්.

ඇෆ්ගනිස්ථානය දැන් මුහුණ දෙන්නේ ඔවුන් සිය මව්බිමේ දී ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරග 10න් තරග පහක්ම ජය ගත් බංගලාදේශයට එරෙහිවයි. එම ජයග්‍රහණ අතරට ඕස්ට්‍රේලියාව හා එංගලන්තයට එරෙහිවත් වාර්තා වූ ජයග්‍රහණ ඇතුළත්.

ක්‍රිකට් පිටිය අතික්‍රමණය කළ ‘සූලු’ වීරයා

එවර ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂීම …

ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර පුහුණුකරු ලෙස ඇන්ඩි මෝල්ස් මහතා කටයුතු කරන අතර මෙම තරගාවලිය බංගලාදේශයේ නව පුහුණුකරු රසල් ඩොමින්ගෝ බංගලාදේශ පුහුණුකරු ලෙස සහභාගී වන පළමු පුහුණු තරගයයි.

ඇෆ්ගනිස්ථානය එළඹෙන සැප්තැම්බර් 13 වැනිදා සිට සිම්බාබ්වේ හා සත්කාරක බංගලාදේශය සමඟ තුන්කොන් විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<