පළමු පෙළ වාර්තා වී ඇති ද්විත්ව ශතක

927

පසුගිය මාසයේ දී මෙරට ප්‍රමුඛතම පළාත් තරගාවලිය අවසන් වූයේ ගාල්ල ක්‍රිකට් කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින්. එම තරගාවලිය අතරතුර රොෂේන් සිල්වා විශිෂ්ට ද්විත්ව ශතකයක් රැස්කිරීමට සමත් වූ අතර මෙවර ලිපිය ගෙන එන්නේ පළමු පෙළ තරග තුල ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ද්විත්ව ශතක පිළිබඳව යි.

සදීරගෙන් වර්ණවත් ශතකයක්; වැන්ඩර්සේ සාර්ථක කඩුලු දඩයමක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ……

80 දශකයේ මුල් භාගයේ දී මෙරට දේශීය ක්‍රිකට් පිටියේ තොරතුරු නිසි අයුරින් ලේඛන ගත නොවීමේ අඩුපාඩුව නිසා එම කාල සමයේ වාර්තා හැරුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් පළමු පෙළ තරග තුළ ද්විත්ව ශතක 153ක් රැස්කර තිබේ. ඒ අතරට ත්‍රිත්ව ශතක 8ක් ද ඇතුලත්ව ඇත.

ශ්‍රී ලංකා පිතිකරුවෙකු විසින් පළමු පෙළ තරගයක රැස්කර ඇති ඉහළම පෞද්ගලික ඉනිම් 15 පහත දක්වා ඇත.

මේ අතරින් මහේල ජයවර්ධන විසින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව 2006 වසරේ දී රැස්කළ ලකුණු 374 දකුණත් පිතිකරුවෙකුගේ පිත්තෙන් වාර්තා වූ ඉහළතම ටෙස්ට් ඉනිම යි.

දේශීය පළමු පෙළ තරගාවලි සැලකීමේ දී කිත්රුවන් විතානගේ විසින් රැස්කළ ලකුණු 351 දේශීය වාර්තාවකි. එය සටහන් වූයේ 2014/15 පළමු පෙළ තරග සමය අතරතුර යි.

නොදැවුණු ඉනිම් සැලකීමේ දී 2012/13 පළමු පෙළ තරග සමයේ SSC කණ්ඩායම වෙනුවෙන් ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 340ක් රැස්කළ තිලිණ කන්ඩම්බි පළමු ස්ථානයේ රැඳී සිටියි.

සියලුම ද්විත්ව ශතක පහත අයුරින් වර්ගීකරණය කළ හැක.

350 – 399 දක්වා – අවස්ථා 2ක්
300 – 349 දක්වා – අවස්ථා 6ක්
250 – 299 දක්වා – අවස්ථා 15ක්
200 – 249 දක්වා – අවස්ථා 130ක්


මේ ද්විත්ව ශතක සම්බන්ධ විශේෂ වාර්තා සහ තොරතුරු

විදෙස් රටක දී රැස්කර ඇති ඉහළතම පළමු පෙළ පෞද්ගලික ඉනිම – 319 – කුමාර් සංගක්කාර විසින් බංගලාදේශයට එරෙහිව 2014 වසරේ චිතගොං හි දී.

විදෙස් රටක දී රැස්කර ඇති ඉහළතම පළමු පෙළ (ටෙස්ට් නොවන) පෞද්ගලික ඉනිම – 255 – අරවින්ද ද සිල්වා විසින් (කෙන්ට්) ඩර්බිශයර් ප්‍රාන්තයට එරෙහිව 1995 වසරේ මේඩ්ස්ටන් හි දී.

එකම පළමු පෙළ තරගයක ඉනිම් දෙකේ දී ම ද්විත්ව ශතකයට අමතරව ශතකයක් රැස්කළ පිතිකරුවන් ඇත්තේ තිදෙනෙක් පමණයි. ඒ;

අරවින්ද ද සිල්වා – 255 සහ 116, ඩර්බිශයර් ප්‍රාන්තයට එරෙහිව – 1995
චමින්ද මෙන්ඩිස් – 111 සහ 200 නොදැවී, සිංහ ක්‍රීඩා සමාජය ට එරෙහිව – 1995/96
කුමාර් සංගක්කාර – 319 සහ 105, බංගලාදේශයට එරෙහිව – 2013/14
ඉනිම් දෙකක දී පිට පිට ද්විත්ව ශතක රැස්කළ ක්‍රීඩකයින්

සනත් ජයසූරිය – 207 නොදැවී (පකිස්තානු B එරෙහිව, කරච්චි හි දී) සහ 203 නොදැවී (පකිස්තානු B එරෙහිව , ලාහෝර් හි දී) – 1988/89
මයිකල් වැන්ඩොට් – 225 (සිංහ ක්‍රීඩා සමාජයට එරෙහිව) සහ 226 (පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව) – 1998/99
කුමාර් සංගක්කාර – 200 නොදැවී සහ 222 නොදැවී බංගලාදේශයට එරෙහිව – 2007
වැඩිම ද්විත්ව ශතක ගණනක් රැස්කර ඇත්තේ – කුමාර් සංගක්කාර (13)

ද්විත්ව ශතකයක් රැස්කළ ළාබාලතමයා – මයිකල් වැන්ඩොට් – අවුරුදු 19යි දින 150යි – 226 (පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව – 1998/99)

කොදෙව් සංචාරයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය නිකුත් වේ

ලබන මස 6 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා …

එක් එක් රටවල්වල දී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් රැස්කර ඇති ඉහළතම පෞද්ගලික ඉනිම්

ශ්‍රී ලංකාව – මහේල ජයවර්ධන 374 (ටෙස්ට්)
බංගලාදේශය – කුමාර් සංගක්කාර 319 (ටෙස්ට්)
ඉන්දියාව – මහේල ජයවර්ධන 275 (ටෙස්ට්)
සිම්බාබ්වේ – කුමාර් සංගක්කාර 270 (ටෙස්ට්)
නවසීලන්තය – අරවින්ද ද සිල්වා 267 (ටෙස්ට්)
එංගලන්තය – අරවින්ද ද සිල්වා 255
පකිස්තානය – සනත් ජයසූරිය 253 (ටෙස්ට්)
එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කුමාර් සංගක්කාර 211 (ටෙස්ට්)
ස්කොට්ලන්තය – ලැඩි අවුට්ශෝර්න් 200 නොදැවී

ඊට අමතරව පහත රටවල් තුළ තවමත් ශ්‍රී ලංකා පිතිකරුවෙකු විසින් ද්විත්ව ශතක රැස්කර නැත.

ඕස්ට්‍රේලියාව – කුමාර් සංගක්කාර 192 (ටෙස්ට්)
දකුණු අප්‍රිකාව – උපුල් තරංග 169
බටහිර ඉන්දීය කොදෙව් දූපත් – මහේල ජයවර්ධන 136 (ටෙස්ට්)

ප.ලි. -ද්විත්ව ශතක ලැයිස්තුවේ ගිහාන් මෙන්ඩිස් විසින් රැස්කර ඇති ද්විත්ව ශතක තුනම මෙහි දී නොසලකා හැර ඇත. ඊට හේතුව ඔහු ශ්‍රී ලාංකිකයෙකු වූවද බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී පසුව එංගලන්ත ප්‍රාන්ත සඳහා වෘත්තීමය වශයෙන් ක්‍රීඩා කිරීම යි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<