දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයේ හදිසි වෙනසක්

417
sacricketmag.com.

දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණියේ ප්‍රබලතම සාමාජිකයෙකු වන වර්නන් ෆිලැන්ඩර්ගේ දකුණු මහපට ඇඟිල්ලේ සිදු වූ අස්ථි භග්නයක් නිසාවෙන් එළඹෙන බදාදා පාකිස්තානයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබෙනවා. ෆිලැන්ඩර්ගේ අඩුව පිරවීම සඳහා නවක වේගපන්දු යවන ක්‍රීඩක ඩේන් පැටර්සන් සංචිතයට කැඳවා ඇත.

“ටෙස්ට් තරගයට පෙර මම සංගක්කාරට ඇමතුමක් ගත්තා” – මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ක්‍රිකට් තරගය ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් කළ කුසල් මෙන්ඩිස් හා එක්වූ ඇන්ජලෝ මැතිව්ස්…

දකුණු අප්‍රිකානු තේරීම් කමිටු සාමාජික ලින්ඩා සොන්ඩි මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර දී මෙම තේරීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ තේරීම් කමිටුව වශයෙන් ඔවුන් සියලු දෙනාම පැටර්සන් කෙරෙහි විශ්වාසය තැබීමට මූලික හේතුව වන්නේ පන්දු යවන්නෙකු ලෙස පළමු පෙළ තරගවල දී ඔහු පෙන්වා ඇති දක්ෂතා ඉතා ප්‍රශංසනීය මට්ටමක පැවතීම නිසා බවය.

පළමු පෙළ තරග 94කට සහභාගි වෙමින් කඩුලු 321ක් බිඳ හෙළමින් තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීම නිසාවෙන් තේරීම් කමිටුවේ අවධානය තමා වෙත දිනා ගැනීමට පැටර්සන් සමත් විය.

වැඩිදුරටත් තම අදහස් දැක්වූ සොන්ඩි මහතා “අපි පැටර්සන්ගේ දක්ෂතා පිළිබඳ දීර්ඝ කාලයක සිට අධ්‍යයනය කරා. ඔහු සතු පළමු පෙළ තරග අත්දැකීම් සහ එම තරගවල දී පන්දු යවන්නෙකු වශයෙන් ඔහු ලබා ඇති සාර්ථකත්වය ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා. එම නිසා පාකිස්තානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා අපගේ පූර්ණ සහය නොපැකිළිව ඔහුට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි මාධ්‍යය වෙත ප්‍රකාශ‍ කළේය.

ශතක ඉනිම් සමඟින් දිනෙත්, ආනන්ද් පිටිය වර්ණවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරග අතුරින් දක්ෂතා දැක්වීමට රාගම ක්‍රිකට් සමාජයේ දිනෙත් තිමෝද්‍ය සහ බදුරලිය…

කෙසේවුවද මෑත කාලයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් නව පන්දුවෙන් කඩුලු රැසක් දවා ගනිමින් කගිසෝ රබාඩා හට අනෙක් අන්තයෙන් අනගි සහයක් ලබා දුන් දකුණත් වේගපන්දු යවන ලුන්ගි නිගිඩි ද දණහිසේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර ඔහු වෙනුවට ඩුවෙනේ ඔලිවර් සංචිතයට කැඳවීමට තේරීම් කමිටු බලධාරීන්  පියවර ගෙන ඇත.

එම තේරීමත් සමඟම කගිසෝ රබාඩා සහ ඩේල් ස්ටේන් හා එක්වෙමින් පන්දු යැවීමේ වගකීම ඩුවෙනේ ඔලිවර් හට බෙදා ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බැවින් පැටර්සන්ට සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම සඳහා තවත් තරග කිහිපයක් ඉවසිලිමත්ව බලා සිටීමට සිදු වනු ඇතැයි ක්‍රීඩා විචාරයන් විශ්වාස කරති.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය

ෆෆ් ඩූ ප්ලෙසිස් (නායක), කුවින්ටන් ඩි කොක්, හෂීම් අම්ලා, තෙම්බා බවුමා, ඩීන් එල්ගාර්, කේශාව් මහරාජ්, කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන්, ඩේන් පැටර්සන්, ඩුවෙනේ ඔලිවර්, එයිඩ්න් මාක්‍රම්, සුබායර් හම්සා, තෙවුනිස් ඩී බ්‍රයින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<