දකුණු අප්‍රිකානු ක්‍රිකට් අර්බුදය නැවතත්

550

හිටපු ප්‍රධාන විධායක නිලධාරියා නැවත පැමිණීමට උත්සාහ කිරීමත් සමඟ දකුණු අප්‍රිකානු ක්‍රිකට් භේදය තීව්‍ර වී තිබේ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිටියේ බල අරගලය කලක සිට ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රබල අවධානයක් දිනාගෙන තිබුණු අතර එම තත්ත්වය පසුගිය දා තවත් උත්සන්න වූයේ තමා නැවත දකුණු අප්‍රිකානු ක්‍රිකට් භාරව සිටින බව තබාං මොරෝ පැවසීමත් සමඟිනි. නමුත් ඔහුගේ ක්‍රිකට් මණ්ඩලය එයට සිකුරාදා ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ ප්‍රධාන විධායක මොරෝගේ බලතල තවමත් අත්හිටුවා ඇති බවයි.

“මට ලකුණු ලබාගන්න ලොකු ලෝබකමක් තිබුණා” – මාවන් අතපත්තු

මොරෝ බ්‍රහස්පතින්දා නැවත සේවයට පැමිණීමට උත්සාහ කරමින් පවසා සිටියේ සම්පූර්ණ වැටුප ද සමඟින් මාස හයක කාලයක් ඔහුට පනවා තිබූ තහනම දැන් කල් ඉකුත් වී ඇති බවයි. COVID-19 නිසා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ (CSA) කාර්යාල වසා දමා තිබීම නිසා එහි සේවකයන් නිවසේ සිට රාජකාරි ඉටු කළේය. මෝරෝ පවසා සිටියේ ඔහුගේ තහනම මීට පෙර අවසන් වීමට තිබූ නමුත් ක්‍රිකට් ආයතනයේ රාජකාරි ගැටලු නිසා ඔහුට නැවත පැමිණීමට බාධා ඇති වූ බවයි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිකුරාදා නිකුත් කළේය. ඔවුන් පවසා සිටියේ විෂමාචාර චෝදනා පිළිබඳ පැවැත්වෙන අධිකරණ පරීක්ෂණය අවසන් වන තුරු මෝරෝගේ අත්හිටුවීම බලාත්මකව පවතින බවයි. ජුනි මාසය අවසන් වන විට එම පරීක්ෂණය සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි සහ නිශ්චිතභාවයක් ලබා දෙන බවට එම ආයතනය බලාපොරොත්තු වන බව ද එහි සඳහන් විය.

මොරෝගේ සේවය අත්හිටුවා ඇති කාලය තුල වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ලෙස ජැක් ෆෝල් කටයුතු කළේය. එයට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ විශාල වෙනස්කම් සිදු වී ඇති අතර හිටපු ටෙස්ට් නායක ග්‍රැහැම් ස්මිත් ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙසත්, හිටපු ටෙස්ට් කඩුලු රකින්නා වන මාක් බවුචර් ප්‍රධාන පුහුණුකරු ලෙසත් පත් කර තිබේ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස හෝ විකල්පයක් ලෙස සභාපති ක්‍රිස් නෙන්සානි සහ උප සභාපති බෙරෙස්ෆර්ඩ් විලියම්ස්ට ඉවත්ව යන ලෙස ක්‍රිකට් අනුග්‍රාහකයින් සහ හිටපු පරිපාලකයින් දැඩි ලෙස බලපෑම් කර තිබේ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවෙන් අවසර දී ඇති උපරිම තෙවසරක සේවා කාලය නොතකා නෙන්සානිට පසුගිය සැප්තැම්බරයේ අතිරේක වසරක් හිමි විය. පරිපාලනයේ විප්ලවීය වෙනසක් අධීක්ෂණය කිරීම සඳහා මෙම දිගුව ක්‍රියාත්මක කළ අතර ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මොරෝට පුළුල් පරාසයක බලතල ලබා දී තිබුණි. විශේෂයෙන් ජාතික කණ්ඩායම මෙහෙයවීමේ දී ඔහුගේ බලතල කැපී පෙනෙන ලෙස දැකිය හැකි විය.

පිටිය මැද අප්‍රකට කඩිසරයා – චාමර සිල්වා

මොරෝ යටතේ රටේ වෘත්තීය ක්‍රීඩකයින් නියෝජනය කරන දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමඟ පැවති සබඳතා බිඳ වැටුණි. දෙසැම්බර් මාසයේ දී මාධ්‍යවේදීන් පස් දෙනෙකුගේ ප්‍රතීතනය (Accreditation) ඉල්ලා අස්කර ගැනීමෙන් ටික කලකට පසු මොරෝගේ සේවය අත්හිටුවීමට තීරණය කළේය. එය ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රධාන ප්‍රවෘත්තියක් වූයේ ඒ සමඟින් සෙසු නිලධාරීන් සිව්දෙනෙකු ද ඉල්ලා අස්වීම නිසාවෙනි. එය දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා මහඟු අවස්ථාවක් බව ක්‍රිකට් පරිපාලකයින් පැවසීය. 

මොරෝට එරෙහි විෂමාචාර චෝදනා අහෝසි නොවූ නමුත් ඉල්ලා අස්වූ මණ්ඩලයේ සාමාජිකයෙකු වන මූල්‍ය කමිටුවේ සභාපතිවරයා පුළුල් ලෙස ක්‍රෙඩිට් කාඩ් අපයෝජනය කර ඇති බවට චෝදනා එල්ල විය.

මෝරෝගේ ඉවත් වීමත් සමඟින් වැඩබලන නිලධාරියා ලෙස ෆෝල්ව පත් කරන ලද අතර ඔහු  මොරෝ විසින් සැලසුම් කරන ලද ජාතික කණ්ඩායම වහාම වෙනස් කළේය.

ග්‍රැහැම් ස්මිත් 2022 මාර්තු අවසානය දක්වාත්, බවුචර් 2023 ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වන තෙක් ගිවිසුම් ගත වී ඇති අතර දැඩි කතාබහට ලක්වූ ක්‍රිකට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් ඇත.

ලොව වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා නොඑන ගමන් යයි

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමඟ සබඳතා අලුත්වැඩියා කිරීමට ෆෝල් සමත් වී ඇති අතර එම සංගමය ද ක්‍රිකට් ආයතනය විසින් මෝරෝගේ ගැටලුව අවසන් නොකිරීම පිළිබඳව අප්‍රසාදය පලකළේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට මණ්ඩල මට්ටමින් කැමැත්තක් නොමැති බව එම සංගමය පවසා ඇත. 

මොරෝ මෙම අත්හිටවූ කාලය තුල පූර්ණ වැටුප ද ලබා ගත් අතර එය මසකට ඩොලර් 20,000 (යුරෝ 17,670) ඉක්මවන වැටුපක් ලෙස වාර්තා විය. එය දකුණු අප්‍රිකාවේ විධායක වැටුපෙහි ඉහළම අගයක් ගනී.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<