ශ්‍රී ලංකාවේ බර උසුලන්නන්ට නව අභියෝගයක්

265
sri lankan weightlifting

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර එසවීමේ  කණ්ඩායම් තුනක් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වීමට නියමිත අතර එය මේ මස 9 වැනිදා සිට 14 වැනිදා දක්වා   Samoa හිදී පැවැත්වීමට නියමිතයි.

2020 දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තේරීම් මෙම තරගය තුළින් සිදු කරනු    ඇත. මෑත කාලයේ දී බර එසවීමේ ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක් වන අතර රට වෙනුවෙන් පදක්කම් කිහිපයක් ද දිනා දීමට සමත් විය.

2014 පැවති Glasgow පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී සුදේශ් පීරිස් පදක්කමක් දිනා ගත් අතර Gold Coast හිදී පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ශ්‍රී ලංකා බර එසවීමේ ක්‍රීඩකයන් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්වූ අතර එහි දී වාර්තා වූ එකම රිදී පදක්කමට හිමිකම් කීමට ඉන්දික දිසානායක ක්‍රීඩකයා සමත් විය.

අහම්බෙන් මුණගැසුණු මලල ක්‍රීඩාවෙන් ලෝකයට ගිය සුනිල් ගුණවර්ධන

පුංචි කාලේ නොහික්මුණ, දඟකාරයන් කොපමණ නම් ඇත්ද? ඔවුන්ගේ දඟකාරකම් ගෙදරට…

ශ්‍රී ලංකාව තුල මෙන්ම ජාත්‍යන්තරයේ ද නමක් දිනා ගෙන ඇති චින්තන ගීතාල් විසින් 2006 පැවති මෙල්බන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී කිලෝග්‍රෑම් 62 බරපන්තිය යටතේ රන් පදක්කමක් දිනා ගන්නට සමත් විය.

එපමණක් නොව 2010 පැවති දිල්ලි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ රිදී පදක්කමක් දිනා ගැනීමට ද ඔහු සමත් විය. මෙවර Samoa හිදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට මහත් රුකුලක් වනු ඇත.

වේදනාවට අධිෂ්ඨානය එක්කළ ලහිරු කුරේ

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව ලොවම දැනගත් එක් අවස්ථාවක් ලෙස 1964 ටෝකියෝ ඔලිම්පික්…

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බර එසවීමේ කණ්ඩායම් තුන අතරින් එකක් වන ජ්‍යේෂ්ඨ කණ්ඩායමට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් තුන් දෙනෙකු ඇතුළත් අතර ඉන්දික දිසානායක එහි නායකත්වය හොබවයි. අනිත් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී පදක්කම් දිනා ගැනීමට සමත්වූ චින්තන ගිතාල් හා පලඟසිංහ යන  ක්‍රීඩකයන්ය. බර එසවීමේ ජ්‍යේෂ්ඨ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ආර්. බී. වික්‍රමසිංහ මහතා සහභාගි වන අතර සහය පුහුණුකරු ලෙස ජී. සී. එන්. ගමගේ මහතා සහභාගි වෙයි.

මැරතන් ඉසව්වේ ප්‍රථම ස්ථානය ධම්මික හා නිසංසලාට

45 වන වරට පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර අනුරාධපුරයේදී ආරම්භ වූ අතර මැරතන්…

ශ්‍රී ලංකා බර එසවීමේ ජ්‍යේෂ්ඨ කණ්ඩායම

චින්තන ගීතාල් විතානගේ (81kg), ඉන්දික දිසානායක – නායක (73kg), තිලංග පලඟසිංහ  (61kg), දිනුද අබේසේකර (45kg), හංසලි ගෝමස් (49kg), චමරි වර්ණකුලසූරිය (55kg), ආර්. බී. වික්‍රමසිංහ (ප්‍රධාන පුහුණුකරු), ජී. සී. එන්. ගමගේ (සහය පුහුණුකරු), ටී. යූ. එම්. බී. ජයතිලක (Masseur).

ශ්‍රී ලංකා බර එසවීමේ කනිෂ්ඨ කණ්ඩායම

ආර්. ඩී .ජී. අබේනායක (55kg), සී. වී. ගම්ලත් (55kg), යූ. ආර්. ගුණතිලක (45kg), එම්. එස්. සමරකෝන් (45kg), වී. අර්ශිකා (64kg), බී. ජේ. හපුතැන්න (77kg වැඩි), ආර්. ඩී. වන්සපුර (ප්‍රධාන පුහුණුකරු), ඉන්ද්‍ර කුමාර සහ සී. ආර්. කුමාර (සහය පුහුණුකරු)

ශ්‍රී ලංකා බර එසවීමේ යොවුන් කණ්ඩායම

එස්. ඩී. සෝමතිලක (49kg), ඒ. එස්. ලියනගෙදර (49kg), එස්. ඩී. ජයවර්ධන (55kg), ඩී. ඩබ්. ශ්‍රීමාල්  (89kg), වී. පී. කුමාර (කළමනාකරු), ඩී. එන්. රන්ජන් (ප්‍රධාන)